BREAKING
Top Ad
Life

ඕපන්හයිමර්: කිලියන් මර්ෆිගේ ප්‍රබල රංගනය චිත්‍රපටයට බලපෑ අයුරු

T

The Leader

July 27, 2023 • 4:50 AM

ඕපන්හයිමර්: කිලියන් මර්ෆිගේ ප්‍රබල රංගනය චිත්‍රපටයට බලපෑ අයුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕපන්හයිමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ, මීට පෙර තිරගත වුණු ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපට පහකට රංගනයෙන් දායක වී ඇති පීකි බ්ලයින්ඩර්ස්හි කිලියන් මර්ෆි ය
  • රොබර්ට් ඕපන්හයිමර් ලෙස රඟ දක්වන කිලියන් මර්ෆි ඇතුළු ජනප්‍රිය නළු නිළි කැලක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.
  • ද ගාඩියන්හි පීටර් බ්‍රැඩ්ෂෝ එය "යම් දුර්වලතා ඇති චිත්‍රපටයක් වන නමුත් අද්විතීය නිර්මාණයක්" ලෙස හුවා දක්වනු ලැබී ය.
  • එය නාසීන් සමග න්‍යෂ්ටික තරගයක යෙදී සිටින බව සිතූ එක්සත් ජනපද රජයේ නියමය අනුව, 1945 වසරේ එරට නිව් මෙක්සිකෝහි දී විද්‍යාඥයන් පිරිසක් 'ට්‍රිනිටි' යන සංකේත නාමයෙන් හැඳින්වූ පරීක්ෂණ මට්ටමේ පැවති න්‍යෂ්ටික බෝම්බයක් පුපුරුවා හැරියහ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
"පරමාණු බෝම්බයේ පියා" පිළිබඳව ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් නිර්මාණය කෙරුණු නව සුවිසල් චරිතාපදාන ත්‍රාසජනක චිත්‍රපටයක් වන 'ඕපන්හයිමර්' වෙත විචාරකයින් ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ.

එක්සත් ජනපද භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඕපන්හයිමර් ලෙස රඟ දක්වන කිලියන් මර්ෆි ඇතුළු ජනප්‍රිය නළු නිළි කැලක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.

"දක්ෂ ලෙස නිර්මාණය කර ඇති, නිර්මාණශීලි කතා වස්තුවක් සහිත මෙම චිත්‍රපටය" නෝලන්ගේ "විශිෂ්ට නිර්මාණයක්" ලෙස දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත හැඳින්වූ අතර, ටෙලිග්‍රාෆ් පුවත්පත පැවසුවේ රංගන ශිල්පී මර්ෆි "ලෝක විනාශය ඇති කරන්නෙකු ලෙස සිත් ඇදගන්නාසුලු" ඉදිරිපත් කිරීමක් සිදුකළ බව ය.

ද ගාඩියන්හි පීටර් බ්‍රැඩ්ෂෝ එය "යම් දුර්වලතා ඇති චිත්‍රපටයක් වන නමුත් අද්විතීය නිර්මාණයක්" ලෙස හුවා දක්වනු ලැබී ය.
 
OH 1
 
පුලිට්සර් ත්‍යාගලාභී ග්‍රන්ථයක් වන American Prometheus: The Triumph And Tragedy Of J Robert Oppenheimerහි ආභාෂය ලබා ඇති මෙම චිත්‍රපටය දෙවන ලෝක සංග්‍රාමයේ ගමන් මඟ වෙනස් කරමින් පරමාණු බෝම්බය නිපදවීමේ ප්‍රමුඛ කාර්යයභාරයක් ඉටු කළ මෑන්හැටන් ව්‍යාපෘතියේ ගුප්ත විද්‍යාඥයාගේ කතාව ගෙන හැර දක්වයි.

ඔහු "අපිට අපිව විනාශ කර ගන්න බලය ලබා දුන්නා. ඒක මීට පෙර කවදාවත් සිදුවූ දෙයක් නෙවෙයි", අධ්‍යක්ෂ නෝලන් බීබීසී කල්චර් කර්තෘ කේටී රසල් වෙත පැවසීය.

එය නාසීන් සමග න්‍යෂ්ටික තරගයක යෙදී සිටින බව සිතූ එක්සත් ජනපද රජයේ නියමය අනුව, 1945 වසරේ එරට නිව් මෙක්සිකෝහි දී විද්‍යාඥයන් පිරිසක් 'ට්‍රිනිටි' යන සංකේත නාමයෙන් හැඳින්වූ පරීක්ෂණ මට්ටමේ පැවති න්‍යෂ්ටික බෝම්බයක් පුපුරුවා හැරියහ.

පසුව, යුද්ධය අවසන් කිරීම සඳහා මතභේදාත්මක ලෙස ඔවුන්ගේ සොයා ගැනීම භාවිත කරන ලද්දේ, ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට මහත් විනාශකාරී ඵලවිපාක අත්කර දෙමින් පරමාණු බෝම්බ හෙළීමෙනි.

'ජීවිත කාලය තුළ කළ හොඳ ම රංගනය'
 
wallpapersden.com oppenheimer movie wxl

ටෙලිග්‍රාෆ්හි රොබී කොලින් තරු පහක ඉහළ ම ශ්‍රේණිගත කිරීමක් ලබා දෙමින් සඳහන් කළේ: "පරමාණු බෝම්බයේ පියා නිරූපණය කිරීමේ නෝලන්ගේ කාර්යය අතිසාර්ථකයි. හරියට නිකම් ඉතිහාසය ඒ අයුරින් ම අත්විඳින්න විවෘත වුණා වගේ."

"ඕපන්හයිමර් යනු, වඩා ත් මානවීය මෙන් ම, විශ්වීය පරිමාණයන් මත එකවර ක්‍රියා කරන චිත්‍රපටයක්," ඔහු ලිවී ය.

"වරෙක එය වේගයෙන් ඇදී යන රෝලර්කෝස්ටරයක ස්වභාවයක් ගන්නා අතර, තවත් වරෙක එය භාවාත්මක අධ්‍යාත්මික හැඟීම් උද්දීපනය කරන නිරූපණයකි. නිරන්තරයෙන් නෝලන්ට පමණක් නිර්මාණය කළ හැකිව තිබුණු සම්භාව්‍ය ආකෘතියක් ඇති කාල පරිච්ඡේදයක් පිළිබඳව කියැවෙන මෙම චිත්‍රපටය දිගුකාලීන සූදානමකින් පසුව දැන් නිකුත් වී තිබේ."

ඔහු මෙසේ ද සඳහන් කළේ ය: "වයස 20 ගණන්වල මුල් භාගයේ ඉඳලා 50 ගණන්වල අග භාගය දක්වා ඕපන්හයිමර්ගේ චරිතය නිරූපණය කිරීම කියන්නේ, 47 හැවිරිදි මර්ෆි ඔහුගේ ජීවිත කාලය තුළ කළ හොඳ ම රංගනය. [මර්ෆි] සිත් ඇදගන්නාසුළු ශෘංගාරාත්මක බයාදු ස්වභාවයක් ඇතිව ඕපන්හයිමර්ගේ ශාරීරික ස්වරූපය මුළුමනින් ම පාහේ වැළඳ ගැනීම සිදුකරන අතර, ගැඹුරු ස්වරයකින් යුතු ඔහුගේ හඬ ඔබට [හම්ෆ්‍රි] බෝගාර්ට් සිහිපත් කරයි."

එම්පයර් සඟරාවේ ඩෑන් ජෝලින් තරු පහක් ලබා දුන් තවත් විචාරයකින් මර්ෆිව හැඳින්වූයේ, "මුල සිට අග දක්වා ම සිත් ඇදගන්නාසුලු චරිතයක්" ලෙසිනි.

"වෙනස් ම තලයක ඉන්න අධ්‍යක්ෂවරයෙකු විසින් අතිදක්ෂ ලෙස ගොඩනගන ලද චරිතයක්. එය ඔබ ඇතුළට ම කිඳා බැහැලා විඳිය යුතු චිත්‍රපටයක් මිස බලන්නන් වාලේ නැරඹිය යුතු චිත්‍රපටයක් නොවෙයි."
 
oh 2
 oh 3
 
තරු හතරක ශ්‍රේණිගත කිරීමක් ලබා දුන් ගාඩියන්හි විචාරයක දී, බ්‍රැඩ්ෂෝ පැවසුවේ, චිත්‍රපටය "දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුව ද සාර්ථකත්වය කරා ගමන් කරන චරිත නිරූපණය කරන" බව ය.

"මේක තමයි අද්විතීය ම නිර්මාණය. නෝලන් ඇරෙන්න වෙන කාටවත් ඒක ඒ මට්ටමට එහා යමින් හෝ ඊට ත් වඩා අතිමහත් විධියට කරන්න බැහැ," ඔහු පැවසීය.

"ඔහු ඒක කරන්නේ මේක නිකම් ම ක්‍රියාදාම චිත්‍රපටයක් බවට පත් කරන්නේ නැතිව. මෙම චිත්‍රපටය අභිලාෂකාමී සහ නිර්භීත කතා වස්තුවක් සහිත ස්වභාවයක් ගත්ත ද එය අවබෝධ කර ගැනීමට ගතවන කාලය සම්බන්ධයෙන් වන ගැටලුව කිසි විටෙකත් විසඳන්නේ නැහැ: දක්ෂ විද්‍යාඥයෙකු වන ඕපන්හයිමර් අත්විඳින චිත්තවේගීය පීඩා පෙන්වීම සඳහා සැලකිය යුතු කාලයක් ගත කරන්නේ, ජපන් වැසියන්ගේ සහ හිරෝෂිමා හා නාගසාකි නගරවල දිවි ගෙවූ ජනතාවගේ අත්දැකීම නොසලකා හරිමින්."

ඔහු මර්ෆි විස්තර කළේ, "ඕපන්හයිමර්ට ඉතා සමීප පෙනුමක් ඇති... ඔහුගේ තනිකම සහ හැඟීම් සිතෙහි සිර කර ගෙන සිටින ස්වභාවය හොඳින් ග්‍රහණය කර ගත්" අයෙකු ලෙස ය.
 
OH 4
 OH 5
 
ටයිම්ස් පුවත්පතට ලියමින්, චිත්‍රපටයට තරු හතරක් පිරිනැමූ විචාරක එඩ් පොටන්, මර්ෆිගේ රංගනය "ලොමු දැහැගන්වන චිත්‍රපටයක මනරංජන" කාර්යයක් ලෙස ප්‍රශංසා කළේ ය.

දි ඊව්නින්ග් ස්ටෑන්ඩර්ඩ්ස්හි චාලට් සලිවන් ඊට එකඟ වෙමින් ප්‍රකාශ කළේ, "සංකීර්ණ හැඟීම් සමුදායකින් හෙබි, ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නා මෙම චිත්‍රපටය කිලියන් මර්ෆිට සිය වෘත්තීය ජීවිතයේ හිනිපෙත්තට ම යාමට අවස්ථාව ලබා දෙන" බව ය.

මෙම භූමිකාව තමාට "මානසික වශයෙන් අභියෝගාත්මක" වූ "නමුත් ඒ යහපත් ආකාරයකින්" බව, චිත්‍රපටයේ එළිදැක්වීමට පෙර අදහස් දක්වමින් මෙම අයර්ලන්ත තරුව මාධ්‍යවේදීන්ට පැවසුවේ ය.

"ඒක තමයි විශාලතම, මහත් උද්යෝගිමත් ම අභියෝගය ය," මර්ෆි පැවසීය.

සම-තරු මැට් ඩේමන්,"ක්‍රිස් නෝලන්ගෙන් ඇමතුමක්" ලැබුණොත් මිස, ඔහු රංගනයෙන් විරාමයක් ගන්නා බව ඔහුගේ බිරිඳට පැවසූ වග හෙළි කළේ ය.

නෝලන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ, ඩාර්ක් නයිට් චිත්‍රපට ත්‍රිත්වය මෙන් ම, ඉන්සෙප්ෂන්, ඩන්කර්ක් සහ ටෙනට් ඇතුළු චිත්‍රපට සඳහා ය. ඔහු ඕපන්හයිමර් සමග ඉතිහාසගත වන්නේ, එමිලි බ්ලන්ට්, ෆ්ලෝරන්ස් පියූ සහ රොබට් ඩව්නි ජූනියර් ද රංගනයෙන් දායක වන කළු සහ සුදු IMAX චිත්‍රපට තාක්ෂණය භාවිත කර ප්‍රථම වරට ඇතැම් ජවනිකා රූගත කරන ලද පළමු චිත්‍රපටය නිර්මාණය කරමිනි.
 
නරඹන්න: ඕපන්හයිමර් නළුවන් හොලිවුඩ් වර්ජනය ගැන කතා කරයි 
 
ද හොලිවුඩ් රිපොර්ටර්ස්හි ඩේවිඩ් රූනි මෙම චිත්‍රපටය හැඳින්වූයේ, "අමෙරිකාවට එහි වීරයන් නිර්මාණය කිරීමට සහ විනාශ කිරීමට ඇති හැකියාව පිළිබඳ කියැවෙන ප්‍රබල නිරූපණයක්" ලෙසිනි.

ජවනිකා හතරක ආකෘතියක් ඇති චිත්‍රපටය "ප්‍රේක්ෂකයින්ගේ බොහෝ දේ බලාපොරොත්තු වන" බව පැවසූ ඔහු, "අපගේ ඉවසීම සහ මානසික ඒකාග්‍රතාවට සෑහෙන පරිදි ප්‍රතිලාභ හිමි වන" බව ද කියා සිටියේ ය.

දි ඉන්ඩිපෙන්ඩන්ට්හි ක්ලැරිස් ලෝග්රි චිත්‍රපටයට තරු හතරක් ලබා දෙමින්, ඕපන්හයිමර් "නෝලන්ගේ විශිෂ්ටතම සහ මීට පෙර නුදුටු ආකාරයේ නිර්මාණයක්" ලෙස හැඳින්වීය.

"එය සාම්ප්‍රදායිකව ශිල්පීයත්වය දෙසට ඇස යොමු කරවන ගැඹුරු නොසන්සුන්කාරී හැඟීමක් ජනිත කරවන සහ ප්‍රබල, සිනමා පරිකල්පනයක්."

නෝලන් චිත්‍රපටවල පොදු ලක්ෂණයක් වන රේඛීය නොවන ආකෘතිය පිළිබඳව සහ "අලංකාර කැමරාකරණය" පිළිබඳව ඇය ප්‍රශංසා කළ නමුත්, "චිත්‍රපටය සිනමා නිර්මාණ ශිල්පීය ක්‍රම ආදිය සඳහා තරමක් දුරට ප්‍රමුඛත්වය දෙන්නේ, ප්‍රේක්ෂකයා කතා වස්තුව සමග ඇද බැඳ තබා ගැනීම කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකරමින්" බව ද සඳහන් කළා ය.
 
OH 6
 
මෙය "සුවිසල්, ප්‍රබල සහ නැරඹිය යුතු ම" චිත්‍රපටයක් බව රෝලිං ස්ටෝන් විචාරක ඩේවිඩ් ෆියර් පැවසුවේ, එය "ත්‍රාසජනක සහ ඍජුව කතා වස්තුව ප්‍රකාශ නොකරන, විශිෂ්ට සහ අධික ලෙස තාක්ෂණික ප්‍රයෝග ඇතුළු දෙයින් පිරුණු, විටෙක ඕනෑවටත් වඩා සහ තවත් විටෙක ප්‍රමාණවත් නොවන ලෙස ඒවා අඩංගු කර නිර්මාණය කෙරුණු" චිත්‍රපටයක් ලෙස විස්තර කරමිනි.
 
 
නිව් යෝර්ක්හි පැවති මංගල දර්ශනයෙන් පසුව අදහස් දක්වමින්, මාටින් ස්කොර්සේසි අධ්‍යක්ෂණය කළ 'ටැක්සි ඩ්‍රයිවර්' චිත්‍රපටය රචනා කළ පෝල් ශ්‍රේඩර්, "මේ සියවසේ හොඳ ම, වැදගත් ම චිත්‍රපටය" ලෙස ඕපන්හයිමර් අගය කළේ ය.

"ඔබ මේ වසරේ සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලනවා නම්, ඒ ඕපන්හයිමර් විය යුතු යි," බාර්බන්හයිමර් සටන පිළිබඳ සිය මතය පැහැදිලි කරමින් ශ්‍රේඩර් ෆේස්බුක්හි සටහනක් තැබීය.

"මම නෝලන්ගේ රසිකයෙක් නෙවෙයි, නමුත් මේක අතිශයින් ම ප්‍රබල සහ අපේක්ෂාවන් ඉක්මවා යන චිත්‍රපටයක්."

ජූලි 21 වන සිකුරාදා සිට ලොව පුරා ඕපන්හයිමර් චිත්‍රපටය තිරගත වේ.

 

BBC සිංහල සේවය

සබැඳි පුවත් :

Barbie චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...