BREAKING
Top Ad
Life

දොස්තර සිහිනය හඹා ඇමරිකන් ගුවන් හමුදාවට ගිය ලංකාවේ තේජා

T

The Leader

May 27, 2023 • 9:41 AM

දොස්තර සිහිනය හඹා ඇමරිකන් ගුවන් හමුදාවට ගිය ලංකාවේ තේජා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මම ඉක්මනින්ම මගේ උපාධිය සඳහා වැඩ ඇරඹීමට සැලසුම් කර තිබෙනවා.
  • මට ගුවන් හමුදා වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට අවශ්‍යයි.
  • විශ්‍රාම ගිය පසු ස්වේච්ඡා වෛද්‍යවරයකු ලෙස එය දිගටම කරගෙන යාමට මම කැමතියි.
  • රණසිංහ එක්සත් ජනපද ගුවන් හමුදාවේ 78 වන නියාමක බලඝණයේ මුල්‍ය පාරිභෝගික සේවා විශේෂඥවරියක්.
අකුරු ප්‍රමාණය (Font Size):

පසු කලෙක වෛද්‍යවරියක වීමේ මගේ ඉලක්කය සපුරා ගැනීමට උපකාර වන ගුවන් හමුදා වෛද්‍ය වැඩසටහනක් සඳහා අයදුම් කිරීමට මම අදහස් කරනවා. මට ගුවන් xfgdrtrtහමුදා වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට අවශ්‍යයි. විශ්‍රාම ගිය පසු ස්වේච්ඡා වෛද්‍යවරයකු ලෙස එය දිගටම කරගෙන යාමට මම කැමතියි. මට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත නොහැකි පුද්ගලයින්ට උපකාර කිරීමට අවශ්‍ය වන අතර, යම් දිනක මගේ සිහිනය සැබෑ කර ගැනීමට ගුවන් හමුදාවට උපකාර කළ හැකි යයිව මම විශ්වාස කරනවා,” යි පවසන්නේ තේජා ආර්. රණසිංහ

රන්දුණු මුදියන්සේලාගේ තේජා ආර්. රණසිංහ එක්සත් ජනපද ගුවන් හමුදාවේ 78 වන නියාමක බලඝණයේ මුල්‍ය පාරිභෝගික සේවා විශේෂඥවරියක්. දැනට ඇය සේවයේ යෙදී සිටින්නේ ජෝර්ජියාවේ රොබින්ස් ගුවන් හමුදා මූලස්ථානයේයි.

19 හැවිරිදි වියේදී 2017දී මාමාගේ අනුග්‍රහයෙන් මව්පියන් සමග එක්සත් ජනපදයට සංක්‍රමණය වූ තේජා විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් ඉතිරි කිරීමට රැකියාවක් කරනවා. 2019දී විවාපත් වන ඇයට 2020දී දියණියක ලැබෙනවා. ඇය එක්සත් ජනපද ගුවන් හමුදාවට බැඳෙන්නේ 2022දීයි.

 


දොස්තරකම ලංකාවේ තරුණ තරුණියන්ගේ සිහිනයක් වන්නේ හේතු රැසක් නිසා. එය පන්තිමය, ආර්ථික, සමාජමය හිනිපෙතේ වේගවත් ඉදිරි ගමනකට ඉවහල් වෙන තත්වයක්.

xfgrtrt4ලංකාවේ දොස්තරකමට තිබෙන සමාජමය පිළිගැනීම බොහෝ දුරට බෞද්ධ භික්ෂූන්ට ඇති සමාජමය පිළිගැනීමට සමාන ආගමික ස්වරූපයේ එකක් වීමත් එයට හේතුවක්. ඒ සිහිනය හඹා යන්නට ලංකාවේ සාමාන්‍ය පවුල්වල තරුණ තරුණියන්ට තිබෙන්නේ සීමිත අවස්ථා ප්‍රමාණයක්. ඒ සඳහා පළමු ශ්‍රේණියෙන් බැරි වුණොත්, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වී හෝ ඉහළම පෙළේ පාසල් අතළොස්ස අතරින් එකකට ප්‍රවේශය තහවුරු කරගත යුතුයි. එය පහසු අභියෝගයක් නෙමෙයි.



එසේම, හොඳම ටියුෂන් මිලදී ගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල නැහැ. මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබන්නට නම් නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, බෙලරස් වැනි රටකට හෝ යා යුතුයි. ඒ සඳහා මව්පියන් කෝටිපතියන් විය යුතුයි. දොස්තර වෘත්තියට ඇතුළු වීමේ දොරටු මේ අන්දමින් සීමා කිරීම හරහා තමයි මේ ආගමික ස්වරූපයේ පිළිගැනීම ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ ආගම වෙනුවෙන් ලංකාවේ වාමාංශික පක්ෂ වන ජවිපෙ, පෙසප, වෘත්තීය සමිති ආදියත් පාවිච්චි වෙනවා.

kjdfsdfතේජා තම සිහිනය හඹා යන හැටි බලන්න. අප ඇයට සුබ පතනවා. ලංකාවේ නම් කිසිවෙකුට මෙවැනි මාවතක් විවෘත වන්නේ නැහැ. ඒ සඳහා දොස්තර ආගමිකයන් ඉඩ දෙන්නේ නැහැ.

තේජා ගැන විස්තර තියෙන ලිපියක මෙසේ සඳහන් වෙනවා:



ඉංග්‍රීසි ඇගේ පළමු භාෂාව නොවන නිසා ඇය කාර්මික පාසලේ අධ්‍යාපනය කළේ අමාරුවෙන්: “පන්තිය ඉවර වෙලාම මම කෙලින්ම ගියේ මගේ ප්‍රියතම බොබා කඩේට ගිහින් ඒක වැහෙනකම් එතන හිටියා” ඇය පැවසුවාය. “පංතියේ සිට මගේ සියලු සටහන් වෙත ගොස් එය මගේ මව් භාෂාවට පරිවර්තනය කිරීමට සිදු වූ නිසා මට පැය ගණනාවක් ගත වුණා. එවිට මට සංකල්ප සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැකි වුණා.”



ඇය මාර්තු මාසයේදී කාර්මික පාසලේ පාඨමාලාව ගෞරව සාමාර්ථ සහිතව අවසන් කළාය.


තේජා ගැන විස්තර සහිත ලිපියක්

From Sri Lankan immigrant to American Airman


(praja.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...