BREAKING
Top Ad
Life

රයිගම් ටෙලීස්' දක්ෂතම රංගන ශිල්පිණි උමාලි රටටම දුන්න පණිවිඩය

T

The Leader

March 27, 2023 • 7:09 AM

රයිගම් ටෙලීස්' දක්ෂතම රංගන ශිල්පිණි උමාලි රටටම දුන්න පණිවිඩය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනක අවසන් වූ 'රයිගම් ටෙලීස්' සම්මාන උළෙලේ දක්ෂතම රංගන ශිල්පිණියන් දෙදෙනෙකු සම්මානයට පාත්‍ර වුනා.
  • ලංකාවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙන්නේ  නැහැ .
  • පීතෘ නරඹපු අයට දැකගන්න පුළුවන් වෙන්න ඇති මේ වගේ මානසික දුර්වලතා ඇති පුද්ගලයන් නිසා සමාජය අඩපන වෙනවා .
  • කෙසේවුවද උමාලි ඒ කළ ප්‍රකාශය ඉතා වැදගත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ උමාලි සහ ඔල්ගා. උමාලි  ඔල්ගගේ අතින් අල්ලාගෙන වේදිකාවට ගොඩ වෙලා වොල්ගට ඉස්සෙල්ලා සම්මානය ලබාගන්න ඉඩ දුන්නා. ඒ ඇයගේ ප්‍රවීනත්වය.

සම්මානය ලබාගැනීමෙන් අනතුරුව සම්මානය ලැබීම සම්බන්ධව කතා කරලා ඇයට අවශ්‍යවුනා තවත් වැදගත් යමක් කියන්න .
ඇය රවින්ගෙන් මයික්‍රෆෝනය ගෙන මෙහෙම කිවුවා.

" සමාවෙන්න මම තව පොඩි වෙලාවක් ගන්නවා ..පීතෘ නාට්‍යයේ අපි ඉදිරිපත් කරන්න උත්සාහ කළේ සයිබර් අවකාශයේ සිදුවන අපරාධ සම්බන්දයෙන්  විශේෂයෙන්ම. සයිබර් අවකාශයේ සිදුවන අපරාධ සම්බන්දයෙන් දැඩි නීතියක් ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඔබ හොඳින් හිතලා බැලුවොතින් හුගක් දෙනෙක්ගේ පුද්ගලිකත්වයට හානිකරවන විදිහට පුද්ගලිකත්වය ආක්‍රමණය කරමින් සයිබර් අවකාශයේ විශාල අපරාධ ගොන්නක් සිදුවෙමින් පවතිනවා. මේක අපිට ගන්න පුළුවන් මානසික හිංසනය යටතේත් ..

ඉන්දියාවේ වසර හතක සිර දඬුවම්  නියම කරනවා මෙවැනි අපරාධකරුවන්ට. ලංකාවේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙන්නේ  නැහැ .

පීතෘ නරඹපු අයට දැකගන්න පුළුවන් වෙන්න ඇති මේ වගේ මානසික දුර්වලතා ඇති පුද්ගලයන් නිසා සමාජය අඩපන වෙනවා . ඉතිං ඒ වගේ දේවල්වලට අපි හැමෝම එකාමෙන් හඬ නගන්න පුලුවන්නම් ඉතා හොඳයි කියලා මම හිතනවා .

මම ඉල්ලීමක් කරනවා, ආයාචනයක් කරනවා, විශේෂයෙන්ම අපි ආදරය කරනවානම් ... ආදරය පිරෙන්නේ ආදරයෙන් විතරයි, ආදරය කරනවානම් එක හිතින් අවංකවම ආදරේ කරන්න ඕනේ. තවත් කෙනෙක්ගේ මානසික නිදහසට කරදර නොකර. නමුත් අදකාලේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ තමන්ව අත්හැරදා  ගියා කියලා ඒ වෙනුවෙන් වෛර බඳින ක්‍රෝධ කරන උදවිය ගැන . අපි  එහෙම නොවෙන සමාජයක්  උදෙසා කටයුතු කරමු කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා "


උමාලි ඒ  දුන් වටිනා පණිවිඩය මේ වනවිට සයිබර් අවකාශයේ බොහෝ අය විවිධ අර්ථ දනවමින්  සිටී .

කෙසේවුවද උමාලි ඒ කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. කාලින ය .


(උපුටා ගැනීම - mirrorarts ෆේස්බුක් පිටුවෙන් ..)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...