BREAKING
Top Ad
Life

වැඩ කරද්දී වැඩ කරමු - සෙල්ලම් කරද්දී සෙල්ලම් කරමු : (ආචාර්ය නදී දිසානායක)

T

The Leader

January 1, 2024 • 12:58 AM

වැඩ කරද්දී වැඩ කරමු - සෙල්ලම් කරද්දී සෙල්ලම් කරමු : (ආචාර්ය නදී දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුත් වසරක උදාවත් සමඟින් අපිත් අලුත් වෙමු නේද?
  • සිතෙහි ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමටනම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර ඊට අමතරව උසස් ජීවන තත්වයක් පවත්වාගෙන යාමද අත්‍යාවශ්‍ය කරුණකි.
  • දරුවාගේ සංවර්ධනය, නිර්මාණශීලිත්වය, සමාජ කුසලතා, සහ ශාරීරික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පෝෂණය බොහෝවිට ලැබෙන්නේ ඔවුන් කරන ක්‍රීඩාවන් සහ ඔවුන්ගේ පරිකල්පනීය ශක්තින් වර්ධනය කිරීමෙනි.
  • එනිසා වැඩ සහ ක්‍රීඩාව යන දෙකටම කැප වූ කාලය ඇතුළත් දින චර්යාවක් නිර්මාණය කර ගැනීමට අප දරුවන්ට උදව් කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද මම කතා කරන කරුණ දූ දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටියන්ට ද වැදගත් වේවි කියලා මට හිතෙනවා.

“වැඩ කරන අතරතුර වැඩ කරන්න, සෙල්ලම් කරන අතරතුර සෙල්ලම් කරන්න” මෙහි අරුත වටහා ගන්න අපි උත්සහ කරමු.

අපගේ අදහස්, සිතුම් පැතුම්, හැකියාවන් විවිධයි. එකිනෙකාට වෙනස්. සිතෙහි ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීමටනම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර ඊට අමතරව උසස් ජීවන තත්වයක් පවත්වාගෙන යාමද අත්‍යාවශ්‍ය කරුණකි. ශරීරයට සහ මනසට වුවමනා විවේකය,ව්‍යායාමය, සහ පෝෂණය නිසි වෙලාවට නිසි පරිදි ලබාදීමෙන් අපට සමතුලිත ජීවන රටාවක් පවත්වාගෙන යාහැක.

play houseo 685x450

එසේනම් දැන් අපි බලමු “වැඩ කරන අතරතුර වැඩ කරන්න, සෙල්ලම් කරන අතරතුර සෙල්ලම් කරන්න” යන දර්ශනය දරුවන්ට වැදගත් වන්නේ කොහොමද? ඔවුන්ට මෙය පැහැදිළි කරදෙන්නේ කෙසේද? දරුවන්ගේ ලෝකය ප්‍රධාන වශයෙන් පිරී තිබෙන්නේ ඉගෙනීම සහ විනෝද වීම කියන දෙකෙන්. දරුවන් ඉගෙනීමේ පරිසරයක සිටින විට, පාසලේදී හෝ නිවසේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් වල නියැලෙන විට හෝ ඔවුන්ගේ අවධානය ඒ සඳහා සම්පුර්ණයෙන්ම යෙදවීමට දිරිමත් කළ යුතුයි. එවිට ඔවුනට අදාල ඉලක්කයන්ට පහසුවෙන්ම ළඟා වීමට හැකිවේ. එකවර විභාග වලින් සමත් වීමට හැකි වේ. නැවත නැවතත් විභාගයන්ට පෙනීසිටීමට  කාලය වැය කිරීමට සිදු නොවේ.

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක)

එසේම විවේකිව ක්‍රීඩා කරන කාලය තුළ සම්පුර්ණයෙන්ම හිතේ හැටියට විනෝද වීමටත් විනෝදාත්මක ක්‍රියාකාරකම් වල යෙදීමටත් දරුවන් දිරිමත් කළ යුතුය. දරුවාගේ සංවර්ධනය, නිර්මාණශීලිත්වය, සමාජ කුසලතා, සහ ශාරීරික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පෝෂණය බොහෝවිට ලැබෙන්නේ ඔවුන් කරන ක්‍රීඩාවන් සහ ඔවුන්ගේ පරිකල්පනීය ශක්තින් වර්ධනය කිරීමෙනි.

maxresdefault

එනිසා වැඩ සහ ක්‍රීඩාව යන දෙකටම කැප වූ කාලය ඇතුළත් දින චර්යාවක් නිර්මාණය කර ගැනීමට අප දරුවන්ට උදව් කළ යුතුය. වැඩ සහ ක්‍රීඩාව අතරේ තම කාලය කළමනාකරණය කර ගන්නා සැටි දරුවන් ඉගෙන ගත යුතුය. මෙම කුසලතා ඔවුන්ගේ අනාගත අධ්‍යන සහ පෞද්ගලික සාර්ථකත්වය උදෙසා වැදගත් වේ. දෙමාපියන් වශයෙන් අප තේරුම් ගත යුතු වන්නේ දරුවන්ට ඉගෙනීමට, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට, ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමට සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් කිරීමට කාලය වෙන් කර ගැනීමට සහය විය යුතු බවයි. එවිට සමාජශීලි, අත්දැකීම් වලින් පිරුණු, නිරෝගී, කාර්යක්ෂම සහ නිර්මාණශීලි දරුවකු අප ඉදිරියේ ගොඩනැගේ. සමාජ හිතකාමී, ස්වාධීනව තීරණ ගන්නා දරුවකු දායාද කිරීමට අපි උත්සහ කරමු.

kid 2429655 1280 685x450
මේ සියළු දේ අතරේ අප මතක තබා ගත යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් දරුවන්ට අප ලබාදිය යුත්තේ ඔවුන් කැමති, ඔවුනට කළහැකි දේ මිස අපට වුවමනා දේ නොව. දරුවන්ට නොතේරෙන දේ පැහැදිලි කර දෙමු. නමුත් තෝරාගැනීමට ඔවුන්ට ඉඩ දෙමු.


info@nadeed.org

Founder/Secretary - CUP
Senior Commissioner
Inland Revenue, Sri Lanka

සබැඳි ලිපි :
සෑම දරුවකුම සුවිශේෂයි - (ආචාර්ය නදී දිසානායක)

ළමා ගීතයෙහි නූතන ගමන් මග - (ආචාර්ය නදී දිසානායක)

පොතපත මිනිසා සම්පූර්ණ කරයි - (ආචාර්ය නදී දිසානායක)

නත්තලට පොඩ්ඩන්ට තෑග්ගක් !

දුවා දරුවන් 'වළාකුළු' අතරට ගෙන යන නදී...! - Kids Song (වීඩියෝ )

ආචාර්ය නදී දිසානායක සමඟ පිළිසඳරක්


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...