BREAKING
Top Ad
Life

කර්ණාටක ජන කලා ප්‍රසංගයක් කොළඹ දී...

T

The Leader

August 20, 2023 • 4:43 AM

කර්ණාටක ජන කලා ප්‍රසංගයක් කොළඹ දී... 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රකට කලාකරුවන් සහභාගී වන සංස්කෘතික පුසංගයක් අගෝස්තු 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
  •  කේවල නර්තන ඉදිරිපත් කරනු ලබන්නේ, ආරතී සුරේෂ් හා අනු ආනන්ද් විසිනි.
  • ගුරු ආචාර්ය ජය ශ්‍රී රවී සහ ශෘති  අෂීස් යුගල ඉදිරිපත් කරන නර්තන අංගය ද සිත්ගන්නා සුළුයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ එදින පස්වරු 4 සිට 5 දක්වා කොළඹ, සෞන්දර්යය විශ්ව විද්‍යාලයීය රංග ශාලාවේදී ය. 

කර්නාටක ප්‍රාන්තයේ ප්‍රකට කලාකරුවන් 30 කට අධික පිරිසක් එක් වන ප්‍රසංගයේ නර්තන (සම්ප්‍රදාය හා ජන), සංගීත, බහු භාෂා කාව්‍ය ගායනා, මුද්‍රා නාටක යනාදී අංග රැසක් ඉදිරිපත් කෙරෙනු ඇත. 

Kuchipudi Dance Karnataka
මෙය ඉන්දියාවේ අන්තර්ජාතික සංස්කෘතික කවුන්සිලය ලොව පුරා ඉදිරිපත් කරනු ලබන පුසංගය මාලාවේ 40 වැන්නයි. 

මෙහිදී මුලික අවධානය යොමු වන්නේ, කර්ණාටක ජන ගී, ජන නැටුම්, ජන සංගීත, හා ජන කවි යන අංග කෙරෙහිය. 

ඉන්දියාවේ විශිෂ්ටතම නර්තන ශිල්පීන් අතර සිටින මධුරී බොන්ද්‍රේ හා ඇයගේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කරන අංග මෙහිදී කැපී පෙනේ. 

එමෙන්ම, යක්ෂ ඝණ නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ, ෂෙරියාස් රවී හෙග්රේ යි. ගුරු ආචාර්ය ජය ශ්‍රී රවී සහ ශෘති  අෂීස් යුගල ඉදිරිපත් කරන නර්තන අංගය ද සිත්ගන්නා සුළුයි.  ජන කවි ගායනා ඉදිරිපත් කරනු ලබන්නේ, මහාචාර්ය බින්ඩිගනවේලු භාගවන් සහ ආචාර්ය නර්තනා අනානි විසිනි. රූකඩ සංදර්ශනය, යශෝධරා රංග පුතාලී ගෙනි.  කේවල නර්තන ඉදිරිපත් කරනු ලබන්නේ, ආරතී සුරේෂ් හා අනු ආනන්ද් විසිනි. ගායනා වෙන්කතේෂ් මුර්ති, ගෝනා ස්වාමි, පුෂ්පා ආරාධයා, මන්තේෂ් මාමදපුර සිදු කරති. 

PHOTO 2023 08 20 15 25 03
මෙය සංවිධාන කරනු ලබන්නේ, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානය යි. ශ්‍රී ලංකාවේ ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය ද ඊට අනුග්‍රාහකත්වය දක්වයි.

ප්‍රසංගය නොමිලයේ පැවැත්වෙන අතර සියලු දෙනාට ඒ සදහා ආරාධනා කෙරේ. 

PHOTO 2023 08 20 15 25 01


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...