BREAKING
Top Ad
Life

සම සුදු කරගන්න ගිහින් ජීවිතය අවදානමට ලක් කරගන්න එපා !

T

The Leader

May 28, 2023 • 6:21 AM

සම සුදු කරගන්න ගිහින් ජීවිතය අවදානමට ලක් කරගන්න එපා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ අදහස් දක්වයි)
  • මේ නිසා හිරු එළියට වඩාත් වැඩි සංවේදීතාවයක් ඇතිවෙලා විවිධ හානි අපට සිද්ධ වෙන්න පුළුවන්.
  • මේවා මේ විදිහට දිගුකාලීනව භාවිතයට ගැනීමෙන් සමේ පිළිකා තත්ත්ව පවා ඇතිවෙන්න පුළුවන්.  අද සම සුදු කරන්නට කියල එන්නතකුත් අපේ රටේ අණීතිකව භාවිතයට ගැනෙනවා.
  • ඒ විතරක් නොවෙයි මේ එන්නත ගැනීමෙන් අතුරු ආබාධ රැසක් ඇති වීමේ අවදානමක් ද තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ගෑවම ඉක්මණින් සුදු වෙනව නම් ඒ නිෂ්පාදනයේ අවදානමත් බොහොම වැඩියි

ග්ලූටතයොන් කියන්නෙ අපේ රටේ නොවෙයි ලෝකෙ කොහෙවත් අනුමැතියක් නැති එන්නතක්

 

දැඩි හිරු රශ්මියක් පතිත වන ඝර්ම කලාපීය රටක ජීවත්වන අපිට තලෙළු සමක්,  දුඹුරු පාට සමක් ස්වභාවධර්මයෙන්ම ලැබිලා තියෙන්නේ තද හිරු රශ්මියෙන් අපිව ආරක්ෂා කරගන්නයි. සම සුදු කරගන්න කියල අලෙවියට තබා තිබෙන විවිධ ආලේපන සහ ක්‍රීම් ගැල්වීම නිසා නැති වෙන්නේ මෙන්න මේ සමේ ආරක්ෂාවයි. මේ නිසා හිරු එළියට වඩාත් වැඩි සංවේදීතාවයක් ඇතිවෙලා විවිධ හානි අපට සිද්ධ වෙන්න පුළුවන්.

සමහරුන් මේවා නිරන්තරයෙන් භාවිතා කරන පෙළඹීමකුත් තියෙනවා. මේවා මේ විදිහට දිගුකාලීනව භාවිතයට ගැනීමෙන් සමේ පිළිකා තත්ත්ව පවා ඇතිවෙන්න පුළුවන්. 

gluta

අද සම සුදු කරන්නට කියල එන්නතකුත් අපේ රටේ අණීතිකව භාවිතයට ගැනෙනවා. ග්ලූටතයොන් කියල. ඔබ දැනගන්න එක හොඳයි, මේ එන්නත අපේ රටේ වත් ලෝකයේ කිසිම රටක වත් සම සුදුකරගන්න යොදාගැනීමට අවසර දීල නෑ. මේ ග්ලූටතයොන් එන්නත භාවිතයට ගැනීමෙන් හරියාකාරව සම සුදු කරනවා කියලා වෛද්‍ය විද්‍යාත්මකව කොහෙවත් ඔප්පු කරලත් නෑ. ඒ විතරක් නොවෙයි මේ එන්නත ගැනීමෙන් අතුරු ආබාධ රැසක් ඇති වීමේ අවදානමක් ද තියෙනවා.

කෙටි කාලීනව ආසාත්මිකතා ඇති කරන්නට මේ එන්නත හේතු විය හැකියි. ස්නායු ආබාධ ඇතිවිය හැකියි. එසේම අක්මාගතව, වකුගඩුවල සංකූලතා ඇති වෙන්න පුළුවන්. මේ කියන ඉන්ද්‍රිය ජීවිතයේ පැවැත්මට අතිශය වැදගත් වන ඉන්ද්‍රියයන් බව ආයෙ අමුතුවෙන් පැහැදිලි කරල දෙන්නත් අවශ්‍ය නෑ.

මේ ආලේපන ගැල්වීමෙන් ඔබේ සම ඉක්මණින් සුදු වෙනවා නම් ඔබ එයත් වෙසෙසින්ම අවධානයට ගත යුතුයි. එයත් අනතුරක්. මේවායේ විරංජනකාරක, බැරලෝහ හා ස්ටෙරොයිඞ් ආදී අහිතකර දෑ තියෙන්න පුලුවන්. ඉක්මණින් සම සුදු වෙනව කියන්නෙ මේ අහිතකර දෑ අධි සාන්ද්‍රණ වලින් අන්තර්ගතව තියෙනවා කියන කාරණය වන්නට පුළුවන්. සමට නොවෙයි මේවා භාවිතා කිරීමෙන් සමස්ත ශරීරයම වටිනා ඉන්ද්‍රිය වලට පවා අනතුරක් ඇති කරන්නට මේ සම සුදු කරන ආලේපන, ක්‍රීම් වර්ග හා ග්ලූටතයොන් එන්නත හේතු වෙන්න පුළුවන්.


balanna nayani(වෛද්‍ය නයනි මදරසිංහ )
චර්ම රෝග විශේෂඥ

editor@doctorplus.lk


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...