BREAKING
Top Ad
Life

ජෙනරල් කමල් ගුණරත්නගේ ‘ලොවීනා‘ ගීතය එළිදකී

T

The Leader

July 17, 2023 • 6:30 AM

ජෙනරල් කමල් ගුණරත්නගේ ‘ලොවීනා‘ ගීතය එළිදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද නවතම ගීතය එළිදැක්වීම පසුගියදා(14) ගල්කිස්ස හෝටලයේදී සිදු විය.
  • වෘත්තියෙන් හමුදා නිලධාරියෙකු වූ ජෙනරල් ගුණරත්න, ගී පදරචකයෙක්, කවියෙක් සහ ගත් කතුවරයෙක්ද වේ.
  • ඔහු ගීත 25කට අධික ප්‍රමාණයක් රචනා කර ඇත.
  • ඔහුගේ ගීත සඳහා තේමා ප්‍රධාන වශයෙන් දේශප්‍රේමය මෙන්ම ආදරය සහ සෙනෙහස ඇතුළත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):



‘ලොවීනා ‘ නමින් අලුතින් එළිදක්වන ලද ගීතය ඓතිහාසික ගල්කිස්ස මහ හෝටලය හි නිර්මාණයට පසුබිම් වූ සත්‍ය කතාවක් ඇසුරින් රචනා කර ඇත.

ගීතය ගායනා කරනු ලබන්නේ චිත්‍රාල් සෝමපාල සහ අනුරාධී පෙරේරා යි.

වෘත්තියෙන් හමුදා නිලධාරියෙකු වූ ජෙනරල් ගුණරත්න, ගී පදරචකයෙක්, කවියෙක් සහ ගත් කතුවරයෙක්ද වේ. ඔහු ගීත 25කට අධික ප්‍රමාණයක් රචනා කර ඇත. ඔහුගේ ගීත සඳහා තේමා ප්‍රධාන වශයෙන් දේශප්‍රේමය මෙන්ම ආදරය සහ සෙනෙහස ඇතුළත් වේ.

ලොවීනා 01

හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, කමල් අද්දරආරච්චි, චන්න විජේවර්ධන, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණ කලාකරුවන් විශාල පිරිසක් සහ ගල්කිස්ස හෝටලයේ සභාපති සනත් උක්වත්ත ද මෙම අවස්ථාවට සහභාගී විය.



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...