BREAKING
Top Ad
Life

සන්නා ගේ ‘තංගමලේ ඩයරීස්’ මුහුරත් උළෙල දී එකඟත්වයක් !

T

The Leader

February 16, 2023 • 11:00 AM

සන්නා ගේ ‘තංගමලේ ඩයරීස්’ මුහුරත් උළෙල දී එකඟත්වයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිනය 2023 පෙබරවාරි 14 වන දා ය.
  • ලෝකයේ ලස්සන ම දුම්රිය ගමාන්තයක ඉතිහාසයත් අඳුරු වර්තමානයත් ගමනාරම්භයට පෙර පැහැදිලි කෙරිණ.
  • පුරුදු නියතයක් ලෙස එදා හිරු පායා එමින් තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):



පුරුදු නියතයක් ලෙස එදා හිරු පායා එමින් තිබිණ. කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කළාපයේ දියවන්නාව ආශ්‍රිත පරිශ්‍රයේ ‘තංගමලේ’ නමින් දුම්රිය ස්ථානයක් සැලසුම් සහගතව ප්‍රතිනිර්මාණය විය. එදා උදේ ම ලෝකයේ විවිධ ඉසව්වලින් විවිධ කලාවේදීන් සහ සහෘද පිරිස් පාන්දර යාමයේ සිට තංගමලේට එක් රැස් වෙමින් සිටිය හ. උඩරට දුම්රියේ ගමනාන්තයත් ගමනාරම්භයත් තංගමලේදී සංකේතවත් කෙරිණ. තංගමලේ දුම්රිය ස්ථානාධිපතිවරයාත් ගාඩ්වරයාත් පිරිස පිළිගත්හ. සීතල හැඟුම් පොදි ගුලිවී කිතිකැවෙන පෙම්වතුන්ගේ දිනය දා අන්ධකාර තංගමලේ සුවඳ මල් පිපී තිබිණ.

තංගමලේ නම් රත්තරං කන්ද ය. එදා සූර්ය මහෝදයේ ම ආලෝකය පතිත විය. තංගමලෛයි නම් රත්තරං වැස්ස ය. එදා රන් පිනි බිඳු තංගමලේ තෙත් කළේ ය.

එදාත් ඉරට කලින් අවදි වූ තංගමලේ අම්මාලාගේ කුඩා ගෙවල සහ ලැයිම් කාමර පේලිවල මුරුතැන්ගෙවල් ඉහළින් පුංචි පුංචි දුම් වලා සානු අහසට මුසු විය. තංගමලේට ආවේණික උණුසුම් ආහාර ආගන්තුක පිරිස වෙනුවෙන් සූදානම් විය. වැඩිහිටියන් සමග තංගමලේ යෞවන යෞවනියෝ ඒවා ස්ටේසමට රැගෙන ආහ. ජංගම වෙළෙන්දෝ අතිරික්ත ආහාර දුම්රිය පදිකාවේ අලෙවි කළහ.

නැකතක් නැතිව ම අමුතු අමුත්තෝ පදිකාවේ අසුන් ගත් හ.

තංගමලේ එවලාස්ටින් මල් කරුවෝ සූර්ය මහෝදයේ ම නොළා ගත් ආදර ඕකිඩ් මලක් දී ආදරවන්තයන් පිළිගත්හ. ලෝකයේ ලස්සන ම දුම්රිය ගමාන්තයක ඉතිහාසයත් අඳුරු වර්තමානයත් ගමනාරම්භයට පෙර පැහැදිලි කෙරිණ. තංගමලේ ජීවත් වන විවිධ විචිත්‍ර වර්ණවත් මිනිස්සුන් පිළිබඳව අමුත්තෝ සාකච්ඡා කළ හ.

‘මාස්ටර් සර් ….. සිංදුව තියන කළුදිය දහර ෆිල්ම් එක ශූට් කළේ තංගමලේ.’

‘හර්බට් රංජිත් එක්ටැම් ගේ කළෙත් මෙහෙ .’

‘යසපාලිත තුෂාරා , අංජානා ෆිල්ම් දෙක ම කළෙත් මෙහෙ’.

‘පතී සොල්දාදු උන්නැහේ කළෙත් මෙහෙ’

‘ සන්නා ඉපඳුණේ තංගමලේ වත්තේ ඉස්පිරිතාලේ ‘

උඩරට මැණිකේ වැලිමඩ සානුවට ඉහළින් රිදී පාට නාගයෙකි.

අඳුරු ගුහාවලින් රිංගමින් කඳු පල්ලම් බහින දුම්රියකි.

කෝච්චිය හැමදාම සානු පතුලට හූ කියති.

එදා අමුතු අමුත්තෝ කෝච්චිය තංගමලේට පැමිණි විට අත්පොළසන් තැබූ හ.

මළයාලම් මලකෝළම් සහිත තංගමලේ ය.

අමුත්තෝ ෆිල්ම් එක නිර්මාණය කිරීමට ගිවිසුම් ගත වූ හ.

සීතල මීදුමින් තංගමලේ කිරිහට්ටි සානුව වසා ගන්නා මාර්තුවේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට එකඟ වූ හ.

එළඹි මේ වසර නිමා වන්නට පෙර ‘තංගමලේ ඩයරීස්’ ෆිල්ම් එක ලෝකය පුරා ප්‍රදර්ශනය කිරීමට ආදර සාමූහිකය සැලසුම් කළහ.

‘අපේ ෆිල්ම් එක අපි හදමු.’

එකඟ වූ හ.

උපුල් ශාන්ත සන්නස්ගලගේ ‘තංගමලේ ඩයරීස්’චිත්‍රපටය Two Seventeen නිෂ්පාදනයකි.

මුහුරත් උළෙලේ ඡායාරූප

Nishan Fernando ගේ ය.

 {gallery}Thangamale Diaries{/gallery}

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...