BREAKING
Top Ad
Life

කැනඩා අගමැති ටෲඩෝ සහ බිරිඳ සොෆී දික්කසාද වෙයි !

T

The Leader

August 3, 2023 • 5:32 AM

කැනඩා අගමැති ටෲඩෝ සහ බිරිඳ සොෆී දික්කසාද වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඔහුගේ බිරිඳ වන සොෆී ග්‍රෙගෝයර් සිය දික්කසාදය ප්‍රකාශයට පත් කර ඇත.
  • මේ වනවිට 51 හැවිරිදි අගමැති ජස්ටින් ටෲඩෝ සහ 48 හැවිරිදි සොෆී ග්‍රෙගෝයර් දෙපළ විවාහ දිවියට එළඹ ඇත්තේ 2005 වසරේදීය.
  • කැනඩා අගමැති කාර්යාලය නිවේදනය කර ඇත්තේ නීතිමය වශයෙන් දික්කසාදයට අත්සන් තබා ඇති නමුත් ඔවුන් දෙදෙනාම තව දුරටත් මහජන හමු සඳහා පෙනී සිටිනු ඇති බව යි.
  • ජස්ටින් ටෲඩෝ සහ සොෆී ග්‍රෙගෝයර් සෑම විටම දේශීය මෙන්ම විදේශීය උත්සව සහ සංචාරවලදී සමීපව සිටිනු දක්නට ලැබුන ද මෑත කාලීනව එවැනි අවස්ථා අවම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔවුන් දෙදෙනා සඳහන් කරන්නේ බොහෝ අර්ථවත් සහ දුෂ්කර සංවාදවලින් පසුව වෙන්වීමට තීරණය කර ඇති නමුත් "එකිනෙකා කෙරෙහි ගැඹුරු සෙනෙහස මෙන්ම ගෞරවය මුසු සමීප පවුලක් ලෙස ඉදිරියටත් කටයුතු කරන'' බව යි.

මේ වනවිට 51 හැවිරිදි අගමැති ජස්ටින් ටෲඩෝ සහ 48 හැවිරිදි සොෆී ග්‍රෙගෝයර් දෙපළ විවාහ දිවියට එළඹ ඇත්තේ 2005 වසරේදීය. ඔවුන් දරුවන් තිදෙනෙකුගේ මව්පියන් වේ.

jt 1

කැනඩා අගමැති කාර්යාලය නිවේදනය කර ඇත්තේ නීතිමය වශයෙන් දික්කසාදයට අත්සන් තබා ඇති නමුත් ඔවුන් දෙදෙනාම තව දුරටත් මහජන හමු සඳහා පෙනී සිටිනු ඇති බව යි.

ජස්ටින් ටෲඩෝ සහ සොෆී ග්‍රෙගෝයර් සෑම විටම දේශීය මෙන්ම විදේශීය උත්සව සහ සංචාරවලදී සමීපව සිටිනු දක්නට ලැබුන ද මෑත කාලීනව එවැනි අවස්ථා අවම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.

ffce02c0 ec0b 11ed a76e 0766221acb8f

කෙසේවෙතත් ඔවුන් දෙදෙනා ඉකුත් මැයි මාසයේ පැවැති බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ රාජභිෂේකය සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් මාර්තු මාසයේ කැනඩාවට පැමිණි අවස්ථාවේදී ද සමීපව සිටින අයුරු දැක ගත හැකි විය.

යුද්ධයෙන් පීඩාවට පත් මෙරට දෙමල ජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් වගවන ලෙසට ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කරන විදෙස් රාජ්‍ය නායකයෙක් ලෙස ජස්ටින් ටෲඩෝ ප්‍රකට අතර මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාර වශයෙන්, ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ කැනඩා රජය ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව 2023 ජනවාරි මාසයේදී සම්බාධක පැනවීය.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...