BREAKING
Top Ad
Life

අවිවාහක විශ්ව රූ රැජින තරගයට සංක්‍රාන්තිලිංගික කාන්තාවන් දෙදෙනෙකුත්

T

The Leader

November 1, 2023 • 11:40 PM

අවිවාහක විශ්ව රූ රැජින තරගයට සංක්‍රාන්තිලිංගික කාන්තාවන් දෙදෙනෙකුත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Miss Universe - අවිවාහක විශ්ව රූ රැජින තරගය මෙවර පැවැත්වෙන්නේ එල් සැල්වඩෝ මධ්‍යම අමෙරිකානු රටේ සැන් සැල්වඩෝ අගනුවර පිහිටි ජාතික ජිම්නේසියමේ.
  • R’Bonney Gabriel 72 වැනි වතාවටත් මෙවර පැවැත්වෙන මේ තරගයට විශේෂත්වයක් තිබෙනවා.
  • 2023 Miss Universe රූප සුන්දරී තරගයේ අවම වශයෙන් සංක්‍රාන්තිලිංගික කාන්තාවන් දෙදෙනෙකු තරග කිරීම ඉතිහාසයේ පළමු වතාවට සිදුවන්නක්.
  • අනෙක් තරගකාරියන් අභිබවා මේ දෙදෙනාගෙන් කෙනෙක් ජයග්‍රහණය කළහොත් ඔවුන් Miss Universe ඔටුනු පළන් පළමු සංක්‍රාන්තිලිංගික තරගකාරිය ලෙසින් ඉතිහාසගත වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නොවැම්බර් මාසයේ 18 වැනිදා පැවැත්වෙන මේ තරගයේදී නව රූප සුන්දරියට ඔටුන්න පළඳවනු ඇත්තේ දැනට ඒ ඔටුන්න හිමි අමෙරිකාවේ පාබොනී කේබ්‍රියල් (R’Bonney Gabriel) විසින්.

rbonnye

R’Bonney Gabriel

72 වැනි වතාවටත් මෙවර පැවැත්වෙන මේ තරගයට විශේෂත්වයක් තිබෙනවා. ඒ, පෘතුගාලයේ අවිවාහක රූ රැජින වන මෙරීනා මෙෂෙටී (Marina Machete) හා නෙදර්ලන්තයේ අවිවාහක රූප රාජිනිය වන රිකී කොල්ල (Rikkie Kolle) යන සංක්‍රාන්තිලිංගික කාන්තාවන් දෙදෙනාගේ සහභාගිත්වය.

2023 Miss Universe රූප සුන්දරී තරගයේ අවම වශයෙන් සංක්‍රාන්තිලිංගික කාන්තාවන් දෙදෙනෙකු තරග කිරීම ඉතිහාසයේ පළමු වතාවට සිදුවන්නක්. අනෙක් තරගකාරියන් අභිබවා මේ දෙදෙනාගෙන් කෙනෙක් ජයග්‍රහණය කළහොත් ඔවුන් Miss Universe ඔටුනු පළන් පළමු සංක්‍රාන්තිලිංගික තරගකාරිය ලෙසින් ඉතිහාසගත වනවා.

Marina Machete Crowned 2

Miss Portugal මෙෂෙටී

“සංක්‍රාන්තිලිංගික කාන්තාවක ලෙසින් මෙතෙක් ආ ගමනේදී මම නොයෙකුත් බාධකවලට මුහුණ දී තියෙනවා. නමුත් වාසනාවකට විශේෂයෙන් මගේ පවුලේ අයගේ ආදරය ඒ සියල්ල ජය ගන්න මට ශක්තියක් වුනා” යැයි Miss Portugal මෙෂෙටී පවසනවා.

කොල්ල Miss Netherlands වීමට පෙර සංක්‍රාන්තිලිංගික පුද්ගලයෙකු ලෙසින් ජීවිතයේ ඇය මුහුණ දුන් අරගල පිළිබඳව කතා කර තිබෙනවා.

768x576a

Miss Netherlands

“අපි ට අපි ගැන හැඳින්වීමක් කරන්න කියලා මේ විශ්ව රූප සුන්දරී තරගයේ සංවිධායකයින් අපට කීවා. මම තෝර ගන්නේ ‘ජයග්‍රහණය’ කියන වචනය. මොකද, පුංචි කොල්ලෙක් විදියට මම මගේ ගමන් මගේ ඉදිරියට ආපු සියළුම දේවල් විජයග්‍රහණය කර තියෙනවා. ඉතිං දැන් බලන්න මා දිහා. ශක්තිමත්, බලගතු හා එඩිතර සංක්‍රාන්තිලිංගික කාන්තාවක් විදියට මම හිටගෙන ඉන්න අපූරුව” කොල්ල වීඩියෝවකින් ප්‍රකාශ කර තිබෙනවා.

“එකට එකතු වෙලා අපිට මේ දෙය කරන්න පුළුවන් බව කවදාවත් අමතක කරන්න එපා. මේ ලෝකෙ අපි තනිවෙලා නැහැ. අවසානයේ ඔබ ‘ආත්ම විශ්වාසයෙන් යුත් ඔබ ම’ බවට පත්වීමේ සිහිනය අත්හරින්න එපා. ඔබ ට හොඳ දේ කුමක්ද කියලා වෙන කෙනෙකු විසින් ඔබ ට කියන්න ඉඩ තබන්න එපා. මොකද, වැදගත් වන එකම දෙය නම් ‘ඔබේ හොඳම මතය බවට පත්විය යුත්තේ ඔබ ම’ වන නිසා” යනුවෙන් කෙටි සටහනක් කොල්ල ඒ වීඩියෝවට තබා තිබෙනවා.

ms universe

සීමාවන් බිඳ දැමීමේ පියවරක් ලෙසින් සංක්‍රාන්තිලිංගික තරගකාරියන්ටත් අවිවාහක විශ්ව රූ රැජින තරගයේ කොටසක් වීමට අවස්ථාව ලබා දීම පිණිස තරග සංවිධායකයින් විසින් 2012දී ඔවුන්ගේ නීති වෙනස් කළා. විකසනය වෙමින් සිටින Miss Universe සංවිධායකයින් විසින් ඔවුන්ගේ නීතිවලට පෙරළිකාර වෙනස්කම් ගෙනැවිත් තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර මෙන් නොව දැන් දික්කසාද වූ කාන්තාවන්, ගැබිනි කාන්තාවන් හා දරුවන් සිටින කාන්තාවන්ටත් මේ ඔටුන්න සඳහා තරග කරන්න පුළුවන්. වාර්තා වන පරිදි ලබන 2024 වසරේ සිට මේ තරගය සඳහා වන වයස් සීමාව ද ඉවත් කෙරෙනු ඇත්තේ ලෝකයේ සිටින සෑම වැඩිහිටි කාන්තාවකටම අවිවාහක විශ්ව රූ රැජින - Miss Universe - වීම සඳහා තරග කිරීමේ මං විවර කරමින්.

සටහන :

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...