BREAKING
Top Ad
Life

නැපෝලියන් බොනපාට් ; රිදී තිරයට

T

The Leader

July 13, 2023 • 3:31 AM

නැපෝලියන් බොනපාට් ; රිදී තිරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශ විප්ලවයේ දරුවා ලෙසින් හදුන්වන නැපෝලියන් බොනපාට්’ගේ චරිතය අලෙලා රිඩ්ලි ස්කොඩ් (Ridley scott) විසින් අධ්‍යක්ෂණය කල “නැපෝලියන්”
  • රිඩ්ලි ස්කොට් - ජැකොවින් ෆීනික්ස් Joker චිත්‍රපටිය වෙනුවෙන් හොදම නලුවා ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ ෆීනික්ස්, ග්ලැඩියේටර් හි දුෂ්ටයා ලෙස රිඩ්ලි ස්කොට්ගේ මෙහෙයවීමෙන් මීට පෙර රඟපා තිබුනා.
  • 1769 දී ඉතාලියට අයත්ව තිබූ කෝර්සිකා දුපතේදී නැපෝලියන් උපත ලබනවා.
  • 1768 දී මේ දුපත ප්‍රංශ ආණ්ඩුවෙන් මිලට ගැනීම නිසා නැපෝලියන් උපදින්නේ ප්‍රංශ පුරවැසියෙකු ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමා පටය ළඟදීම මුදාහැරීමට නියමිතයි.

රිඩ්ලි ස්කොට් විසින් හොලිවුඩ් සිනමාව වෙත මීට පෙර Alien, Black hawk down, Blade runner, The martian, Gladiator වැනි දැවැන්ත සිනමා පට දායක කර තිබෙන විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක්. එකිනෙකට වෙනස් මේ සිනමා පට ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ සිනමා කෘති.

1180579037

මේ නැපෝලියන් සිනමා පටයේ නැපෝලියන් චරිතයට පණ පොවන්නේ ජැකොවින් ෆීනික්ස් (Joaquin phoenix) විසින්. ඔහු ඇකඩමි සම්මාන ලාභී රංගන ශිල්පියෙක්.

Ridley Scott Joaquin Phoenix 1

රිඩ්ලි ස්කොට් - ජැකොවින් ෆීනික්ස්

Joker චිත්‍රපටිය වෙනුවෙන් හොදම නලුවා ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ ෆීනික්ස්, ග්ලැඩියේටර් හි දුෂ්ටයා ලෙස රිඩ්ලි ස්කොට්ගේ මෙහෙයවීමෙන් මීට පෙර රඟපා තිබුනා.

1769 දී ඉතාලියට අයත්ව තිබූ කෝර්සිකා දුපතේදී නැපෝලියන් උපත ලබනවා. 1768 දී මේ දුපත ප්‍රංශ ආණ්ඩුවෙන් මිලට ගැනීම නිසා නැපෝලියන් උපදින්නේ ප්‍රංශ පුරවැසියෙකු ලෙසයි.

1789 ජූලි මස 14 වෙනිදා බැස්ටීලයට පහරදී අල්ලාගත් පසු ආරම්භ වූ භීම යුගයේදී නැපෝලියන් ප්‍රංශයේ කාලතුවක්කු හමුදාවේ සෙනෙවියෙකු ලෙස කටයුතු කලා.

1793 දී ඉංග්‍රීසීන් විසින් ප්‍රංශයේ ටූලෝත් වරාය වැටලූ අවස්ථාවේ දක්ෂ ලෙස සිය කාලතුවක්කු හමුදාව මෙහෙයවා ඉන් ජයගැනීමට නැපෝලියන් සමත් වෙනවා. එවකට ඔහු විසි හතර හැවිරිදි තරුණයෙක්. 1796 සිට නැපෝලියන් විසින් ප්‍රංශය පාලනය කරන ලද මණ්ඩලයේ අණ පරිදි ඉතාලිය, ඕස්ට්‍රියාව, සාර්ඩිනියාව හා මිසරය යුධමය වශයෙන් ජයගන්නවා.

මේ ජයග්‍රහණ සමග ප්‍රංශයේ වීරයෙක් වෙන නැපෝලියන් 1801 දී ප්‍රංශයේ කොන්සල්වරයා ලෙස බලය ලබා ගන්නවා.

painting depicting napoleon crossing the
1802 දී යාවජීව කොන්සල්වරයා ලෙස සිය බලය තහවුරු කරණා නැපෝලියන් 1804 දී ප්‍රංශයේ අග රජු වශයෙන් මහජන ජන්දයෙන් තේරී පත්වෙනවා.

සිය ඔටුනු පැලදීමේදී පාප් තුමා විසින් ඔටුන්න පැලදිය යුතු වුවත් ඔහු සියතින් ඔටුන්න ගෙන හිසෙහි පැළඳ ගන්නවා.

ප්‍රංශය සෑම අතින්ම දියුණු කිරීම පිණිස ඔහු කල මෙහෙය ඉතා විශාලයි .ඉන් අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රයේ කල ප්‍රතිසංස්කරන හරහා ප්‍රංශය වෙත විශ්ව විද්‍යාල 17 කින් යුතු පලාත් බද අධ්‍යාපන ක්‍රමයක් ඇතිවෙන අතර “කෝඩ් නැපෝලියන්” යන නීති සංග්‍රහය මගින් පුද්ගල නිදහස, සමානත්වතාවය, මුල් තැන තබනවා.

1808-1812 නැපෝලියන්ගේ ස්වර්ණමය යුගය වෙනවා. කෙසේ නමුත් “මහාද්වීපික ක්‍රමය” නැමැති වෙළඳ ප්‍රතිපත්තිය නිසා බ්‍රිතාන්‍යයන් සමග ගැටුම් ඇතිකරගන්නා ප්‍රංශය යුරෝපීය රාජ්‍ය ගණනාවක සතුරෙකු ලෙස ඉස්මතු වෙනවා. පෘතුගාලය හා ස්පාඤ්ඤය සමග මෙම වෙළඳ ප්‍රතිපත්තිය නිසා අමනාප වූ ප්‍රංශය ඒ දෙරට සමගම සටන් වදින විට බ්‍රිතාන්‍යයද ප්‍රංශයට විරුද්ධ වෙනවා.

නැපෝලියන්ගේ වැටීම පටන් ගන්නේ එතනින්.

කෙසේ නමුත් ලක්ෂ 5 හමුදාවකුත් රැගෙන 1812 දී නැපෝලියන් රුසියාව ආක්‍රමණය කරන අතර 1943 දී හිට්ලර් ගේ හමුදාවන් සේම නැපෝලියන්ගේ හමුදාවද රුසියානු ශීත කාලයේදී පූර්ණ වටලෑමකට ලක් වෙනවා. සැපයුම් මාර්ග බිදවැටීමත් සමග ආපසු හැරෙන නැපෝලියන් පෙරලා ප්‍රංශයට එන්නේ 20,000 හමුදාවක් පමනක් අතැතිව. ජාතීන්ගේ සටන නමින් 1813 දී ප්‍රංශයට එරෙහිව ප්‍රශියාව, ඕස්ට්‍රියාව, ස්වීඩනය, බ්‍රිතාන්‍යය විසින් කරන සටනින් ලිපිග්ස් ස්ථානයේදී නැපෝලියන් පරාජයට පත්වෙනවා.

GettyImages 587490504 be8237b
1814 දී මධ්‍යධරනී මුහුදේ පිහිටි ඇල්බා දූපතේ සිර ගතකරනු ලැබූ නැපෝලියන් නැවතත් ඉන් පලා විත් සටන් වල යෙදුනත් “වෝටර් ලූ” සටනින් නැවත පරාජය වී සිරකරුවෙකු වෙන අතර 1821 දී සාන්ත හෙලේනා දූපතේදී සිරකරුවෙකු ලෙසම වයස අවුරුදු 53 දී රෝගයක් වැලදී මිය යනවා.

නැපෝලියන් ප්‍රංශය තුල තවමත් වීරයෙක් ලෙස සලකන අධිරාජ්‍යයෙක්. එවැන්නෙක් පිළිබඳ චිත්‍රපටියක් යනු පුරාවෘත්තයක් සෙලොලයිට් පටියකට ගෙන ඒමක්.

රිඩ්ලි ස්කොට් මෙහිදී සාර්ථකද/අසාර්ථකද යන්න තවම පැවසිය නොහැකි. නමුත් මෙය විශිෂ්ට ධෛර්‍යක් සහිතව කල යුතු සිනමාත්මක “සිහිනයක්” බව නම් කිව යුතුයි.




(carbonnews.lk)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...