BREAKING
Top Ad
Life

මේ විකාර ලෝකයෙන් මොහොතකට නිදහස් වෙන්න පුළුවන් ක්‍රම දෙකයි : එකක් සංගීතය, අනික පූසො

T

The Leader

September 15, 2023 • 4:19 AM

මේ විකාර ලෝකයෙන් මොහොතකට නිදහස් වෙන්න පුළුවන් ක්‍රම දෙකයි : එකක් සංගීතය, අනික පූසො

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මේ විකාර ලෝකයෙන් මොහොතකට නිදහස් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියනව.. එකක් සංගීතය. අනිත් එක පූසො."
  • ඇහැරවන්න" "මම දකුණතින් ලියන්න උත්සාහ කරන්නෙ ඒ නිසා.
  • පූසෙක්ගෙ ගෙදර ජීවත් වෙනව නම් ඌට ඕනෙ විදිහට ජීවත් වෙන්න වෙන බව.
  •   Albert Schweitzer 1875- 1965   (Malcolm Sang) Malcolm Sang ෆේස්බුක් පිටුවෙන් ...
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහෙම ලියන්නෙ ඇල්බට් ශ්වෙයිට්සර්.

ඇල්බට් ශ්වෙයිට්සර් දාර්ශනිකයෙක්... නොබෙල් සාම ත්‍යාගය ලබපු ලේඛකයෙක්... දේශකයෙක්… වෛද්‍යවරයෙක් වගේම  කවියෙක්.
 
4090.jpg
 
යුරෝප‍යේ රෝහල් තුල සේවය කිරීමෙන් හා ලේඛන කලාවෙන් ලැබෙන මුදලින් දුප්පත් අප්‍රිකානු රටවල රෝහල් පවත්වාගෙන යාම ඇල්බට් ශ්වෙයිට්සර් කරපු විශිෂ්ඨ වැඩ වලින් එකක්.
තියොලොජි.. මියුසිකෝලොජි...  වෛද්‍ය විද්‍යාව.. දර්ශණය වගේ විශයන් ගණනාවක දක්ශයෙක් වූ ශ්වෙයිට්සර් එක්තරා කාලයකදි ලියන ලිපි කියවන්න බොහෝ දෙනෙකුට අපහසු වෙන්නෙ එයාගෙ අකුරු කියවන්න අමාරු නිසා. 

ලස්සන අකුරු ලියන්න දක්ශයෙක් වූ ඇල්බට් ශ්වෙයිට්සර්ගෙ අකුරු එකවරම වෙනස් වීමටත් ..ඒ කියන්නෙ ලස්සන අකුරු කැත වෙලා විකෘති වීමත්…. ලියන ලිපි ප්‍රමාණය හා සීමිත වීම නිසාත් එයාගෙ පාඨකයොත් වෘත්තීය සගයොත් හිතන්නෙ ඇල්බට්ගෙ සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යයත් දුර්වලයි කියල. ඇල්බට් ශ්වෙයිට්සර් වමත් කරුවෙක්.
 
albert schweitzer 1 
කාලෙකට පස්සෙ ඇල්බට් කියනව " මම ලියන්න මේසෙ ලඟ ඉඳගන්න හැම අවස්ථාවකම සිසී ඇවිත් මගේ වම් අත උඩ තුරුල් වෙනව. ඉන් පස්සෙ එතනම නිදා ගන්නව. මට පුළුවන් කමක් නෑ සිසීව තල්ලු කරන්න... ඇහැරවන්න"

"මම දකුණතින් ලියන්න උත්සාහ කරන්නෙ ඒ නිසා. මට දකුණු අතින් ලියන්න බෑ...ලියවෙන්නෙ අමුතුම හැඩතල... විකාර මිස අකුරු නෙවේ. ඒත් මම උත්සාහ කරනව. මම ලියනවට මේ උන්දැ අකමැතිද ඒක මම දන්නෙ නෑ. මගේ ලිවීම වගේම සිසීගෙ නින්දත් මට වටිනව'', ශ්වෙයිට්සර් ලියනව.
 
 
ඇල්බට් ශ්වෙයිට්සර්ට වැටහෙනව... පූසෙක්ගෙ ගෙදර ජීවත් වෙනව නම් ඌට ඕනෙ විදිහට ජීවත් වෙන්න වෙන බව.  උන්ට අයිතිකාරයො නෑ සේවකයො මිස.  මුළු ජීවිත කාලෙම රණ්ඩු කරන්න... බැන ගන්න කාටද පුළුවන්.
Success is not the key to happiness. “සාර්ථකත්වය යනු සතුට ලබාදෙන මාර්ගය නොවේ.” මේ ශ්වෙයිට්සර්ගේ තවත් ලස්සන වාක්‍යයක්.
 
Albert Schweitzer 1875- 1965
 
අතීතය වෙනුවෙන් වර්තමානය හෝ අනාගතය කැප කරන්න අපි සූදානම් ද?(Malcolm Sang)

Malcolm Sang ෆේස්බුක් පිටුවෙන් ...


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...