BREAKING
Top Ad
Life

'මනල්' සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙලේ ලාංකික නියෝජනය ලෙස තේරී පත් වෙයි

T

The Leader

May 10, 2023 • 4:31 AM

'මනල්' සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙලේ ලාංකික නියෝජනය ලෙස තේරී පත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය 70 වැනි සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙලේ ලාංකික නියෝජනය ලෙස තේරී පත් වී තිබේ.
  • ඒ ජූනි 15 වැනිදා සහ ජූනි 17 වැනිදා දිනවල දී ය.
  • ආචාර්ය චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, ජූනි 7 වැනිදා ආරම්භ කෙරෙන සිඩ්නි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී මනල් සිනමාපටය වෘතාන්ත සිනමා අංශය යටතේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. ඒ ජූනි 15 වැනිදා සහ ජූනි 17 වැනිදා දිනවල දී ය.

ආචාර්ය චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි.

 

e08697d0 ac58 11ed 8f65 71bfa0525ce3

 

52 වෙනි රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය වන "ටයිගර් සම්මාන තරගය" (Tiger Award Competition) යටතේ උළෙල නියෝජනය කළ විසාකේස චන්ද්‍රසේකරම්ගේ "මනල්" (Munnel) චිත්‍රපටය එම අංශයේ දෙවෙනි විශිෂ්ටතම නිර්මාණ උදෙසා පිරිනමන විශේෂ ජූරි සම්මානයකින් (Tiger Special Jury Award) ද මෙම වසර මුල දී පිදුම් ලැබීය.

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් 2013 වසරේ දී 'ෆ්‍රැන්ජිපානි' සහ 2018 වසරේ දී 'පාංශු' නමින් සිනමා කෘති දෙකක් නිර්මාණය කළේ ය.

 

සබැඳි පුවත් :

විසාකේසාගේ 'මනල්' සහ මනුවරණගේ 'රහස් කියන කඳු' සම්මාන ඉතිහාසයය අලුත් කරයි

රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...