BREAKING
Top Ad
Life

ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ශංකරී චන්ද්‍රන් ට

T

The Leader

July 27, 2023 • 11:24 PM

ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ශංකරී චන්ද්‍රන් ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය ලෙස සැලකෙන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති
  • අසූව දශකයේ ජාතිවාදී කෝලාහලවලින් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත.
  • යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට ලක්වී ඇත.
  • ශංකරී චන්ද්‍රන් ගේ මවුපියන් වෛද්‍යවරුන් වන අතර, ඔවුන් ජාතිවාදී කෝලාහල හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් ට හිමිව ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචිව සිටින ඇය විසින් රචිත "chai Time at Cinnamon Gardens” නවකතාව වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, එහි දී ලැබුණු මුදල් ත්‍යාගය ඕස්ට්‍රේලියානු ඩොලර් හැට දහසකි.

"chai Time at Cinnamon Gardens” යනු ඇය ගේ තෙවැනි නවකතාව යි.

chai time

අසූව දශකයේ ජාතිවාදී කෝලාහලවලින් බේරීමට රටින් පළා ගිය ශ්‍රී ලාංකිකයෙක් බටහිර සිඩ්නි ප්‍රදේශයක පවත්වාගෙන ගිය වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක පදිංචිකරුවන්ගේ ජීවිත පිළිබඳව විවරණය කරමින් මෙම නවකතාව රචනා කර ඇත.

යුද්ධය, ජාතිවාදය, පවුල, ආදරය මෙන්ම මිත්‍රත්ව යන තේමා ඔස්සේ ලියා ඇති මෙම නවකතාව ඕස්ට්‍රේලියාවේ පාඨකයන්ගේ කතාබහට ලක්වී ඇත.

ශංකරී චන්ද්‍රන් ගේ මවුපියන් වෛද්‍යවරුන් වන අතර, ඔවුන් ජාතිවාදී කෝලාහල හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් එක්සත් රාජධානියට ගොස් අනතුරුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ ඇත.




 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...