BREAKING
Top Ad
Life

ඥාති මිත්‍රාදීන් හමුවේ ඔවුන් ගේ සුනඛයන් පිළිකුල් කිරීම එදාට වඩා අද බරපතළ වරදක්

T

The Leader

December 22, 2023 • 4:05 AM

ඥාති මිත්‍රාදීන් හමුවේ ඔවුන් ගේ සුනඛයන් පිළිකුල් කිරීම එදාට වඩා අද බරපතළ වරදක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම ඥාති හිතමිත්‍රාදීන් ගේ නිවෙස් වලට යන බොහෝ දෙනෙක් ඒ නිවැසියන් හෝ ඔවුන් ගේ ක්‍රියාකාරකම් ඔවුන් ඉදිරියේ පිළිකුලට ලක් නොකරන අතර ඒවාට අවමන් ද නොකරති.
  • බැලූ බැල්මටම ඉතා සුළු සරල කරුණු වශයෙන් පෙනී යන ඇතැම් දේ තුළ අප සමාජයේ බොහෝ දෙනකුට නොපෙනෙන ගැඹුරක් තිබේ.
  • අඩුම තරමින් එය ගැඹුරක් ද යන්නවත් ඇතැම්හු නොදනිති.
  • අප රට සමාජ ආර්ථික, දේශපාලනය මෙතරම් අර්බුදයකට පත්ව ඇති වර්තමානයේ මේවාත් කතා බහට ලක් කළ යුතු දේවල් දැයි ඇතැමකුට හැඟී යන්නට පුළුවන.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත්, වර්තමානයේ පවා තම ඥාති මිත්‍රාදීන් ගේ නිවෙස් වලට යන සමහරකු එම නිවසේ ඇති දැඩි කරන සුනඛයා එම නිවැසියන් ඉදිරියේ දීම පිළිකුලට ලක් කරනු හෝ ඒ සතාට අවමන් කරනු අසන්නට දකින්නට ලැබේ.

බැලූ බැල්මටම ඉතා සුළු සරල කරුණු වශයෙන් පෙනී යන ඇතැම් දේ තුළ අප සමාජයේ බොහෝ දෙනකුට නොපෙනෙන ගැඹුරක් තිබේ. අඩුම තරමින් එය ගැඹුරක් ද යන්නවත් ඇතැම්හු නොදනිති. එනිසා මෙම කරුණු සම්බන්ධයෙන් ද කාලීන මතවාදයක් ගොඩනැඟිය යුතු යැයි මට සිතේ.

27772 hd

අප රට සමාජ ආර්ථික, දේශපාලනය මෙතරම් අර්බුදයකට පත්ව ඇති වර්තමානයේ මේවාත් කතා බහට ලක් කළ යුතු දේවල් දැයි ඇතැමකුට හැඟී යන්නට පුළුවන. නමුදු හුදු දේශපාලනික නොවූ ගැටලු අර්බුද රාශියක් ද මේ වන විට පැන නැඟී “කුරුවළු”වෙමින් පවතිනු පෙනෙයි. ඉහත සඳහන් සකලවිධ ගැටළු අර්බුද සමාජ ආර්ථික දේශපාලනික සංසිද්ධීන් වලින් මුළුමනින් වියුක්ත නොවීම මත මේවා ද කාලීන සංවාද සඳහා ගොනු කර ගැනීමේ දොසක් නැතැයි අපට සිතේ. මක් නිසා ද යත් තිරසාර මානව සංවර්ධනය හුදෙක් ආකල්ප කේන්ද්‍රීය වන්නක් බැවිනි.

පසුගිය කාලයේ අප දන්නා හඳුනන තරුණයෙකු මංගල යෝජනාවකට අනුව තම මාපිය වැඩිහිටියන් කිහිප දෙනකු ද සමඟ මනාලියක බැලීමට ගියේය. එම නිවස තුළ සුරතලයට සුනඛයකු ඇති දැඩි කළ අතර එම පිරිස දුටු සැනින් ඒ සුනඛයා බුරන්නට පටන් ගත්තේය. ඒ සතා ගේ බිරීම නතර වූයේ එම තරුණිය ගේ පියා ගේ අන කිරීමකට අනුව ය.

CEV FRA Adaptil July 2020 Blog A Dogs Point of View What I Think of My Human Best Friend
නමුදු එම පවුලේ සාමාජිකයන් නිවෙස තුළ සුනඛයකු රඳවා ගෙන හිඳීම විවාහපේක්ෂිත තරුණයාගේ මවට අතිශය අප්‍රසන්න දෙයක් විය. ඒ අනුව ඇය පළමුව එම නිවැසියන් හමුවේ සිය අප්‍රසන්නතාවය එලෙසින්ම දිග හැරියා ය. සුනඛයන් යනු අපිරිසිදු සත්ව කොට්ඨාශයක් බවත් එනිසාම උන් හිඳින පරිසරය ද අපවිත්‍ර හා සෞඛ්‍යමය වශයෙන් අනාරක්ෂිත වන බවත් එබැවින් එම නිවස පවා අපවිත්‍ර ස්ථානයක් ලෙස තමන්ට හැඟී යන බවත් එම තරුණයාගේ මව පැවසීමත් සමඟ එම විවාහයේ කටයුතු එතැනින්ම හමාර විය. ඊට හේතුව එම නිවැසියන් විසින් මනාව සෞඛ්‍යාරක්ෂිත ලෙස ඇති දැඩි කරන එම සුනඛයා සම්බන්ධයෙන් මනාල තරුණයා ගේ මව කළ ප්‍රකාශය මනාල තරුණියගේ පාර්ශවය තුළ බරපතල සිත් රිදුමක් ඇති කළ බැවිනි. සැබැවින්ම ඇය එම සුනඛයා නිමිති කොට එම අප්‍රසන්නකාරී හැඟීම එම පවුල වෙතම එල්ල වී තිබිණ.

are dogs good for kids playtimes

මිනිසා සහ සුනඛයා අතර ඇති සහසබඳතාවය මානව ඉතිහාසයේ අනාදිමත් කාලයක් දක්වා දිව යන අතිශය ස්වභාවික සංසිද්ධියකි. ගෘහස්ථ සුනඛයා (Canis Lupus Familiaris ) නමින් හැඳින්වෙන සත්වයා තම වර්ගයාටත් වඩා ඇල්මක් සෙනෙහසක් තමන්ට ආදරය, කරුණාව දක්වන හාම්පුතා හෝ හාම්පුතුන් කෙරෙහි දැක්වීම ඊට හේතුව ය. මෙම සදාතනික මිනිස් සුනඛ සහසම්බන්ධතාවයේ ජෛවමය පසුබිමක් ද තිබේ. එනම් සුනඛයන් සිය හාම්පුතුන් හා සෙනෙහස බෙදා ගැනීමේ දී එම දෙපාර්ශවයෙන්ම ඔක්සිටොසීන් (Oxitocin ) නම් හිතකර හෝමෝනය නිකුත් වන බව විද්‍යාත්මකව සනාථ වීම ය. ඒ අනුව මිනිසුන් අතර පවත්නා සහ සම්බන්ධතාවන් කල්යාමේදී පළුදු විය හැකි වුව ද මිනිස් සුනඛ සහසම්බන්ධතාව කල්යාමේදී ඒකාන්තයෙන් වර්ධනය වන්නක් බවත් සමාජ මානව විද්‍යාඥයෝ පවසති.

මිනිසත් බවේ අවගුණයන් සහ දුබලතා “බලු” යන නමින් සංකේතනය කිරීම බොහෝ විට සිදු වන්නකි. ”අද කෑම එක නම් බලු” යනුවෙන් ඇතැමුන් පවසනු අපට ද ඇසී තිබේ. යමක අතිශය පරිහානිය හඟවන ”බල්ලාට යාම”ට අතිශය සමාන පිරුළක් ඉංග්‍රීසි භාෂාවේ ද දක්නට ලැබේ. ඒ Go to the dogs යනුවෙනි. නමුත් ශිෂ්ටාචාරගත මිනිසා කෙරෙන් දක්නට ලැබෙන අවගුණයන් වේගවත්ව ඉහළ නැංවීම මත මෙම “බලු “ යන වදන හුදෙක් මිනිස් චරිත හා ක්‍රියාකාරකම් හැඟවීමට යොදන්නක් බවට පත්ව තිබේ. ඊට සාපේක්ෂව අද වන විට සුනඛයා හැඳින්වීම පිණිස යෙදෙන බල්ලා යන්න පවා භාවිතාවේ අවප්‍රමාණ වීමක් දක්නට ලැබේ. මේ තත්වය තුළ මිනිස් සුනඛ සහසම්බන්ධතාව නූතන සමාජ රටාවට අනුව යාවත්කාලීන වෙමින් ප්‍රවර්ධනය වීමක් ද පැහැදිලිව දක්නට ලැබේ. අතීතයේ අප ගැමි සමාජයේ ජීවත් වූ ගෘහාශ්‍රිත සුනඛයා බොහෝ විට හාම්පුතා ගේ ආහාර වලින් හා නෑවීම් වැනි සුළු නඩත්තු කටයුතු වලින් පමණක් යැපෙන සත්වයෙක් විය.

Screenshot 2023 12 22 at 15.00.01
එකල ඇතැම් සුනඛයන් වරින් වර බැඳ දමා ඇති කරන ලද අතර අවශ්‍ය පරිදි ඔවුනට නිදහස ද ලබා දෙන ලදී. අප සමාජයේ ගම් බල්ලුන් ලෙස හඳුන්වන ලද මෙම සතුන් වැඩි කොටස හිමිකරුවන් සහිත නිදැල්ලේ හැසිරෙන සුනඛයන් (Free ranging owned dog) ලෙස හැඳින්විය හැක.

නමුදු අද වන විට නාගරික සේම අර්ධ නාගරික ජනාවාස ආශ්‍රිත වාසස්ථානවල භූමි සීමාවන් කෙමෙන් අව ප්‍රමාණවත්ම සුනඛයා සහ පවුල අතර පවත්නා භෞමික සමීපත්වය ද ස්වභාවිකවම වර්ධනය විය. ඔවුන් එකි`නෙක පාර්ශවයන් වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමටත් අනොන්‍ය වශයෙන් ආදරය බැඳීම වඩ වඩාත් තහවුරු වීමටත් එය හේතුවක් විය.

එමෙන්ම සමාජ විද්‍යාවේ න්‍යෂ්ටික පවුල ( Nuclear family )වශයෙන් හැඳින්වෙන නූතන පවුල් ඒකකය තුළ සමාජ ආර්ථික හේතූන් මත එකි’නෙකා අතර හට ගත හැකි ගැටුම් අර්බුද තත්වයන් හමුවේ ඒ කිසිවකට සම්බන්ධ නොවී පවුලේ සැමට එකසේ දයාබර ලෙන්ගතු බවක් පළ කිරීම ආදී මිනිසුන් කෙරෙන් දක්නට නොලැබෙන උතුම් ගති ගුණ සුනඛයන් කෙරෙන් දැකිය හැකි බව සැමට නිරීක්ෂණය වී තිබේ.

10 Reasons Why Dogs Are Mans Best Friend

එමෙන්ම පවුලේ අඬ දබර කලකෝලාහල සමනය කිරීම පිණිස ඒ මැදට පනින සුනඛයෝ ද බොහෝ වෙති. සුනඛයන් සතු මෙවන් සද්ගුණයන් මුල්කොට සුනඛ අගය ද කාලානුරූපීව ප්‍රවර්ධනය වෙමින් තිබේ. මෙය අප සමාජයට පමණක් සීමා වී නොමැති අතර මෙය ගෝලීය ප්‍රවණතාවක් ලෙස හඳුනා ගැනීමට ද ලොව බොහෝ සමාජ මානව විද්‍යාඥයෝ පසුබට නොවෙති. අප සමාජයේ පවත්නා මෙම මිනිස් සුනඛ සහසම්බන්ධතාව යාවත්කාලීන වීම මනාව නිරීක්ෂණය කිරීමේ දී ඒ සම්බන්ධ නව ප්‍රවණතා ද අපගේ අවධානයට යොමු වනු ඇත. අතීත සමාජයේ සුනඛයන් ආමන්ත්‍රණය කළ ‘ජූහ්’ හෝ ‘ඉජූ’ යන ව්‍යවහාරය අද වන විට නාගරික සමාජයේ කුඩා දරුවන් කිසිදා අසා නොමැති බව පහසුවෙන් නිරීක්ෂණය කිරීමට ඔබටත් අවස්ථාව තිබේ.

තම සමීපතම ඥාතීන් ගේ රෝගාබාධ සම්බන්ධ අසාධ්‍ය තත්වයන් හෝ ඔවුන් ගේ අකල් මරණ සම්බන්ධයෙන් හඬා වැලපෙන ඥාතීන් වෛද්‍යවරුන් හට නිතර දක්නට ලැබේ. එමෙන්ම අද වන විට නාගරික මධ්‍යම පාන්තික සමාජයෙන් නැඟෙන එවන් හඬා වැළපීම් එපරිද්දෙන්ම දැක බලා ගැනීමට ඔවුනට සේවය සළසන පශු වෛද්‍යවරුනට හැකි බව රහසක් නොවේ. ඕනෑම අයකුට පහසුවෙන් ගොනු කර ගත හැකි කරුණු අතරට මේවා ද අයත් වේ.

විශේෂයෙන් ඉහත නාගරික පාන්තික සමාජයේ කුඩා දරුවන් තම නිවසේ ඇති දැඩි කරන සුනඛයන් සේම බළලුන් කෙරෙහි ද සහෝදර ආකල්ප දරන බව එම දරුවන් ගේ චර්යාවන් ගෙන් පැහැදිලි වේ. මෙය ඔවුන්ගේ ආතති මෝචනයට සේම මානසික සංවර්ධනය සම්බන්ධ ඉතා හොඳ ඇරඹුමක් බව නවීන මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති.

අතීතයේ ද මෙවන් තත්වයන් පැවැති මුත් වත්මන් සමාජ, ආර්ථික පසුතලය තුළ එහි පැහැදිලි ප්‍රවර්ධනාත්මක බවක් පෙන්නුම් කරන බව ද කිව යුතුය. සුනඛ බළල් ආදී සතුන් නිසා දරුවන් හට අසාත්මිකතා හට ගන්නා කතාව සම්බන්ධයෙන් ළමා සහ අසාත්මිකතා රෝග විශේෂඥ අජිත් අමරසිංහ පළ කරනුයේ මෙබඳු අදහසකි.

catsandkidsfeatured

“ඒ සත්තුන්ගේ ලොම් නිසා දරුවන් තුළ අසාත්මිකතා ඇති වෙන්න පුළුවන් කියන කතාවේ සැලකිය යුතු ඇත්තක් නෑ. එහෙම දෙයක් වෙනවා නම් අනික් කෑම් බීම කොහොම වුණත් දරුවන්ට ඉතාම හොඳ ආහාරයක් හැටියට සැලකෙන පරිප්පු පවා දරුවා ආසාදනය වෙන්න අංශු මාත්‍රික ඉඩක් තියනවා. මේකෙන් මම කියන්නේ දරුවන්ට පරිප්පු කන්න දෙන්න එපා කියලා එහෙම නෙවෙයි; දරුවන් සුරතල් සතුන් ගෙන් ඈත් කරන්න එපා කියලයි. හැබැයි එතනදී දරුවගේ වගේම සතාගේ පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත බව ගැනත් සැලකිලිමත් වීම හරිම වැදගත්. මෙතන තියන ප්‍රධානම දේ තමයි සතා ජල භීතිකා රෝගයෙන් ආරක්ෂා කර ගැනීම” 

maxresdefault

ඉහත සඳහන් ප්‍රකාශට අනුව සේම විශේෂයෙන් පවුලේ සෑම කෙනකුගේම මානසික ආතතිය, අවපීඩනය සහ කාන්සාව අවම කරගැනීමට නොමඳ පිටුවහලක් ලබා දෙන සුනඛයන් පවුලේ මනෝ චිකිත්සකයන් ලෙස ද හැඳින්වීමට බටහිර සමාජය පෙළඹී සිටිති. ඒ අනුව එවන් අගයකින් යුතු තම ආදරණීය සුනඛයා කාගේවත් අප්‍රසාදයට නිග්‍රහයට භාජනය වීම කෙරෙහි කිසිවකුත් කැමති නොවන බව මෙම මාතෘකාව නොවැදගත් සුළු කරුණකැයි සිතන්නවුන්ගේ ද සංතීක්ෂණ අවධානය පිණිස මෙහි සටහන් කර තැබිය යුතු යැයි මට සිතේ.

(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)

 


 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...