BREAKING
Top Ad
Life

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල වසර තුනකට පසුව

T

The Leader

July 6, 2023 • 4:19 AM

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල වසර තුනකට පසුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරෙන එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙල ලෙස සැලකෙන ''කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල'' එළඹෙන අගෝස්තු මස දී
  • රට තුළ පැවති අර්බුදකාරී වාතාවරණය මත ඉකුත් වසර තුනක් උළෙල පැවැත්වීමට නොහැකි වූ අතර අවසන් වරට එය පැවැත්වුයේ 2019 වසරේ දී ය.
  • එළඹෙන අගෝස්තු 25 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල පිළිබඳ නාට්‍යවේදී එම්.
  • සෆීර් "2019 අවසන් වරට පැවැත්වූ නාට්‍ය උළෙලන් පසු වසර තුනක් වසරින් වසර වසංගත, අරගල නිසා කල්ගිය ලංකාවේ පැවැත්වෙන එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙල 2023 පවත්වන බව සතුටින් කියන්න කැමතියි.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව නාට්‍යවේදී එම්. සෆීර් පවස යි.

රට තුළ පැවති අර්බුදකාරී වාතාවරණය මත ඉකුත් වසර තුනක් උළෙල පැවැත්වීමට නොහැකි වූ අතර අවසන් වරට එය පැවැත්වුයේ 2019 වසරේ දී ය.

එළඹෙන අගෝස්තු 25 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල පිළිබඳ නාට්‍යවේදී එම්. සෆීර් සිය මුහුණුපොතෙහි පළ කළ සටහනක් පහතින්,

347598314 6365178563571221 6849183302273363361 n
safeerනාට්‍යවේදී එම්. සෆීර්"2019 අවසන් වරට පැවැත්වූ නාට්‍ය උළෙලන් පසු වසර තුනක් වසරින් වසර වසංගත, අරගල නිසා කල්ගිය ලංකාවේ පැවැත්වෙන එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙල 2023 පවත්වන බව සතුටින් කියන්න කැමතියි.

ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කරනවා කියන එක ඉතා බරපතල කරුණක් බව ඕන කෙනෙක් දන්නවා. රජයෙන් කරන රාජ්‍ය නාට්‍ය උළෙලත් වසර දෙකකින් පවත්වා නැහැ. යොවුන් නාට්‍ය උළෙලත් එහෙමයි. ළමා නාට්‍ය උළෙල වසර 5 කින් විතර කරලා නැහැ. ලංකාවේ ඕනම අවුලක් එනවිට ඉස්සරවෙලාම පහර වදින්නේ නාට්‍යවලට. වසර 60 - 70 ක් වුනේත් ඒක. දැන් වෙන්නෙත් ඒක.

මම සහ ඉන්ටර් ඇක්ට් ආර්ට් එක අපිට පුලුවන් විදියට අපි මේපාරත් මේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල කරනවා. පුලුවන් අය උදව් කරන්න. ඒක රට වෙනුවෙන් හා නාට්‍ය කලා වෙනුවෙන්.

පුලුවන් හැම කෙනෙක්ම මේ උළෙල බලන්න එක දවසක් ආවොත් අපිට ජාත්‍යන්තර නාට්‍යකරුවන් ඉදිරියේ රටක් හැටියට අපේ අභිමානය පෙන්නන්න පුලුවන්..

වසර 12ක් තිස්සේ දැඩි අභියෝග මැද, මහමෙරක් බර දරාගෙන, අනේක විද දුක් විදමින් මේ උළෙල පවත්වාගෙන අවෙමු. මේ නිසා අපේ රටේ නාට්‍යකරුවන්ට වගේම පොදු ප්‍රේක්ෂකයාටත් විවිධ රටවල නාට්‍ය බලන්න අවස්තාව ලැබිණි. ඒවගේම අපේ රටේ නාට්‍යකරුවන් ගණනාවකට ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල් සඳහා සහභාගිවන්නටත් අවස්ථාව ලැබිණි. විදේශිය නාට්‍යකරුවන් 100 ගානකගේ දැනුම ලැබු පිරිසක් ද මේ නාට්‍ය උලෙල නිසා දශයක කාලයක් පුරා බිහි විය. 

ඉතින් අගෝස්තු 25 - 30 දින දැන්ම වෙන්කර ගන්න..."

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...