BREAKING
Top Ad
Life

ජය ශ්‍රී වෙතින් ඩයමන්ඩ් ගීතයක්

T

The Leader

August 5, 2023 • 10:14 AM

ජය ශ්‍රී වෙතින් ඩයමන්ඩ් ගීතයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුවිතේ ගැන වගේම ඩයමන්ඩ් ගැනත් පහුගිය දිනවල කතා කරපු ජය ශ්‍රී ලා ඔවුන්ගේ අලුත්ම ගීතය මේ වෙද්දී එළිදක්වලා තියෙනවා.
  • ‘මතුවෙන්න‘ ගීතය පුරා විශේෂයෙන් දකින්න ලැබෙන සංකේතය වෙන්නේ ඩයමන්ඩ් සංකේතයි.
  • ‘මතුවෙන්න - The Diamond Story’ නමින් නම්කරලා තියෙන මේ ගීතය අපේකම අගයන ජය ශ්‍රී ලගේ හඬින් ගැයුණු වෙනස්ම විදියේ ගීතයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

‘මතුවෙන්න - The Diamond Story’ නමින් නම්කරලා තියෙන මේ ගීතය අපේකම අගයන ජය ශ්‍රී ලගේ හඬින් ගැයුණු වෙනස්ම විදියේ ගීතයක්. ජය ශ්‍රී ලා පහුගිය දවස්වල කිව්ව අලුත්ම ඩයමන්ඩ් එක මේ ගීතයයි.

දේශීය වගේම විදේශීය නිරූපණ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන්, ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයින්ගේ දායකත්වයෙන් ‘මතුවෙන්න‘ නිර්මාණය වෙලා තියෙනවා. සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් නිර්මාණය වුණු මේ ගීතයේ සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්) ගෙන්.

‘සිව්කොණ එකතුවෙලා
ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍
ජයගන්නට හැකි තුරුම්පුවක් වී
ලොවටම පෙන්වන්න
මතුවෙන්න - පණදෙන්න
රුවි‍තේ - විඳගන්න
ජයගන්න‘

තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන ජය ශ්‍රී ලා මේ ගීතයෙන් පවසන්නේ දියමන්තියක් වගේ තමන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරගෙන, ජයගන්නට හැකි තුරුම්පුවක් වගේ මතුවෙන්න යන්නයි.

‘මතුවෙන්න‘ ගීතය පුරා විශේෂයෙන් දකින්න ලැබෙන සංකේතය වෙන්නේ ඩයමන්ඩ් සංකේතයි. ගීතය ආරම්භයේ සිට අවසානය වනතෙක්ම මේ ඩයමන්ඩ් සංකේතය දැකගන්නට හැකියි.

ලංකාව පුරා ගිහිං මේ ගීතයේ රූපගත කිරීම් කරලා තියෙන නිසා ලංකාවේ ජීවත්වුණත් මෙතෙක් අපි නොදැකපු තැන් දැකගන්නට පුළුවන්. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ අපේ රටේ තියෙන ආකර්ශණීය තැන් ගණනාවක් වෙනස් විදියට දැකගන්න හැකියි. මේ ඩයමන්ඩ් ගීතය දැකගන්න. පිවිසෙන්න.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...