BREAKING
Top Ad
Life

සංජිව පුෂ්පකුමාරගේ මාළුවෝ ඉගිළෙති - (ජයසිරි අලවත්ත)

T

The Leader

February 6, 2023 • 5:47 AM

සංජිව පුෂ්පකුමාරගේ මාළුවෝ ඉගිළෙති - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලක් තහනමට ද ලක්ව තිබූ, එමෙන් ම මහත් ආන්දෝලනයකට තුඩු දුන්, ජත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish සිනමාපටයේ Director’s Cut පිටපත පෙබරවාරි 03වැනිදා සිට කොළඹ PVR සිනමා සංකීර්ණයේ දී ප්‍රදර්ශනය කිරීම ආරම්භවී තිබේ.
  • මීට පෙර චිත්‍රපටයේ වැඩ අවසන් නොකළ පිටපතක් (Rough Cut) නීති විරෝධි ලෙස සමාජගතවු අතර පෙබරවාරි 03 වැනිදා සිට කොළඹ PVR සිනමාශාලාවේ දී සැබෑ ඉගිල්ලෙන මාළුවෝ සිනමාපටය Director’s Cut ලෙසින් නැරඹීමට මෙරට නියම සිනමා රසිකයින්ට අවස්ථාව දැන් උදාවී තිබේ.
  • ආසියානු සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති එකම නිර්දේශය ද ඉගිල්ලෙන මාළුවෝ වීම විශේෂත්වයකි.
  •   ප්‍රකට බ්‍රිතාන්‍යය සිනමා විචාරක ටෝනි රෙයන්ස් ඉගිල්ලෙන මාළුවෝ පිළිබඳ සිය විචාරයේදි සඳහන් කර තිබුණේ ඉතාම අයස්කාන්ත ජනක සිනමා කෘතියක් ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

IMG 20230205 WA0004

අතිශය ජාත්‍යන්තර ප්‍රණාමයට ලක්වූ ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish සිනමාපටය මෙරට ප්‍රදර්ශනය කරන්නේ වසර දොළහකට පසුව වීම සුවිශේෂි සිදුවීමකි. මීට පෙර චිත්‍රපටයේ වැඩ අවසන් නොකළ පිටපතක් (Rough Cut) නීති විරෝධි ලෙස සමාජගතවු අතර පෙබරවාරි 03 වැනිදා සිට කොළඹ PVR සිනමාශාලාවේ දී සැබෑ ඉගිල්ලෙන මාළුවෝ සිනමාපටය Director’s Cut ලෙසින් නැරඹීමට මෙරට නියම සිනමා රසිකයින්ට අවස්ථාව දැන් උදාවී තිබේ. ඉගිල්ලෙන මාළුවෝ වැඩිහිටියන්ට පමණක් සීමාවු චිත්‍රපටයකි.

 

IMG 20230205 WA0005

 

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් සිනමා උළෙලෙ දී නව කලාපීය අංශයේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය, බැංගලෝර සිනමා උළෙලේ හොඳම ආසියානු සිනමා කෘතිය ඇතුළු ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා ගැනීමට ඉගිල්ලෙන මාළුවෝ සමත්වූ අතර හොංකොංහී වාර්ෂීකව පැවැත්තෙන ආසියානු සිනමා උළෙ‌ලේ හොඳම කැමරාකරණය සඳහා ද ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය නිර්දේශ විය. ආසියානු සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති එකම නිර්දේශය ද ඉගිල්ලෙන මාළුවෝ වීම විශේෂත්වයකි.

 

ප්‍රකට බ්‍රිතාන්‍යය සිනමා විචාරක ටෝනි රෙයන්ස් ඉගිල්ලෙන මාළුවෝ පිළිබඳ සිය විචාරයේදි සඳහන් කර තිබුණේ ඉතාම අයස්කාන්ත ජනක සිනමා කෘතියක් ලෙසිනි. තවදුරටත් ඔහු සඳහන් කළේ ඇතැම් විට ශ්‍රී ලංකාවේ ප්‍රථම නූතනවාදී සිනමා කෘතිය ඉගිල්ලෙන මාළුවෝ වියහැකි බවයි.

 

IMG 20230205 WA0006

ඉගිල්ලෙන මාළුවෝ සංජීව පුෂ්පකුමාර සහ මනෝහන් නානයක්කාර හවුල් නිෂ්පාදනයක් වක අතර තිර රචනය කරන ලද්දේ සංජීව පුෂ්පකුමාර සහ චින්තන ධර්මදාස විසිනි.

 



ඉගිල්ලෙන මාළුවෝ සිනමා නිර්මාණය සඳහා: කෞෂල්‍යා ප්‍රනාන්දු, සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා, මයුර කාංචන, වසන්ති රංවල, නිලංක දහනායක, සංජීව දිසානායක, සුමති සිවමෝහන්, සිත්ති මාරියම් ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

මෙම සිනමා නිර්මාණයේ කැමරාකරණය විශ්වජිත් කරුණාරත්න, සංස්කරණය අජිත් රාමණායක, සංගීතය තරිදු ප්‍රියංකර ද සිල්වා, කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, නිෂ්පාදන කළමණාකරණය දීපාල් ගුණරත්න සහ හැරල් කරුණාතිල, සහාය අධ්‍යක්ෂණය, අරුණ තිලකරත්න විසින්  සිදුකරනු ලැබ ඇත.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


සබැඳි ලිපි :
ඉගිල්ලෙන මාළුවෝ අතර හුදෙකලාව - (සුමිත් චාමින්ද)


 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...