BREAKING
Top Ad
Life

ලෝකයේ ළාබාල ආච්ච්ලා

T

The Leader

November 17, 2023 • 5:24 AM

ලෝකයේ ළාබාල ආච්ච්ලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිස්තුන් හැවිරිදි දෙදරු මවක වන කෙරී කෝල්ස් එංගලන්තයේ සිටින ළබාලතම ආච්චි කෙනෙක් වෙන්න යනවා.
  • කෙරීගේ බාල ම දුව හොලී වයස අවුරුදු 14දී ගැබ්ගෙන සිටින බව පැවසූ විට කෙරී අන්දමන්ද වුනා.
  • තමාගේ වැඩිමල් දියණිය වන මිලී උපත ලබන විට කෙරී කෝල්ස් (Kerrie Coles)ගේ වයස වුනේ අවුරුදු 16ක්.
  • මවුපදවිය ලැබීම පිළිබදව තමා සතුටින් සිටින්නේ තමාගේ මවත් තරුණ ආම්මා කෙනෙකු ලෙස සිටින බව දන්නා නිසා යැයි හොලී කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, ඇගේ අඩිපාරේ යමින් ඇගේ බාල දරුවා දැන් ගැබ්බරව සිටින බැවින්.

කෙරීගේ බාල ම දුව හොලී වයස අවුරුදු 14දී ගැබ්ගෙන සිටින බව පැවසූ විට කෙරී අන්දමන්ද වුනා. නමුත් තමාගේ පළමු මුනුපුරා හෝ මිනිපිරිය ලබන වසරේ පෙබරවාරියේදී ලෝකයට සාදරයෙන් පිළිගැනීමට මේ ආච්චි දැන් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.

db3aee166dc93d2d38cce28b8eaff8d4තමාගේ වැඩිමල් දියණිය වන මිලී උපත ලබන විට කෙරී කෝල්ස් (Kerrie Coles)ගේ වයස වුනේ අවුරුදු 16ක්. ඊට අවුරුද්දකට පසුව ඇගේ දෙවැනි දරුවා වන හොලීගේ උපත සිදුවුනා.

මවුපදවිය ලැබීම පිළිබදව තමා සතුටින් සිටින්නේ තමාගේ මවත් තරුණ ආම්මා කෙනෙකු ලෙස සිටින බව දන්නා නිසා යැයි හොලී කියනවා. “ඇගේ අඩිපාරේ යමින් ඇගේ උපදෙස් ලබා ගැනීමෙන් මට සාර්ථක කාර්යයක යෙදෙන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.”

“මවක වීමට යන බව හොලී පැවසූ විට මම හඬා වැටුනා” යනුවෙන් එංගලන්තයේ බකිංහැම්ෂ ප්‍රාන්තයේ මිල්ටන් කීන්ස් නගරයේ පදිංචි කෙරී කෝල්ස් සඳහන් කරනවා. “අපි මේක මුලින් ම දැනගත් අවස්ථාවේදී මම බයවුනා. එයින් ඇත්ත ට ම මට සතුටක් දැනුනේ නැහැ. මට එයා ගැන හරියට බය හිතුනා. නමුත් දැන් මම බලං ඉන්නේ හොලී පුද්ගලයෙකු වශයෙන් හැදී වැඩෙනවා දකින්නයි. එයා ලොකු වෙන ගමන් අම්මා කෙනෙක් විදියටත් කටයුතු කරන්නේ කොහොමද කියලා බලං ඉන්න මට ඉවසුමක් නෑ.”

kerry 8494

සිය මවගේ උපදෙස් සියල්ල පිළිපදින බව කියන හොලී ‘ශක්තිමත් ආදර්ශමත් මවක්’ වීම පිළිබඳව කෙරී ට ප්‍රශංසාව පුද කරනවා. “විස්මිත මවක ලෙසින් මම මගේ අම්මාව දැකලා තියෙනවා. එයාව මට ශක්තිමත් ආදර්ශයක්. මගේ මව තරුණ අම්මා කෙනෙක්ව සිටි බව දැන සිටීම මගේ සිතට මහත් පහසුවක් ගෙන දෙන්නේ හැම දෙයක් ගැනම එයාත් එක්ක කතා කරලා හොඳම උපදේශය එයාගෙන් ගන්න පුළුවන් බව මම දන්න නිසා.”

තරුණ මවක වන කෙරී කෝල්ස් ඇගේ දියණිය මිලී මෙලොවට බිහි කළේ 2007 පෙබරවාරියේ. මිල්ටන් කීන්ස් සරසවි රෝහලේ උපත ලබන විට දරුවාගේ බර රාත්තල් 6ක් හා අවුන්ස 11ක්. ඊට පසුව නැවත ගැබ්ගත් ඇය 2009 ජනවාරියේදී හොලී ට මෙලොව එළිය ලබා දුන්නා. හොලී‌ගේ බර රාත්තල් 7ක්. දැන් හොලී ඇයගේ ම දරුවා සමග ගැබ්බර වී සිටින්නේ වයස අවුරුදු තිස් ගණන්වල මුල සිටින කෙරී එංගලන්තයේ වයසින් අඩු ම ආච්චි කෙනෙක් බවට පත්කරමින්.

පුතෙකු අපේක්ෂාවෙන් සිටින හොලී ගැබ්ගෙන දැන් සුමාන 25ක්. තවමත් ඉගෙන ගන්නා ඇය ලබන පෙබරවාරියේ දරුවා ප්‍රසූත කරනු ඇති බවටයි  බලාපොරොත්තුව වී තිබෙන්නේ.

ro897

Kelly Healey

එංගලන්තයේ සිටින ළාබාලතම ආච්චි ලෙස සැළකෙන්නේ 2018 වසරේදී 30 වැනි වියට පා තැබූ කෙලි හීලී (Kelly Healey). ඇය ඇගේ දියණිය වන ස්කයි සමග ගැබ්බර වන විට වයස අවුරුදු 15ක්. තරගය අත් නොහළ ස්කයි ද යාන්තම් වයස අවුරුදු 13දී ගැබිනියක වුනා.

වයස අවුරුදු 15දී දියණියක මෙලොව බිහි කිරීමෙන් පසුව අවුරුදු 33දී තම දියණියගේ දරුවාගේ සුරතල් බැලූ රූත් ක්ලේටන් (Ruth Clayton) ද බ්‍රිතාන්‍යයේ සිටින වයසින් අඩු ම ආච්චිලාගෙන් කෙනෙක්.

රූත් ඇගේ දියණිය වන රෝස් ට 2005 වසරේදී උපත ලබා දුන්නේ ඇය පාසලේ සිටියදී. ඉක්බිති රෝස් ඇගේ ම දරුවා 2022 වසරේදී බිහිකළේ රූත් බ්‍රිතාන්‍යයේ වයසින් අඩු ම ආච්චිලාගෙන් කෙනෙක් බවට පත් කරමින්.

article 1363699 0D81BC0E000005DC 195 1024x615 large

Rifca Stanescu

අවුරුදු 12ක නොමේරූ වයසේදී මරීයා නමැති දරුවකු ප්‍රසූත කළ රොමේනියාවේ රිෆ්කා ස්ටනෙස්කු (Rifca Stanescu) නමැති අහිගුණ්ඨික කාන්තාව තමා අනුගමණය නොකරන ලෙසට දියණියට ආයාචනය කළද මවගේ අඩිපාරේ ගිය මරීයා අවුරුදු 11ක් පමණක් වයසැතිව සිටියදී පුතෙකු බිහිකළා. ඒ අනුව රිෆ්කා ස්ටනෙස්කු ජිප්සි කාන්තාව වයස අවුරුදු 23දී ලොව ළබාලතම ආච්චි බවට පත්වුනා. රිෆ්කාගේ අම්මා වයස අවුරුදු 40දී මී ආච්චි කෙනෙක් වුනා. 

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...