BREAKING
Top Ad
Life

ලංකාවේ වැඩිහිටියන්ගෙන් වැඩි දෙනෙක්ට ඩිමෙන්ෂියා

T

The Leader

October 6, 2023 • 11:37 PM

 ලංකාවේ වැඩිහිටියන්ගෙන් වැඩි දෙනෙක්ට ඩිමෙන්ෂියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් වැඩි ප්‍රමාණයක් තනිකම හා ඩිමෙන්ෂියාව යන රෝග තත්වයෙන් පෙළීම දිගින් දිගටම වැඩිවෙන බවත් ඒ සදහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් මානසික රෝග වෛද්‍ය මල්ෂා
  • හික්කඩුව ප්‍රදේශයේ සිදුකරන ලද මෑතකාලීන සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ, එම ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් 48% ක්ම තනිකම යන තත්ත්වයෙන් පසුවන බවයි.
  •  ගෝලීය ජනගහණයේ ඩිමෙන්ෂියා රෝගීන් ප්‍රතිශතය හා ශ්‍රී ලාංකීය ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රතිශතය සමානවීම නිසා රජයේ වගකිවයුතු අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර එම තත්ත්වයන්ට පිළියම් යෙදිය යුතු බවට වෛද්‍යවරිය අවධාරණය කරයි.
  • ඩිමෙන්ෂියා රෝග තත්ත්වය පිළිබඳ අවසන් වරට මෙරට තුළ සමීක්ෂණයක් සිදුකර ඇත්තේ, මීට වසර 20කට පමණ පෙර බව සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගුණතිලක පවසයි.

මෙරට වැඩිහිටියන්ගෙන් 06% ත් 07% ත් අතර ප්‍රතිශතයකට ඩිමෙන්ෂියා රෝගය පවතින බව නව වාර්තා තුළින් හදුනාගෙන ඇත.

තම දරුවන් රට හැරයෑම තනිකමින් පාළුවෙන් පෙළෙන වැඩිහිටියන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වීමට හේතුවකි.

හික්කඩුව ප්‍රදේශයේ සිදුකරන ලද මෑතකාලීන සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ, එම ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් 48% ක්ම තනිකම යන තත්ත්වයෙන් පසුවන බවයි.

 ගෝලීය ජනගහණයේ ඩිමෙන්ෂියා රෝගීන් ප්‍රතිශතය හා ශ්‍රී ලාංකීය ඩිමෙන්ෂියා රෝගීන්ගේ ප්‍රතිශතය සමානවීම නිසා රජයේ වගකිවයුතු අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර එම තත්ත්වයන්ට පිළියම් යෙදිය යුතු බවට වෛද්‍යවරිය අවධාරණය කරයි.

ඩිමෙන්ෂියා රෝග තත්ත්වය පිළිබඳ අවසන් වරට මෙරට තුළ සමීක්ෂණයක් සිදුකර ඇත්තේ, මීට වසර 20කට පමණ පෙර බව සඳහන් වේ.

මෙම රෝගය පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම අවමවීම හා එම රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් රැක බලාගැනීමේ පහසුකම් අවමවීම ප්‍රධන ගැටලුවක් බව කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය හමුවක දී වෛද්‍යවරිය පවසා ඇත.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, “ශ්‍රී ලාංකීය වැඩිහිටියන් අතර ‘ඩිමෙන්ෂියාව’ වැඩිවීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. මෙම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ අමතක වීමයි. සිතීමේ හැකියාව නැතිවීම, කථාබහ කිරීමේ ගැටලු මතුවීම, වචන සිරවීම, පවසන දේ තේරුම් ගැනීමට නොහැකිවීම, යම් යම් දේවල් සොයාගැනීමට නොහැකිවීම සෙසු රෝග ලක්ෂණයි. මෙම රෝග තත්ත්වය වර්ධනයවීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් විය හැකි නිසා වගකිවයුතු අංශ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නිවසේ දී රැකබලාගත නොහැකි එවැනි රෝගීන් රැකබලා ගැනීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.” යනුවෙනි.

පවුල් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ශ්‍යාමලී ඒකනායක ද මෙහිදී අදහස් දක්වා ඇත.

ඇය පවසා ඇත්තේ, වැඩිහිටියන් රූපවාහිනිය ඉදිරිපිට වැඩි කාලවේලාවක් ගත කිරීම මානසික ආතතිය මෙන්ම කායික ගැටලු වැඩිවීමට බලපා ඇති බවයි.

මේ හේතුවෙන් වැඩිහිටියන්ගේ කායික ක්‍රියාකාරිත්වය හා සමාජීය අන්තර් ක්‍රියාකාරීත්වය අවම වීම රෝග රැසකට මගපදා තිබේ.


(asianmirror.lk)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...