BREAKING
Top Ad
Life

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

T

The Leader

September 14, 2023 • 2:56 AM

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයන්ගෙන් පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 14දා එනම්, අද දින ප. ව 2ට මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැත්වේ.
  • මෙහිදී සාහිත්‍යකරුවකු වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන සාහිත්‍යරත්න සම්මානය සිංහල භාෂාව සඳහා සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දෙමළ භාෂාව සඳහා කේ.
  • රාජ්‍ය සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක ගේ සහභාගිත්වයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක ගේ සහභාගිත්වයෙනි.

Screenshot 2023 09 14 at 13.54.05

මෙහිදී සාහිත්‍යකරුවකු වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන සාහිත්‍යරත්න සම්මානය සිංහල භාෂාව සඳහා සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දෙමළ භාෂාව සඳහා කේ. සට්ටනාදන්, ඉංග්‍රීසි භාෂාව සඳහා මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් වෙත පිරිනැමේ.

ශ්‍රී ලාංකේය සාහිත්‍යය ක්ෂේත්‍රය විශිෂ්ට සාහිත්‍යය නිර්මාණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයට පාත්‍ර කරන රාජ්‍ය සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය සාහිත්‍යය උපදේශක සභාව එක්ව සංවිධානය කරන අතර මෙහිදී භාෂා ත්‍රිත්වයෙන් විෂය ක්ෂේත්‍ර 19ක් යටතේ රාජ්‍ය සාහිත්‍යය සම්මාන 41ක් පිරිනැමීමට නියමිතය.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...