BREAKING
Top Ad
Life

ලීසිං: වාහනයේ ලීස් එක ගෙවාගන්න බැරි ද? ඔබ කළ යුත්තේ කුමක් ද?

T

The Leader

January 15, 2024 • 1:27 AM

ලීසිං: වාහනයේ ලීස් එක ගෙවාගන්න බැරි ද? ඔබ කළ යුත්තේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාහන ලීසිං සම්බන්ධයෙන් අප රටේ බලපවත්නා නීතිය ගැන කතා කරන විට අනිවාර්යයෙන්ම කල්බදු මූල්‍යකරණ පනත සම්බන්ධයෙන් ද දැනුවත් විය යුතු ය.
  • එම නිසා ලීසිං පහසුකම ලබාදෙන්නාත්, එම පහසුකම ලබාගන්නාත් යන දෙපාර්ශවයටම මෙකී නීතිමය රාමුව තුළ ඇති වගකීම් සහ වගවීම් මොනවා ද යන්න හරිහැටි විමසා බැලීම වැදගත් වේ.
  •   පනතේ සදහන් වන පරිදි, මෙය 'ආර්ථිකමය වශයෙන් වටිනාකමක් තිබෙන භාණ්ඩයක් සන්තකයේ තබා ගැනීම සදහා ඇතිකර ගන්නා ගිවිසුමක්' ලෙස සරලව හඳුන්වා තිබේ.
  • කල්බදු ක්‍රමය යටතේ මෝටර් රථයක් ලබාගැනීම පිළිබඳ කතා කිරීම කාලීන වන්නේ, ලීසිං පහසුකම් යටතේ වාහන ලබාගත් බොහෝ දෙනෙකුට මේ වන විට ගැටලු රැසකට මුහුණදීමට සිදු වී ඇති නිසා ය.
අකුරු ප්‍රමාණය (Font Size):
මන්ද යත්, එම පනත මඟින් සියලු කල්බදු නීතිමය කටයුතු ආවරණය වී තිබෙන හෙයිනි.

අප රටෙහි බොහෝදෙනෙකු තුළ කල්බදු, නැතිනම් ලීසිං, සම්බන්ධයෙන් බලපවත්නා නිතීය පිළිබඳ වැටහීමක් තිබේද යන්න සැක සහිතය.

එම නිසා ලීසිං පහසුකම ලබාදෙන්නාත්, එම පහසුකම ලබාගන්නාත් යන දෙපාර්ශවයටම මෙකී නීතිමය රාමුව තුළ ඇති වගකීම් සහ වගවීම් මොනවා ද යන්න හරිහැටි විමසා බැලීම වැදගත් වේ.

ලීසිං පහසුකමක් ලබා ගැනීමේදී සැළකිය යුතු කරුණු
 
මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක් !
ලීසිං පහසුකමක් ලබා ගැනීමේ දී පළමුව ඔබ විසින් සැළකිලිමත් වියයුතු කරුණ වන්නේ, එකී පහසුකම ලබා ගැනීමට තෝරාගනු ලැබූ මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය වන ආයතනයක් ද යන්න පිළිබඳවය.
 
කිසි විටක කල්බදු සේවා ලබා දෙන ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සුදුසුකම් සපුරා නොමැතිව, අනුමැතියෙන් තොරව පවත්වාගෙන යාම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර, එවන් වූ ආයතන මඟින් ලීසිං පහසුකම් ලබා ගැනීමෙන් අනතුරුව ඇති වන ගැටලුවල දී ඔබට නීතියේ පිහිට පැතීම ද අපහසු වනු ඇත.
එම නිසා, ඔබ ලීසිං පහසුකමක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, අනිවාර්යයෙන්ම එවන් වූ කල්බදු මූල්‍යමය සේවා සපයන ආයතනවල ලියාපදිංචි ස්වභාවය කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

කල්බදු ගිවිසුමක් යනු කුමක් ද?
 
lease kfhkf
පනතේ සදහන් වන පරිදි, මෙය 'ආර්ථිකමය වශයෙන් වටිනාකමක් තිබෙන භාණ්ඩයක් සන්තකයේ තබා ගැනීම සදහා ඇතිකර ගන්නා ගිවිසුමක්' ලෙස සරලව හඳුන්වා තිබේ.

කල්බදු ක්‍රමය යටතේ මෝටර් රථයක් ලබාගැනීම පිළිබඳ කතා කිරීම කාලීන වන්නේ, ලීසිං පහසුකම් යටතේ වාහන ලබාගත් බොහෝ දෙනෙකුට මේ වන විට ගැටලු රැසකට මුහුණදීමට සිදු වී ඇති නිසා ය.

කල්බදු මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අපේක්ෂා කරන අයෙකු වෙත ඇති අයිතිවාසිකම් මොනවා ද යන්න කල්බදු මූල්‍යකරණ පනතෙහි පැහැදිලිව දක්වා තිබේ.
choose
* බදු ලබාගන්නා අයෙකුට බදු දීමනාකරුවෙකු තමන් කැමති පරිදි තෝරා ගැනීමේ අවස්ථාව හිමිවී තිබීම
ආදිය ඉන් කීපයකි.

එසේම, ලීසිං පහසුකම් ලබා දෙන ආයතනයට ඇති අයිතිවාසිකම් පිළිබඳව ද ඔබ දැනුවත් විය යුතු ය.
 
යම් ආයතනයක් වෙතින් වාහන කල්බදු යටතේ ලබාගෙන රැගෙන ගිය පසු එකී වාහන නඩත්තුව නිසි පරිදි සිදු කරන්නේ ද යන්න සොයා බැලීමට එම ආයතනයට හැකියාව පවතියි. එම අයිතිය එකී ආයතනයට පනත මඟින් ලබා දී ඇති අයිතිවාසිකමකි.
යම් පුද්ගලයෙකු ගිවිසුමට අනුගතව ලීසිං වාරිකය ගෙවාගෙන යෑම දිගින් දිගටම පැහැර හරින්නේ නම්, කල්බදු සහනය ලබාදුන් ආයතනයට අදාළ භාණ්ඩය හෝ වාහනය එය සන්තකයට ලබා ගැනීමට හැකිය.

ගෙවීම් පැහැර හරිනලද වාහනයක් ‍සිය භාරයට ගැනීමට ලීසිං ආයතනයට පවතින හැකියාව කුමක් ද?
image b138087514
 
කල්බදු ලබාගත් අය දිගින් දිගටම අදාළ වාරික ගෙවීම පැහැරහැර තිබුණත් ලීසිං ආයතනයකට එක වර එම වාහනය අත්පත්කර ගැනීමට නීතිමය අවසරයක් නොමැත.

එය අත්පත් කර ගැනීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධව පියවර කිහිපයක් අනුගමනය කළ යුතු බව කල්බදු මූල්‍යකරණ පනතෙහි දැක්වේ.
 
කල්බදු ලබා ගෙන වාරික ගෙවීමට අපොහොසත්ව ඇති එවැනි වාහනයක් මාර්ගයේ ගමන් කරමින් තිබියදී මඟහරස්කොට හෝ වෙන යම් අවස්ථාවක දී හෝ අපහසුතාවට පත්කොට, බියවද්දා ලබා ගැනීමේ හැකියාව පනත මඟින් ලීසිං ආයතන වෙත ලබා දී නොමැත.
ආයතන අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත

පළමුව, ලීසිං වාරික ගෙවීම පැහැරහරින්නන් වෙත අදාළ ආයතනයෙන් ගෙවීමට ඇති හිඟ මුදල සම්බන්ධයෙන් දැන්වීම් කළ යුතු ය.
 
එසේ දැන්වීම් කළ පසුත් වාරික ගෙවීම පැහැරහරින්නේ නම්, දෙපාර්ශවය අතර ඇතිකර ගත් එම කල්බදු ගිවිසුම අහෝසි කිරීම සඳහා, ආයතනය විසින් ගිවිසුම අහෝසි කළ බව දන්වා පැහැරහරින පාර්ශවය අනිවාර්යයෙන්ම දැන්වීම් කර දැනුවත් කළ යුතු ය.
ඒ අනුව නීත්‍යානුකූලව අදාළ කල්බදු ගිවිසුම අවලංගු වී යන අතර, දිසා අධිකරණය හරහා අදාළ ලීසිං සමාගමට වාහනයේ සන්තකය හිමිකර ගැනීම වෙනුවෙන් පෙත්සමක් ගොනුකර නීත්‍යානුකූලව කරුණු දක්වා, වාහනයේ සන්තකය ලබා ගැනීමට අවස්ථාව දෙන ලෙස අතුරු නියෝගයක් ඉල්ලා සිටිය හැකි ය.
e6fc2e90 b12f 11ee a40b 2b3f99919970
එම අවස්ථාවේ දී, කල්බදු ණය ලබාගෙන ඇති අය අධිකරණයට පැමිණ හේතු දැක්වීමක් සිදු කිරීමට අපොහොසත් වුවහොත් පමණක් අධිකරණයට එම අතුරු නියෝගය ස්ථිර කිරීමට කටයුතු කළ හැකි ය.

එවිට, එම කල්බදු සමාගමට අධිකරණය ලබා දෙන පිස්කල් නියෝගය මඟින් වාහනය අත්පත් කර ගැනීමේ හැකියාව පවතියි.
 
යම් හෙයකින්, අදාළ කල්බදු පහසුකම ලබා ගත් පාර්ශවය අධිකරණයට පැමිණ ප්‍රමාණවත් හේතු දැක්වීමකින් පසු අධිකරණය සෑහීමට පත්වුවහොත් වාහනයේ සන්තකය ලබා ගැනීම වෙනුවෙන් වූ අදාළ අතුරු නියෝගය අවලංගු විය හැකි අතර, නඩු විභාගය ආරම්භ වනු ඇත. සාක්ෂි විමසා තීන්දුවක් ලබා දීමට අධිකරණය කටයුතු කරනු ඇත.
කල්බදු සමාගම වාහනයේ සන්තකය ලබාගැනීමට නඩුවක් පැවරූ විට බදු ලබාගත් අය ඒ වෙනුවෙන් දැක්විය යුතු කරුණු මොනව ද?
 
car leasning legal scaled
අදාළ වාරික ගෙවීම මඟහැරුනේ කල්බදු සමාගමේ නොසැලකිලිමත්කම මත නම්, ඊට ඇති පැහැදිලි හේතු සාධක ඉදිරිපත් කළ හැකි ය.
 
බදු හිමියාට හිඟ වාරික සම්බන්ධයෙන් ප්‍රමාණවත් පෙර දැනුම්දීමකින් තොරව, තර්ජනය කර, බියවද්දා නීතිමය ක්‍රමවේදයට පටහැනිව යමින් වාහනයේ සන්තකය අයතා ලෙස ලබා ගැනීමට කල්බදු සමාගම උත්සහ කර ඇත්නම්, එය ද අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හැකි ය.
 
එසේම, කල්බදු සමාගමට ගෙවීමට ඇති සම්පූර්ණ හිඟ මුදල ගෙවා වාහනය තමා සතුකර ගැනීම කටයුතු කිරීමට උත්සහ කරන අවස්ථාවක දී, විශාල මුදලක් සඳහන් කරමින්, එය ලිඛිතව ලබා නොදී කටයුතු කරන බව හැඟී යන අවස්ථාවක, එම මුදල සම්බන්ධ කරුණු පැහැදිලිව ඊමේල් මාර්ගයෙන් හෝ ලිඛිතව තමා වෙත ලබාදෙන ලෙස සමාගමෙන් ලිඛිත ඉල්ලීමක් කිරීම බදු හිමියාට වැදගත් වනු ඇත.
 
බදු හිමියා විසින් ගැටලුව විසදා ගැනීමට කටයුතු කරන අවස්ථාවක කල්බදු ආයතනය දිගින් දිගටම එය නොසලකා හරින්නේ නම්, ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිහෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙතත්, මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයාටත් පැමිණිලි කළ හැකි අතර, එම ආයතනයන්ට අදාළ මූල්‍ය ආයතන පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් සහ ආරවුලක් පිළිබඳව විමසා බලා විසඳීමට බලය ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව - මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව

ක්ෂණික ඇමතුම්: 1935 (විමසීම් පමණයි)
දුරකතන: 011 247 7966 (විමසීම් පමණයි)
විද්‍යුත් ලිපිනය: fcrd@cbsl.lk


මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලයය
ලිපිනය: අංක 143A, වජිර පාර, කොළඹ 5
දුරකථනය: +94 11 259 5624
ටෙලිෆැක්ස්: +94 11 259 5625
ඊමේල්: fosril@sltnet.lk
වෙබ් අඩවිය: www.financialombudsman.lk



 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...