BREAKING
Top Ad
Life

මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දිෂ්ට කෘති මෙන්න

T

The Leader

August 30, 2023 • 3:48 AM

මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දිෂ්ට කෘති මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 25 වැනි වරටත් පවත්වනු ලබන ''ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ'' සම්මාන සඳහා නිර්දේශිත කෘති නාම ප්‍රකාශයට පත් කර තිබේ.
  • මෙම ලැයිස්තුවේ කිසිදු ප්‍රමුඛතා අනන්‍යතාවක් සඳහන් නොවන බව සැලකුව මනාය.
  • මෙම නිර්දිෂ්ට කෘති අතුරින් සම්මානයට නම් කරෙනු ලබන කෘති වෙනුවෙන් සම්මාන පිරිනැමීම සහ තිළිණ පිරිනැමීම, 2023 වර්ෂයේ ඉදිරි මාසයක කොළඹ දී උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙන බව ද වැඩි දුරටත් දැනුම් දී සිටිමු.
  • 25 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා නිර්දිෂ්ට සියලු කෘතිහි නිර්මාපකයන්හට ගොඩගේ සාහිත්‍ය සම්මාන කමිටුවේ සුබ පැතුම් පිරි නැමේ!''  
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකාශිත කෘති සම්බන්ධයෙන් ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන කමිටුව වෙනුවෙන් එහි සංවිධායක සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහනක් පහතින්,


ggt

''2022 වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දිනට අදාළ වර්ෂයේ ප්‍රකාශිත කෘතියක් ලෙස ජාතික ලේඛනාගාරයේ ලියාපදිංචිය ලැබ ගොඩගේ සම්මාන කමිටුව වෙත යොමු කෙරුණ මුද්‍රිත කෘති අතුරෙන් පහත සඳහන් සාහිත්‍ය ප්‍රවර්ගයන් යටතේ සමීක්ෂණයට භාජනය කරන ලදුව 2023 වසරේ සම්මාන ප්‍රදානෝත්සවයේදි සම්මාන බුහුමනින් පුදනු ලැබීමට නිර්දිෂ්ට කෘති නාම ලේඛනය පහත සඳහන් කෙරේ.

මෙම කෘති නාම ලේඛනය ඒ, ඒ, සාහිත්‍ය ප්‍රවර්ගයන් යටතේ ලැයිස්තු ගත කර ඇත්තේ ග්‍රන්ථ නාම අකාරාදියට අනුව ය. මෙම ලැයිස්තුවේ කිසිදු ප්‍රමුඛතා අනන්‍යතාවක් සඳහන් නොවන බව සැලකුව මනාය.

මෙම නිර්දිෂ්ට කෘති අතුරින් ඒ, ඒ සාහිත්‍යාංගයන් යටතේ ඒක් කෘතියක් පමණක් සම්මානයට පාත්‍ර කෙරෙන අතර සම්මානිත කෘතිය වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මානය/ මුදල් ත්‍යාගය හෝ පොත් වව්චරය/ සහතික පත්‍රය පිරිනැමෙන අතර නවකතා/ යොවුන් නවකතා/ කෙටිකතා සංග්‍රහ සහ කාව්‍ය සංග්‍රහ අංග යටතේ වසරේ ප්‍රශස්තතම නවක දායකත්ව ඇගයීම් සම්මාන ඵලකයක්, සහතික පත්‍රයක් සහ පොත් වව්චරයක් තෑගි ලෙස පිරිනමනු ලබන්නේය.

මෙම නිවේදනය ප්‍රකාරව සිංහල භාෂාවෙන් රචිත කෘති සහ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත කෘති වෙනුවෙන් නිර්දිෂ්ට නිර්දේශ නාමලේඛනය පමණක් ප්‍රකාශ්‍යට පත් වෙතත් ඊට අමතරව දෙමළ භාෂාවෙන් රචිත 2022 වර්ෂයට අදාළ කෘති සඳහා ද සම්මාන පිරිනැමීමක් සිදු වන බව දන්වා සිටිනු කැමත්තෙමු.
මෙම නිර්දිෂ්ට කෘති අතුරින් සම්මානයට නම් කරෙනු ලබන කෘති වෙනුවෙන් සම්මාන පිරිනැමීම සහ තිළිණ පිරිනැමීම, 2023 වර්ෂයේ ඉදිරි මාසයක කොළඹ දී උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙන බව ද වැඩි දුරටත් දැනුම් දී සිටිමු.

වසර විසිපහක් අඛණ්ඩව පවත්වා ගත් මෙම කීර්තිමත් සම්මානය සඳහා සිය දායකත්වය ලබා දුන් සියලු ප්‍රකාශන සමාගම්වලටත්, කර්තෘ ප්‍රකාශකයන්හටත්, මෙම කෘති සමීක්ෂණය කරන ලද සමීක්ෂණ මණ්ඩලයටත් ගොඩගේ ප්‍රකාශකයන් සහ 25 වැනි ගොඩගේ සම්මාන කමිටුවේ ගෞරවණීය ස්තුතිය පිරි නැමේ.

25 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා නිර්දිෂ්ට සියලු කෘතිහි නිර්මාපකයන්හට ගොඩගේ සාහිත්‍ය සම්මාන කමිටුවේ සුබ පැතුම් පිරි නැමේ!''

370005558 6474982119283689 3208200941094999231 n

372744404 6474981612617073 7683433912016927493 n

370621892 6474981615950406 9112360463701615324 n

373087948 6474981489283752 585519494326540122 n

 371098654 6474982329283668 1533299310855346238 n


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...