BREAKING
Top Ad
Life

උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්

T

The Leader

May 3, 2023 • 12:25 AM

උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදයන්ති යූටියුබ් නාලිකාවක තමන්ගේ පෙම්වතා සමග ඇවිත් කතා කරන අතරේ ස‍ංවේදී වෙමින් හැඩුම්බර වෙන වීඩියෝවක් දකින්න ලැබුන.
  • ඒකට එයාට ඇත්ත අයිතියක් තියෙනවා.
  • එයා‍ට විඳින්න සිද්ද වුනු දේවල්වලට එයා තනියම අඩන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):



ගොඩක් කැමරා ඉස්සරහට ඇවිත් අඩන කාන්තාවන් හිටියත් උදයන්තිගෙ මේ දුක්බර වීම හදවතට දැනෙන කාරණයක් වුනා. ඒකට එයාට ඇත්ත අයිතියක් තියෙනවා.

උදයන්තිගේ නිරුවත් වීඩියෝවක් පෝර්න් සයිට්වලට මුදාහැරියේ එවක ඇගේම පෙම්වතෙක් විසින් කියලා ප්‍රසිද්ධ වුනා.

මේ වීඩියෝව කොහෙත්ම පෝර්න් එකක් නෙමෙයි.

කාන්තාවක් නිරුවතින් බත් කෑමේ තියෙන ශෘංගාරය හෝ ‍පෝර්න්මය රසය මොකක්ද කියන එක ගැටලුවක්.

ඒත් උදයන්ති නිළියක් වීම නිසාම ඒක ඇවිලිලා පැතිරිලා ගියා. ඒකෙන් උදයන්තිගේ ජීවිතයට ලොකු බලපෑමක් සිද්ද වුනා.

එතනින් එහාට ලංකාවෙ ගැහැණියකට අත්වෙන ඉරණම උදයන්තිට විතරක් පුද්ගලික වෙන දෙයක් නෙමෙයි.

ගලවාගැනීමේ හමුදාව විදිහට එන පිරිමි රැළකින් ගැහැණියකට ඊලගට බේරෙන්න සිද්ද වෙනවා.

හැම කාරණයකදිම සියල්ලට වඩා කලින් ඇගේ නිරුවත ඉස්සරහට එනවා.

 

ඒත් උදයන්ති හරිම නිර්භීත විදිහට මේ සියල්ලට මුහුන දෙමින් ඉස්සරහට ආවා. එයා‍ට විඳින්න සිද්ද වුනු දේවල්වලට එයා තනියම අඩන්න ඇති. ඒත් එයා අමාරුවෙන් වුනත් හිනාවෙවී හිටියා. උදයන්ති ලංකාවෙ දැකපු ශක්තිවන්තම ගැහැණියක්.

 

නැවත කවදාක හරි විශ්වාසය තැබිය හැකි ආදරයක් මුණගැහෙන තැනදි හදවත උණුව, ඇස් කඳුළුබර වෙන එක ගැහැණු ගතියක්. ඒක කාලයක් එයා තනියම දරාගෙන හිටපු වේදනාවක් වෙන්නැති.

නමුත් උදයන්ති, කිසිම පිරිමියෙක් තමන් රැකබලා ගනීවි හෝ ආරක්ෂා කරාවි යැයි විශ්වාස කරන්න එපා. තමන්ට තනිවම ජීවත් වෙන්න පුළුවන් ආත්ම විශ්වාසය හැමදාටම තියාගන්න.

ආදරය කරන කෙනෙක් ලැබුනොත් ඒක බෝනස් එකක්. නමුත් සියල්ල ඔහුට පවරා දෙන්න එපා.

ගැහැණියක් වීමේ සහ ජීවිතේ අවමන්, අපහරණ සියල්ල මතින් ඇවිද ආ ගැහැණියක් හැටියට ඔයාගෙ ජීවිතේ හයිය දිගටම තියාගන්න.

ආදරය සහ සුබපැතුම්.


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - facultyofsex.com)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...