BREAKING
Top Ad
Life

තිළිණි ප්‍රියමාලි ගැන චිත්‍රපටියක වැඩ ඇරඹෙයි !

T

The Leader

May 24, 2023 • 6:14 AM

තිළිණි ප්‍රියමාලි ගැන චිත්‍රපටියක වැඩ ඇරඹෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ මූල්‍ය වංචා රැජින ලෙස කිරුළු පළන් තිළිණි ප්‍රියමාලිගේ කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා.
  • ඉතිං මේ ගැහැණිය මට ලොකු කුතුහලයක්, උනන්දුවක් ඇති කළා.
  • එයාට එයාගෙ ජීවිතේ ගැන කියන්න තියෙන දේ විශාලයි.
  • ඒ වගේම විශේෂයෙන් මීඩියා සහ අපේ සමාජය විසින් සියල්ල ‘වල්කතා’ බවට පරිවර්තනය කරමින් මිනිස්සුන්ගෙ ජීවිත වලට කරන අශිෂ්ට බලපෑමත් තිළිණිගෙ කතාව ඇතුලෙ තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ චින්තන ධර්මදාසයි.

ඒ ගැන තිළිණි සමග සාකච්ඡාවකට පැමිණි මොහොතකදී චින්තනගෙන් ප්‍රශ්න කීපයක් විමසන්න 'ලීඩර්' අපිට පුළුවන් වුනා.

ඔයා ඇයි තිළිණි ගැන චිත්‍රපටියක් හදන්න හිතුවෙ?

චින්තන :
තිළිණි ප්‍රියමාලි ගැන කතාව මීඩියාවල දැකපු දවස්වලම මට හිතුනා එයාගෙ කතාව හරිම පවර්ෆුල් කියල. විශේෂයෙන් ගැහැණියක් විදිහට ලංකාව වගේ රටක හොඳ හෝ නරක මේ වගේ තැනකට එන්න අසීමිත ආත්ම ධෛර්යයක් තියෙන්න ඕන. ඒ වගේම මිනිස්සු ළග හංගගෙන ඉන්න ලක්ෂ ගනං සල්ලි එලියට අදින්න පුළුවන් අනුරාගී බලයකුත් එයාට තිබිලා තියෙනවා. තව පැත්තකින් එයා ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහගෙ දුවෙක් කියලත් කියනවා. ඉතිං මේ ගැහැණිය මට ලොකු කුතුහලයක්, උනන්දුවක් ඇති කළා. එයා ගැන චිත්‍රපටියක් කරන්න තිබුන නං කියල මං හිතුවා. කොහොම හරි ඒකට අවස්ථාව ඇවිත් තියෙනවා.

ඇය කරපු මූල්‍ය වංචා ගැන ඔබට ප්‍රශ්නයක් නැද්ද?

චින්තන :
තිළිණි වංචා කළාද නැද්ද කියන එක තීරණය කිරීම අධිකරණයට භාරයි. මට වැදගත් වෙන්නෙ තිළිණි කියන ගැහැණිය ගැන කතාවයි. ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්. ජීවිතේ පහළම තැන ඉඳන් ආපු ගැහැණියක්. එයාට එයාගෙ ජීවිතේ ගැන කියන්න තියෙන දේ විශාලයි. මං හිතන්නෙ මාධ්‍යවලින් අපිට පෙන්නුවෙ තිළිණිගෙ ඒ අයට තලු මරන්න අවශ්‍ය කොටස් විතරයි. මං තිළිණි හරිද වැරදිද කියල තීරණය කරන්න යන්නෙ නෑ. මට වැදගත් වෙන්නෙ එයා ගැහැණියක් විදිහට මේ රටේ ආපු ගමන ගැන කතාවයි.

මේක වැඩිහිටියන්ට පමණක් වෙන එකක්ද?

චින්තන :
ඔව්. මං හිතන්නෙ පොඩි ළමයින්ට ඕන දේවල් ටික මීඩියා වලින් දුන්නා නෙ. මේ කතාව පොඩි කාලෙ ඉඳන් පිරිමින්ගේ පීඩනයට, අතවරයට ගොදුරු වුනු ගැහැණියක් ඒ සියල්ල දරාගනෙ ඇවිත් ආපහු හැරිලා මේ සිස්ටම් එකට විරුද්ධව ගහන කැරැල්ලක් ගැන. ඉතිං එහෙම කතාවක් තේරුම් ගන්න වැඩිහිටි මනසක් ඕන තමයි. ඒ වගේම විශේෂයෙන් මීඩියා සහ අපේ සමාජය විසින් සියල්ල ‘වල්කතා’ බවට පරිවර්තනය කරමින් මිනිස්සුන්ගෙ ජීවිත වලට කරන අශිෂ්ට බලපෑමත් තිළිණිගෙ කතාව ඇතුලෙ තියෙනවා.

ඔබ කියන්නෙ තිළිණිට මෙතනදි අසාධාරණයක් වෙලා කියල ද?

චින්තන :
පැහැදිලිවම තිළිණි වින්දිතයෙක්. එයා වංචාවක් කළා හෝ නොකළා එයා මේ ක්‍රමයේ පීඩාවට ලක්වුනු කෙනෙක්. මං හැමතිස්සෙම කල්පනා කරන්නෙ මේ මූල්‍ය වංචාව පිරිමියෙක් විසින් කළා නම් මීඩියා වලින් මේ තරම් කතන්දර කියයිද කියල. එකම වරදක් පිරිමියෙක් සහ ගැහැණියක් විසින් සිදු කළාම අපේ සමාජය ඒ දිහා බලන වෙනස් ආකාරය විනෝදජනකයි. ඔව්, තිළිණිගෙ කතාව ඇතුලෙ සමාජයේ ලොකු සෙක්ස් ඇරියස් එකක් එලියට එනවා.
 PHOTO 2023 05 24 17 02 25
PHOTO 2023 05 24 17 02 24
 PHOTO 2023 05 24 17 02 22
 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...