BREAKING
Top Ad
Life

මිලී බොබී බ්‍රවුන්, ජේක් බොන්ජියෝවි සමග විවාහ ගිවිසගැනීම නිවේදනය කරයි

T

The Leader

April 14, 2023 • 11:32 PM

 මිලී බොබී බ්‍රවුන්, ජේක් බොන්ජියෝවි සමග විවාහ ගිවිසගැනීම නිවේදනය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • GETTY IMAGES - පසුගිය වසරේ ස්ට්‍රේන්ජර් තින්ග්ස්හි සිව්වන සීසන් එකේ මංගල දර්ශනයේ දී
  • ඇය බොන්ජියෝවි සමග සිටින ඡායාරූපයක් පලකළ 19 හැවිරිදි තාරකාව ටේලර් ස්විෆ්ට්ගේ 'ලවර්' නම් ගීයේ පද පෙළක් ද සටහන් කර තිබුණි.
  • හරිම සතුටු යි ඊඊඊඊඊ," යනුවෙන් සඳහන්කර තිබුණා ය.
  • බොන්ජියෝවි ද ඔහුගේ පිටුවෙහි මෙම පුවත බෙදාගනිමින්, යුවළගේ ඡායාරූප දෙකක් සමග සරලවම "සදාකාලයටම" යනුවෙන් සටහනක් තබා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්ට්‍රේන්ජර් තින්ග්ස් (Stranger Things) කතා මාලාවෙන් ප්‍රසිද්ධියට පැමිණි නිළි මිලී බොබී බ්‍රවුන්, වසර දෙකහමාරක සිට ඇගේ පෙම්වතා වන ජේක් බොන්ජියෝවි සමග විවාහ ගිවිසගැනීම ප්‍රකාශයට පත්කළා ය.

ඇය බොන්ජියෝවි සමග සිටින ඡායාරූපයක් පලකළ 19 හැවිරිදි තාරකාව ටේලර් ස්විෆ්ට්ගේ 'ලවර්' නම් ගීයේ පද පෙළක් ද සටහන් කර තිබුණි. එහි දළ අදහස වූයේ "මම ඔබට ගිම්හානයන් තුනක් පුරා පෙම්කර තිබේ. සොඳුර, මට දැන් සියල්ල ලබාගන්නට අවශ්‍ය ය" යන්න යි. එය එනමින්ම පළවූ ඇගේ හත්වන ස්ටුඩියෝ ඇල්බමයෙන් උපුටාගෙන තිබුණි.

ඇගේ ඇඟිල්ලෙහි විවාහ ගිවිසගැනීමේ මුදුවක් පැළඳ තිබෙණු ඡායාරූපයේ දැක්වෙන අතර, බොබී ඇගේ පෝස්ටුව අවසානයට සුදු පැහැ හාට් ඉමොජියක් ද එක්කර තිබුණි.

විසි හැවිරිදි බොන්ජියෝවි නළුවෙකි. ඔහු ජනාදරය දිනූ ගායක ජෝන් බොන් ජෝවිගේ පුත්‍රයා ද වේ.


MILLI 2023

ගායිකා පික්සී ලොට්, බ්‍රවුන්ගේ පෝස්ටුවෙහි කමෙන්ට් කළ තරු අතර සිටියි. ඇය, "ඕ මයි ගෝඩ්!!! සුබ පැතුම් ඔය දෙන්නට. හරිම සතුටු යි ඊඊඊඊඊ," යනුවෙන් සඳහන්කර තිබුණා ය.

බොන්ජියෝවි ද ඔහුගේ පිටුවෙහි මෙම පුවත බෙදාගනිමින්, යුවළගේ ඡායාරූප දෙකක් සමග සරලවම "සදාකාලයටම" යනුවෙන් සටහනක් තබා තිබුණි.

මෙම නිවේදනය නිකුත්වුණේ, යුවළ විවාහ ගිවිසගෙන ඇතැයි සති කීපයක් තිස්සේ සමාජ මාධ්‍යයන්හි ඉදිරිපත්වූ සැක පළකිරීම්වලින් පසුව ය.


 129329319 gettyimages 1384983915
 GETTY IMAGES - යුවළ, 2022 මාර්තු මාසයේ ලන්ඩනයේ පැවති බැෆ්ටා ෆිල්ම් අවෝඩ්ස්හි දී එක්ව දැකගත හැකිවිය.


 129329316 gettyimages 1243871873
GETTY IMAGES - යුවළ පසුගිය වසරේ ෆ්ලොරිඩාවේ බුවෙනා විස්ටා ලේක්හි පිහිටි වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට්හි දී ස්ටෝම්ට්‍රූපර්වරුන් සමග ඡායාරූපවලට පෙනී සිටියහ


 129329314 gettyimages 1244283707
GETTY IMAGES - සැප්තැම්බර් මාසයේ දී බොන්ජියෝවි බ්‍රවුන්ගේ ඉනෝලා හෝම්ස් 2 චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගීවෙමින්


2021 ජුනි මාසයේ දී බ්‍රවුන් ඇගේ බොන්ජියෝවිගේ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම්හි පළකරමින් ඇගේ ෆලෝවර්ස්ලා වෙත ඔහු හඳුන්වා දුන්නා ය. පසුව, යුවළ විසින් ඔවුන් පෙම්වතුන්බව තහවුරු කෙරිණි.

ජනවාරියේ දී පලකළ තවත් ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවක් මඟින් බ්‍රවුන්, බොන්ජියෝවි ඇගේ "ජීවන සගයා" ලෙස හැඳින්වූ අතර යුවළ එක්ව සිටිනු දැක්වෙන ඡායාරූප මාලාවක් ද පලකළා ය.

මේ ඉංග්‍රීසි නිළිය ජනප්‍රියත්වයට පත්වූයේ නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් වන ස්ට්‍රේන්ජර් තින්ග්ස්හි ළමා තරුවක් ලෙසිනි. එම මාලාවේ පස්වන සීසන් එක ඉදිරියේ දී නිකුත්වීමට නියමිත අතර, එය එහි අවසාන සීසන් එක ද වෙයි.

කෙසේ නමුත්, ස්ට්‍රේන්ජර් තින්ග්ස්හි පූර්විකාවක් ලන්ඩනයේ වෙස්ට් එන්ඩ්හි වේදිකාගත කිරීමට නියමිත වන අතර, නෙට්ෆ්ලික්ස් (Netflix) විසින් එහි සජීවිකරණ රූපවාහිනී කතා මාලාවක් ද නිවේදනයකර ඇත.

මෑතක දී, නව යෞවනයන් නිසි වයසට පත්වීම පිළිබඳව නිපදවෙන 'රොක්බොටම්' නම් චිත්‍රපටය සඳහා බොන්ජියෝවි ඔහු මෙතෙක් ලද දෙවන ප්‍රධාන චරිතය ලැබීය.


(ස්ටීවන් මැකින්ටොෂ් - ප්‍රාසාංගික වාර්තාකරු)
BBC සිංහල සේවය

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...