BREAKING
Top Ad
Life

සුන්දර පලිගැනීමක්

T

The Leader

July 16, 2023 • 12:07 AM

සුන්දර පලිගැනීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරා නගර වල ප්‍රතිමා, නිවෙස් වල බැල්කනි හා අනෙකුත් ගොඩනැගිලි කුරුල්ලන්ගෙන්
  • නමුත් නෙදර්ලන්ත පරීක්ෂකයින් සොයා ගෙන ඇත්තේ කුරුල්ලන්ට එරෙහිව මිනිසුන් භාවිතා කරන මෙම උල් කටු කුරුල්ලන් විසින් ඔවුන්ගේම ආරක්ෂාවට භාවිතා කර ඇති අන්දමයි.
  • එහිදී නගර ආශ්‍රිතව වාසය කරන කුරුල්ලන් කූඩු තැනීමේදී තම කූඩු වටා ආරක්ෂාව තහවුරු කිරීමට ආයුධයක් ලෙස මෙම උල් කටු භාවිතා කර ඇති අන්දම නිරීක්ෂණයට ලක්ව ඇත.
  • “ඇත්තටම මේක අදහාගන්න බැරි අනුවර්තනයක්”, ජීව විද්‍යාඥ Auke-Florian Hiemstra පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට වසා සිටීමට අපහසු පරිදි නිමවූ උල් සහ කටු සහිත Anti-birds spikes භාවිතා කරයි.

නමුත් නෙදර්ලන්ත පරීක්ෂකයින් සොයා ගෙන ඇත්තේ කුරුල්ලන්ට එරෙහිව මිනිසුන් භාවිතා කරන මෙම උල් කටු කුරුල්ලන් විසින් ඔවුන්ගේම ආරක්ෂාවට භාවිතා කර ඇති අන්දමයි. එහිදී නගර ආශ්‍රිතව වාසය කරන කුරුල්ලන් කූඩු තැනීමේදී තම කූඩු වටා ආරක්ෂාව තහවුරු කිරීමට ආයුධයක් ලෙස මෙම උල් කටු භාවිතා කර ඇති අන්දම නිරීක්ෂණයට ලක්ව ඇත.

“ඇත්තටම මේක අදහාගන්න බැරි අනුවර්තනයක්”, ජීව විද්‍යාඥ Auke-Florian Hiemstra පවසයි. ඒ ආකාරයේ කූඩු හරියට බලකොටු එහෙම නැත්තං ආරක්ෂිත බංකර වගේ” යැයි ඔහු පවසයි.

කුරුල්ලන් තම කූඩු තැනීමේදී මිනිසුන් විසින් සාදන විවිධ වස්තූන් උපයෝගී කරගැනීම අලුත් දෙයක් නොවේ. කටුකම්බි වල සිට ගෙතුම් ඉදිකටු දක්වා සෑම දෙයක්ම භාවිතා කරන කුරුලු විශේෂ ලොව පුරා ඇති බවට සාක්ෂි ඇත.

කෙසේ වෙතත් කුරුල්ලන් තම උපරිම ආරක්ෂාව තහවුරු කිරීමට මෙම උල් කටු කූඩුවෙන් පිටත ස්ථානගත කර තිබෙන අයුරු පර්යේෂණයට ලක්වුණු ප්‍රථම අධ්‍යයනයයි. මෙම පර්යේෂණය Naturalis ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සහ රොටර්ඩෑම් ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය විසින් සිදුකර තිබේ.

Hiemstra මහතාගේ පර්යේෂණය බෙල්ජියමේ Antwerp රෝහලක ආරම්භ වූ අතර එහිදී උල්කටු 1500ක් පමණ අඩංගු දැවැන්ත මැග්පි කූඩුවක් සොයා ගන්නා ලදී.

” මේ අමුතු ලස්සන කූඩුව දැක්ක පළවෙනි මිනිත්තු කිහිපය මම ඒ දිහා බලාගෙන හිටියා. කූඩුව වටේට සම්පූර්ණයෙන්ම සන්නාහයක් නිර්මාණය කරලා වගේ උල් කටු පිටතට යොමු වෙලා තිබුණේ. මම රෝහලේ වහලය පරික්ෂා කිරීමේදී තමයි දැක්කේ මීටර් 50ක් පමණ දිගට අලවලා තිබුණු උල්කටු පේළිය ගලවලා දාලා තිබුණා. මැලියම් පාර විතරයි ඉතුරු වෙලා තිබුනේ”. යැයි Hiemstra මහතා පැවසීය.

එලෙස අඩක් නිමකල කූඩුවක් රොටර්ඩෑම් හි කෞතුකාගාරයේ තබා ඇති අතර විශාල සම්පූර්ණයෙන්ම නිම කරන ලද කූඩුවක් ස්වභාවික ජෛව විවිධත්ව මධ්‍යස්ථාන එකතුවේ තබා ඇත.

Hiemstra මහතා පවසන්නේ කුරුල්ලන් තම ආරක්ෂාව උදෙසා උල්කටු භාවිතා කරන බවට විද්‍යාත්මකව ඔප්පු කිරීමට තව සාක්ෂි අවශ්‍ය බවයි.

“නමුත්, කුරුල්ලන් උල්කටු තම ආරක්ෂාව සදහා භාවිතා කරන බව අපිට කුරුලු කූඩු ගෘහ නිර්මාණශිල්පයේ පැති කීපයක් අධ්‍යනය කිරීමෙන් හිතාගන්න පුළුවන්. එකක් තමයි උල්කටු භාවිතා කරල තියෙන්නේ වහලයට. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ කූඩු වල සාමාන්‍ය වහලක් හදනවා නෙමේ උල්කටු සහිත ආරක්ෂිත වහලක් තමයි ඔවුන් හදන්නේ.” Hiemstra මහතා වැඩිදුරටත් පැවසීය.

කුරුල්ලන් බොහෝවිට තම කූඩු ආරක්ෂා කර ගැනීම සඳහා ගස් වල කටු අතු ආදිය භාවිතා කරයි. නමුත් මිනිස් වාසය ඇති නගර සහ අර්ධ නාගරික ප්‍රදේශවල එවැනි ද්‍රව්‍ය සොයා ගැනීමට අපහසු බැවින් එවැනි ප්‍රදේශ වල වාසය කරන කුරුල්ලන් ඊළඟට සොයා ගැනීමට පහසුම ද්‍රව්‍යය කරා යයි.

ගොඩනැගිලිවලට මෙම උල්කටු සවි කිරීමට භාවිතා කරන මැලියම් ඉතා සවිමත් මැලියම් වර්ගයක් වන අතර ඒවා ගලවා ඉවත් කිරීමට පහසු නොවේ. ඒ අනුව ඒවා ගලවා ඉවත් කිරීමෙන් පෙනී යන්නේ මෙම කුරුල්ලන් කැපී පෙනෙන ලෙස පරිසරයට අනුවර්තනය වෙමින් පවතින බවත් සහ තම කූඩු ආරක්ෂා කිරීමට දැඩි අධිෂ්ඨානයක්ද පෙන්නුම් කරන බවයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අසල ගොඩනැඟිල්ලක සිටින Cheeky cockatoo නැමති කුරුල්ලා සවි කර ඇති උල්කටු ගලවා ඉවත් කර දමන ආකාරයත් මෙල්බර්න්හි Parkdale පරවියා සවිකර ඇති උල්කටු මතම තම කූඩූ තැනා ඇති ආකාරයත් දැක ගත හැකියි.

කුරුල්ලන්, ගොඩනැගිලි වලින් සහ තම වාසස්ථානවලින් ඉවත් කර තබා ගැනීමට මිනිසුන් විසින් භාවිතා කරන මෙම උල් කටු කුරුල්ලන් විසින් අපට එරෙහිව තම වර්ගයා බෝ කිරීමට අවශ්‍ය කූඩු ආරක්ෂා කිරීමටම යොදා ගැනීම සුන්දර පලිගැනීමක් බව Hiemstra මහතා පවසයි.


(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...