BREAKING
Top Ad
Life

'යූටියුබ් එකෙන් බලලා තමයි මම චැනල් එක පවා හදාගත්තේ'

T

The Leader

October 6, 2023 • 10:14 PM

 'යූටියුබ් එකෙන් බලලා තමයි මම චැනල් එක පවා හදාගත්තේ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි කවුරුත් රසවත් ආහාර වේලක රස බලන්න කැමැත්තෙමු. බොහෝවිට ඒ රසවත් ආහාරය සැකසෙන්නේ අපගේ මව, බිරිඳ හෝ සහෝදරියගේ දෑතින් විය හැකිය.
  • නමින් චරිත් නිපුන් සිල්වා වන ඔහු 1995 වර්ෂයේ දී උපත ලබා තිබේ.
  • ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථිරව පදිංචි වී සිටින ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ රේවත ජාතික පාසැලෙනි.
  • ඥාතියෙකුගේ මාර්ගයෙන් ඔහු ඉවුම් පිහුම් වෙත යොමුවූ බව, බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉවුම් පිහුම් සිදුකළ යුත්තේ කාන්තාවන් පමණක් යන ඒකාකෘතික සම්මතය තවමත් මුළුමනින්ම යටපත් වී නොමැති වටපිටාවක රසවත් ලෙස ආහාර පිසීමෙන් පමණක් නතර නොවී සිය දක්ෂතාව ඩිජිටල් අවකාශය ඔස්සේ මුළු ලෝකයක් හමුවට ගෙන එන තරුණයෙකු පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට බීබීසි සිංහල සේවයේ අපි කල්පනා කළෙමු.

සයිබර් අවකාශයේ ඔහු කවුරුත් හඳුනන්නේ 'Wild CookBook' යන නමිනි. ශ්‍රී ලංකාවේ වැඩිම පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින යූටියුබ් නාලිකාවේ හිමිකරු ද ඔහු ය.

මේ වන විට මිලියන පහකට අධික යූටියුබ් ග්‍රාහකයින් ඔහු වටා ඒකරාශී වී සිටියි.

Screenshot 2023 10 07 at 9.02.41 AM

කවුද මේ Wild CookBook කියන්නේ?


නමින් චරිත් නිපුන් සිල්වා වන ඔහු 1995 වර්ෂයේ දී උපත ලබා තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථිරව පදිංචි වී සිටින ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ රේවත ජාතික පාසැලෙනි.240661205 251364783511665 957127515839569678 n

ඥාතියෙකුගේ මාර්ගයෙන් ඔහු ඉවුම් පිහුම් වෙත යොමුවූ බව, බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ය.

"මගේ අක්කගේ මහත්තයා නිසා තමයි මම මුලින්ම මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. ඔහු පේස්ට්‍රි චෙෆ් කෙනෙක් විදිහට සේවය කරනවා".

"ඒ අනුව මම 2016 අවුරුද්දේ දී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පවත්වන කුකරි සම්බන්ධයෙන් වූ පාඨමාලාවක් හදාරනවා. ඒ හදාරලා වස්කඩුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක සේවයට එක්වෙනවා," චරිත් පැවසුවේ ය.


'කුකරි කියන්නේ ලේසි දෙයක් නෙමෙයි'


සූපවේදියෙකු වීම පහසු කාර්යයක් නොවන බවත්, ආරම්භක සමයේ දී ඔහුට ඉතා අපහසු කාලසීමාවකට මුහුණදීමට සිදුවූ බවත් මෙහිදී චරිත් සිහිපත් කර සිටියේ ය.

"කුකරි පටන් ගනිද්දි ගොඩක් අමාරුයි. මුල් මාස හයේ පඩියක් නැතුව වැඩ කරන්න වුණා. ඊට පස්සේ තමයි සර්විස් එකට ගානක් ලැබෙන විදිහට වැඩ කළේ."

"මම ලංකාවේ වගේම ඩුබායි හි පිහිටි සංචාරක හෝටල් කිහිපයකම සේවය කරලා තියනවා. ඊට පස්සේ 2022 වසරේ දී රැකියාවට සමුදීලා සම්පුර්ණයෙන්ම සමාජ මාධ්‍ය වෙනුවෙන් කන්ටෙන් කරන්න ආරම්භ කළා," ඔහු පැවසුවේ ය.


සමාජ මාධ්‍ය ගමනේ ආරම්භය



යූටියුබ් ගිණුමක් නිර්මාණය කර ගන්නා ආකාරය ගැන හෝ ඔහුට නිසි අවබෝධයක් නොතිබුනු බවත්, තනිවම ඒ වෙනුවෙන් කැපවූ බවත් චරිත් බීබීසි සිංහල සේවයට පවසා සිටියේ ය.

"යූටියුබ් ප්‍ලැට්ෆෝම් එකට වීඩියෝ දාන්න පුළුවන් කියලා මම මුලින්ම දැන ගත්තේ 2017 අවුරුද්දේ. මම කරන ජොබ් එකත් එක්ක මේක කරන්න පුළුවන් ද කියලා මට හිතුණා. හැබැයි මේකෙන් සල්ලි ලැබෙනවා කියලා දැනන් හිටියේ නෑ."

"කොහොමහරි කරනවා කියලා හිතාගෙන තමයි මුලින්ම යූටියුබ් චැනල් එක පටන් ගත්තේ 2020 අවුරුද්දේ. ඊට පස්සේ තමයි ටික්ටොක්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් හදා ගත්තේ."

"මුලින්ම කියන්න ඕන මට මේ ගමනට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. මට සපෝර්ට් එක ලැබුනේ අන්තිම හරියේ.

"යූ ටියුබ් එකෙන් බලලා තමයි මම චැනල් එක පවා හදාගත්තේ. ඒ වගේ ගමනක් තමයි මම ආවේ," ඔහු පවසා සිටියේ ය.

378035937 788444953290957 5554787300063612181 n


කොවිඩ් නිසා ලැබුණු පන්නරය


කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග යුටියුබ් නාලිකාවේ වැඩකටයුතු අත්හිටුවීමට සිදුවූ ඔහුට, නැවතත් එය ආරම්භ කිරීමට හැකිවූයේ ද කොවිඩ් වෛරසය හේතුවෙන් බව ඔහු මෙහිදී කියා සිටියේ ය.

"මම කන්ටෙන් කරන්න පටන් ගත්තේ සොබාදහමත් එක්ක. නමුත් කොවිඩ් සමයේදී ඒ වගේ දෙයක් කරන්න ගොඩක් අමාරු වුණා."

"අපි කන්ටෙන් එකක් කරන්න දිය ඇල්ලක් ළඟට ගියාම ඒ හරියේ ඉන්න අය 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුම් එහෙම දුන්න අවස්ථාත් තියනවා. කොවිඩ් නිසා මට මේක නතර කරන්න සිද්ධ වුණා."

                                     
"පස්සේ මට ආපහු හෝටලයේ රැකියාවට යන්න සිද්ධ වුණා. ඒ අතරතුරේ දී මට පුළුවන් වෙලාවට වීඩියෝවක් එහෙම කරලා දැම්මා."

"ඔය අතර වාරයේදී 2021 අවුරුද්දේ මම උණවටුන ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් ඉද්දි කොවිඩ් වෛරසය ආසාදනය වෙලා මාසයක කාලයක් නිවාඩු ලැබුණා. ඒ කාලයේ දී ආපහු වීඩියෝ කරන්න පටන් ගත්ත එක තමයි සෝෂල් මීඩියාවලින් වෛයිරල් වෙන්න පටන් ගත්තේ," චරිත් ඔහුට මුහුණ දෙන්නට සිදුවූ අත්දැකීම් පිළිබඳ අදහස් ප්‍රකාශ කළේ ය.

වීඩියෝ නරඹන්නන්ට අලුත්වූ අත්දැකීමක් ගෙන ඒම සඳහා ඔහු වීඩියෝ ඉදිරිපත් කරන ආකාරයේ යම් වෙනසක්‌ සිදුකළ බව ද මෙහිදී ඔහු පැවසීය.

"මම මුලින් වැඩ කළේ 'පේස්ට්‍රි ඇන්ඩ් බේකරි' කියන අංශයේ. එතකොට හැම වෙලාවෙම අපි දාන කේක් එකක් හෝ අනිත් කෑම වර්ග ගානිෂ් කරලා [සරසලා] හොඳ විදිහට ප්‍රසන්ට් කරන්න ඕන. ඒකෙ තිබ්බ ආභාෂයත් එක්ක වගේම හොටෙල් එකේ වැඩ කරද්දී අපි විහිළුවෙන් තහළුවෙන් කරපු දේවල් ආභාෂයට අර ගත්තා මේ වීඩියෝ කරද්දී," ඔහු කියා සිටියේ ය.

මේ වැඩකටයුතු සඳහා බාල සහෝදරයාගෙන් සහ සහෝදරියගේ උපකාරය හිමිවන බව පැවසූ චරිත් මෙහිදී ඔවුන් සිහිපත් කිරීමට ද අමතක නොකළේ ය.

ඉදිරියට ද ඔහුගේ වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යන බවත්, නවමු අත්දැකීමක් ඔහුගේ පරිශීලකයින්ට ලබාදීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු බීබීසී සිංහල සේවය වෙත වැඩිදුරටත් පැවසීය.


සබැඳි ලිපියක්

වැඩි ම ආදායමක් ඇතැයි කියන 'අපේ අම්මා' යූටියුබ් නාලිකාව බීබීසීයට කී කතාව

(BBC සිංහල සේවය)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'යූටියුබ් එකෙන් බලලා තමයි මම චැනල් එක පවා හදාගත්තේ' | The Leader