BREAKING
Top Ad
Life

සෑම දරුවකුම සුවිශේෂයි - (ආචාර්ය නදී දිසානායක)

T

The Leader

October 1, 2023 • 12:34 AM

සෑම දරුවකුම සුවිශේෂයි - (ආචාර්ය නදී දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීපව්‍යාප්ත උත්සව, තරඟ, විවිධ වැඩසටහන් පැවැත්වෙන්නේ ඔක්තෝබර මස පළමු දිනට යෙදෙන ලෝක ළමා දිනය සැමරීමටයි.
  • සෑම දරුවකුටම කුමන හෝ ආකාරයකට අලුත් යමක් සිතීමට කිරීමට හැකි බව අමතක නොකරන්න.
  • දරුවන්ට ඔබගේ සිතෙහි ඇති අසාවන් නොව ඔවුන්ගේ සිතෙහි ඇති දේ කිරීමට නිදහස සහ අවස්ථාව ලබා දෙන්න.
  • තම දරුවා විශේෂ බව කිසිවිට අමතක නොකරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


වසරේ එක දිනකට පමණක් සීමා නොවී ''සෑම දරුවකුම සුවිශේෂයි'' කියා සිතා අපට වසර පුරාවටම කටයුතු කළ හැකි නම් අදට වඩා ලස්සන රටක් හෙට නිර්මාණය වනු ඇත. 

දරුවකු මෙලොව බිහි කළ දින සිට දෙමාපියන් සිහින දකින්නේ කවද හෝ තම දරුවා පවුලට කීර්තියක් ගෙනදෙන සමාජයේ බැබළෙන පුද්ගලයකු වනු දැකීමටය. එම සිහිනය සැබෑ වීමටනම් දෙමාපියන් විසින් සිදු කළයුතු වැදගත් කරුණු කිහිපයකි.

සෑම දරුවකුටම කුමන හෝ ආකාරයකට අලුත් යමක් සිතීමට කිරීමට හැකි බව අමතක නොකරන්න. දරුවන්ට ඔබගේ සිතෙහි ඇති අසාවන් නොව ඔවුන්ගේ සිතෙහි ඇති දේ කිරීමට නිදහස සහ අවස්ථාව ලබා දෙන්න. තම දරුවා විශේෂ බව කිසිවිට අමතක නොකරන්න. එක් දරුවකු තවත් දරුවකුට සම කළ නොහැකි බව ඔබටත් තේරෙනවා ඇත.

 UNICEF UN0220415 Sri LankaCROPPED 1024x576

ඔබගේ දරුවා නිතරම බොහෝ දේ ඉල්ලනවා විය හැක. එය දරුවන්ගේ ස්වභාවයයි. නමුත් ඔබට ඒ හැම දෙයක්ම ලබාදීමට ධනය සහ කාලය මදි විය හැක. අධෙර්යය නොවී හැකි පමණින් ළඟ තිබෙන දෙයින් දරුවාගේ අවශ්‍යතාවය ඉටු කිරීමට උත්සහ කරන්න. වැදගත් වන්නේ දරුවා දිරිමත් කිරීමය - ශක්තිමත් කිරීමය. 

ලැබෙන දෙයින් සෑහීමට පත්වී අලුත් විදියට සිතා යමක් කිරීමට දරුවාට පුරුදු කරන්න.

දරුවන්ට කීමට බොහෝ කතා ඇත. එම කතා ඇසීමට ඔවුනට හිතවතකු වුවමනාය. දරුවන් සමඟ හැකි සැමවිටම සමීප වී කටයුතු කිරීමෙන් ඔවුන් තමාගේ හොඳම මිතුරා ලෙස මව හෝ පියා හෝ තෝරා ගන්නවා නොඅනුමානය. දෙමාපියන්ගෙන් දුරස් වන දරුවන් නොයෙකුත් නොගැලපෙන ක්‍රියාවන්ට යොමුවන බව නොරහසකි. 

දරුවන්ට පාළුව තනිකම උහුලා ගත නොහැකි බව හොදින් මතක තබා ගන්න. ඔවුන් නිතරම සෙල්ලම් බඩු, සතුන්, ගහ කොළ සමඟ දොඩමළු වන්නේ පාළුව තනිකම නැති කර ගැනීමටය.

දෙමාපියන්, සහෝදරයින්, නෑදෑයින් සමඟ ඉතා කිට්ටුවෙන් සිටින දරුවන්ගේ මුහුණු බොහෝවිට සතුටුන් පිරී තිබෙන සැටි ඔබ දුටුවාද?

adobestock 296606048 AR
වැරැද්දක් කළ විට අවවාද කිරීමත් ජයග්‍රහණයක් ලබා ගත් විට එය අගය කිරීමත් තුළින් දරුවන්ගේ පෞරුෂය වර්ධනය වේ. නමුත් ඇතැම් වැරදි ක්‍රියාවන්ට අවවාද කිරීමේදී පළමු අවස්ථාවේදීම එය පිරිසක් ඉදිරියේ කළ යුතුද යන්න ඔබ දෙසැරයක් සිත බලන්න. ඔබ කුඩා කළ වැඩිහිටියන්ගෙන් ඔබට ලැබුණු අවවාද පැසසුම් තවමත් ඔබේ සිතේ දෝංකාර දෙනවා නේද? තම දරුවාටද එය එසේම බලපාන බව සිහියේ තබා ගන්න.

දරුවන්ට බොරු පොරොන්දු නොදී ඇත්ත ඇති සැටියෙන් වටහා දීම ඉතා වැදගත්ය. බොරු නොනිකයන, වංචා නොකරන යහපත් පුරවැසියකු නිර්මාණය කිරීමට හැක්කේ ඔබටම පමණයි. දරුවාගේ මනසට දරාගත හැකි, අවබෝධ කරගත හැකි, ආකාරයට කරුණු, සිද්ධි පැහැදිලි කර දීමට සැමවිට උත්සහ කරන්න.

gpeTcV5LKuSQTlec kids playing street cricket srilanka

දරුවන්ට ඉගෙනගැනීමට, විනෝද වීමට , නිදහසේ තම සිතුම් පැතුම් අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දිය යුතුය. සාමුහික කටයුතු වලදී ඔවුන්ගේ අදහස් ද විමසා බැලීමට මතක තබා ගන්න. 

වසරේ එක් දිනයක් පමණක් ළමා දිනය සැමරීමට වෙන්වුවත් උදාවන සෑම දිනයක්ම තම ළමයාගේ දිනය බවට සිතා කටයුතු කළ හැකි නම් ඔබට අනාගතයේ බොහෝ සතුටු විය හැකිය.

ළමයාගේ පළමු ගුරුවරුන් වන්නේ මව සහ පියායි. එසේනම් සමාජයට වැඩදායි සාර්ථක පුරවැසියකු නිර්මාණය කිරීමට ඔබට පැවරී තිබෙන වගකීම නිවැරදිව තේරුම් ගෙන කටයුතු කළ යුතුය. රටක අනාගතය යනු එරටෙහි දරුපරපුරයි.

සුන්දර රටක නිර්මාණකරු ඔබයි.

Screenshot 2023 10 01 at 11.00.24(ආචාර්ය නදී දිසානායක)
info@nadeed.org

Founder/Secretary - CUP
Senior Commissioner
Inland Revenue, Sri Lanka


සබැඳි පුවත් :

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක)

පොතපත මිනිසා සම්පූර්ණ කරයි - (ආචාර්ය නදී දිසානායක)

නත්තලට පොඩ්ඩන්ට තෑග්ගක් !

දුවා දරුවන් 'වළාකුළු' අතරට ගෙන යන නදී...! - Kids Song (වීඩියෝ )

ආචාර්ය නදී දිසානායක සමඟ පිළිසඳරක්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...