BREAKING
Top Ad
Life

'කොටි සමක් ඇති' දුර්ලභ ගෙම්බාගේ ලිංගික ජීවිතය අනාවරණය වෙයි

T

The Leader

July 31, 2023 • 3:21 AM

'කොටි සමක් ඇති' දුර්ලභ ගෙම්බාගේ ලිංගික ජීවිතය අනාවරණය වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ගෙම්බාට කොටියෙකුගේ වැනි සමක් තිබේ
  • ආර්ජන්ටිනාවේ වනජීවී සංරක්ෂණ විද්‍යාඥයෝ ලොව වියළි ම වනාන්තරවලින් එකක් ලෙස සැලකෙන ඩ්‍රයි චාකෝ කපා දැමීම නිසා වාසස්ථාන අහිමිවීමේ තර්ජනයට ලක්ව ඇති කුඩා සැන්ටා ෆේ ගෙඹි විශේෂය ආරක්ෂා කිරීමට සටන් කරති.
  • ඔවුන් අනාවරණය කරගෙන ඇති පරිදි, ගුහා තුළ සැඟවී සිටින උන් ඒවායින් පිටතට එන්නේ සහකාරියක සොයා ගැනීම සඳහා පමණි.
  • ආර්ජන්ටිනාව, බොලිවියාව සහ පැරගුවේ යන රටවල පමණක් දැකිය හැකි මෙම ගෙඹි විශේෂය, ඔවුන් වාසය කරන ඝර්ම කලාපීය වියළි වනාන්තර ක්ෂයවීම හේතුවෙන් මේ වන විට දුර්ලභ සතුන් කොටසක් බවට පත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සෙල්සියස් අංශක 50ක උෂ්ණත්වයක් සහ විෂ සහිත සර්පයන්ගේ අවදානම මැද, විද්‍යා ක්ෂේත්‍රයේ වැඩි දෙනෙකු පවා නොදන්නා "කොටි සමට සමාන සමක් ඇති" ගෙඹි විශේෂයක් සොයා ගැනීමටත්, එම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමටත් විද්‍යාඥයින් පිරිසක් නිර්භීත වී තිබේ.

ආර්ජන්ටිනාවේ වනජීවී සංරක්ෂණ විද්‍යාඥයෝ ලොව වියළි ම වනාන්තරවලින් එකක් ලෙස සැලකෙන ඩ්‍රයි චාකෝ කපා දැමීම නිසා වාසස්ථාන අහිමිවීමේ තර්ජනයට ලක්ව ඇති කුඩා සැන්ටා ෆේ ගෙඹි විශේෂය ආරක්ෂා කිරීමට සටන් කරති.

ඔවුන් අනාවරණය කරගෙන ඇති පරිදි, ගුහා තුළ සැඟවී සිටින උන් ඒවායින් පිටතට එන්නේ සහකාරියක සොයා ගැනීම සඳහා පමණි.

එමෙන් ම, මෙම ගෙඹි විශේෂයේ ඉස්ගෙඩියන් ද පළමු වරට සොයාගෙන තිබේ.

"මෙතෙක් මේක පහසු ගමනක් වුණේ නෑ, ඒත් මේ අපූරු උභයජීවියාගේ අනාගතය ආරක්ෂා කරන්න පුළුවන් දේ කරන්න අපි අධිෂ්ඨානයකින් ඉන්නේ," බුවනොස් අයර්ස් මූලික කරගෙන පැවැත්වෙන සැන්ටා ෆේ ගෙඹි ව්‍යාපෘතිය මෙහෙයවන අයිසිස් ඉබනෙස් පැවසීය.

448 252 18890138 279 18890138 1688210610903

සැන්ටා ෆේ ගෙඹි විශේෂය (Leptodactylus laticeps) ශතවර්ෂයකට අධික කාලයකට පෙර සොයාගනු ලැබූව ද, විද්‍යා ක්ෂේත්‍රය තුළ ඔවුන් ගැන වැඩි අවබෝධයක් නොතිබිණි.

ආර්ජන්ටිනාව, බොලිවියාව සහ පැරගුවේ යන රටවල පමණක් දැකිය හැකි මෙම ගෙඹි විශේෂය, ඔවුන් වාසය කරන ඝර්ම කලාපීය වියළි වනාන්තර ක්ෂයවීම හේතුවෙන් මේ වන විට දුර්ලභ සතුන් කොටසක් බවට පත්ව තිබේ.

දීප්තිමත් වර්ණයෙන් යුත් මෙම ගෙම්බන් සොයාගැනීමට සහ ඔවුන්ගේ හැසිරීම් අධ්‍යයනය කිරීමට පර්යේෂකයන් කැමරා ස්ථානගත කර ඇත.

බොහෝ ගෙම්බන් පොකුණක, ඇළක දොළක හෝ වගුරු බිමක සිට ශබ්ද නගා කෑගැසීමෙන් සහකාරිය ආකර්ෂණයකර ගනියි. එහෙත් මෙම විශේෂය වසන්නේ භූගත ස්ථානවල ය.

පිරිමි සතුන් ඔවුන්ගේ පැමිණීම දැනුම්දීම සඳහා රාත්‍රියේ දී මතුවන බව ත්, පසුව තමන් කැමති ගැහැණු සතුන් සමග ආපිට ගුල් තුළට යන බව ත් එම කණ්ඩායම සොයා ගත්තේ ය.

cami

රාත්‍රී කාලයේ පැය ගණනක් පොළොව හෑරීමෙන් පසු, අවසානයේ ඔවුහු පළමු වරට බිත්තර සහ ඉස්ගෙඩියන් පිළිබඳ සාක්ෂි සොයා ගත්හ.

ගෙම්බන්ගේ ප්‍රජනන හැසිරීම් ගවේෂණය කිරීම, ඔවුන් වනය තුළ දී ආරක්ෂා කිරීමේ පළමු පියවර යි.

ගෙම්බන් මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන සංරක්ෂණ විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ, ඩ්‍රයි (හෝ ග්‍රෑන්ඩ්) චාකෝ වනාන්තරයේ - සහ වඳවීමේ අවදානමට ලක්ව ඇති අනෙකුත් සතුන්ගේ ජෛව විවිධත්වය ඉස්මතු කර පෙන්වීමට ය.

"ඩ්‍රයි චාකෝ වනාන්තරය ආරක්ෂාකර ගන්න ඕන ඇයි කියන එකට මේ ගෙඹි විශේෂය පැහැදිලි උදාහරණයක්," පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන කැමිලා ඩොයිෂ් පැවසීය. "අපට ලොකු කාලයක් නෑ."

ගෙම්බා සහ ඔවුන් වඩා හොඳින් ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා, එම විද්‍යාඥ කණ්ඩායම ප්‍රාදේශීය ප්‍රජා නායකයින්, දඩයම්කරුවන් සහ ගොවීන් සමග සම්බන්ධ වී කටයුතු කර යි.

frg 1

frg 2

ග්‍රෑන්ඩ් චාකෝ යනු බොලිවියාව, ආර්ජන්ටිනාව සහ පැරගුවේ යන රටවලට මැදි වී පිහිටි, වනාන්තර සහ දූවිලි සහිත තැනිතලාවලින් යුත් විශාල භූමි ප්‍රදේශයකි.

පසුගිය දශක කිහිපය තුළ වගා බිම් සහ විශාල ගොවිපළවල් ඉදිකිරීම සඳහා චාකෝ වනාන්තර ක්‍රමක්‍රමයෙන් හෙළිපෙහෙළි කර තිබේ.

එම වනාන්තරය, අසල්වැසි ඇමසන් වනාන්තරයට වඩා අඩු අවධානයක් හිමිකර ගත්ත ද, පෘථිවියේ වැඩි ම හෙළිපෙහෙළි කිරීමේ අනුපාතයකින් සමන්විත වනාන්තරයකි.

එම වනාන්තරයට ප්‍රවේශ වීමට ඇති දුෂ්කරත්වය සහ අධික උෂ්ණත්වය නිසා ඊට "El Impenetrable" (ප්‍රවේශවිය නොහැකි) සහ "hell on Earth" (පෘථිවිය මත නිරය) යන නම් පවා පටබැඳී තිබේ. දිවා කාලයේ දී එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට ළඟා විය හැකි අතර වර්ෂාපතනය ඉතා අඩු ය.

කටුක තත්ත්වයන් තුළ ද, පක්ෂීන් වර්ග සිය ගණනක්, ක්ෂීරපායීන්, උරගයින් සහ උභය ජීවීන් ඇතුළු වන සත්තු රැසක් සමෘද්ධිමත්ව වාසය කරති.

"ඒක අදහන්න බැරි තරම් ජෛව විවිධත්වයක් තියෙන වියළි වනාන්තරයක්," ගේබ්‍රියෙලා අගොස්ටිනී පැවසීය.

frg 4

උභය ජීවීන් යනු වඳ වී යාමේ වැඩි අවදානමකට ලක්ව ඇති සත්ත්ව කොට්ඨාසයකි. රෝග ඇති කරන දිලීරයක් වසර 40ක පමණ සිට ලොව පුරා උභයජීවී ගහණය විනාශ කරමින් සිටියි.

සිව්පා සත්තු ද වාසස්ථාන අහිමිවීම සහ දඩයම් කිරීම් නිසා පීඩනයකට මුහුණ පා සිටිති.

සැන්ටා ෆේ ගෙඹි ව්‍යාපෘතියට Fauna & Flora, BirdLife International සහ Wildlife Conservation Society විසින් පවත්වාගෙන යන ක්‍රියාන්විතයක් වන Conservation Leadership Program (CLP)හි සහාය ලැබේ.

 

(හෙලන් බ්‍රිග්ස්)
පාරිසරික වාර්තාකරු

BBC සිංහල සේවය


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...