BREAKING
Top Ad
Life

හදිසි හෘදයාබාධයක් වැළඳුණු පුද්ගලයකු ගේ ජීවිතය බේරා ගන්න කොපමණ වේලාවක් තුළ රෝහල් ගත කළ යුතු ද ?

T

The Leader

January 22, 2024 • 2:44 AM

හදිසි හෘදයාබාධයක් වැළඳුණු පුද්ගලයකු ගේ ජීවිතය බේරා ගන්න කොපමණ වේලාවක් තුළ රෝහල් ගත කළ යුතු ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදිනෙදා ජීවිතයේ දී අපට අපගේ ඥාතී මිත්‍රාදීන් ඇතුළු විවිධ සබඳතා දක්වන්නවුන් ගේ අවමඟුල් වලට සහභාගී වීමට සිදුවේ.
  • ඉතා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කරමින් යමකු එලෙස හදිසියේ මිය ගිය පුවතක් ඇසීම පවා බොහෝ දෙනකු තුළ දැඩි ශෝකයක් සේම කම්පාවක් ද ඇති කරවන්නකි.
  • එවැන්නකු මෘත දේහයක් ලෙස දැකීමේ දී ඒ කම්පනය දෙගුණ තෙගුණ වෙයි.
  • මේක නම් හරිම අපරාධයක්” ඇතැමුන් එසේ පවසන විට එම මියගිය තැනැත්තා ගේ පවුලේ ඥාතීන් තුළ පවතින දැඩි ශෝකය නම් ගින්න තව තවත් දළු ලා වැඩෙනු නිසැක ය.එය “අපරාධය” යන වදන මුල් කොට හුවා දැක්වීම ඔවුන් සම්බන්ධ අතිශය අහිතකර බලපෑමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතුරින් හෘදයාබාධ වලට ලක්ව හදිසියේ මියගියවුන් ගේ අවමඟුල් වලට ද එක්වීමට බොහෝ විට සිදුවනු ඇත. ඉතා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කරමින් යමකු එලෙස හදිසියේ මිය ගිය පුවතක් ඇසීම පවා බොහෝ දෙනකු තුළ දැඩි ශෝකයක් සේම කම්පාවක් ද ඇති කරවන්නකි. එවැන්නකු මෘත දේහයක් ලෙස දැකීමේ දී ඒ කම්පනය දෙගුණ තෙගුණ වෙයි. එවන් අවස්ථා වල ඒ තැනැත්තාට අත් වූ ඉරණම සම්බන්ධ පසු විපරමක යෙදීමට බොහෝ ඥාති මිත්‍රාදීහු පෙළඹෙති.

GettyImages 491297966 9dc48810c3a549dfa240daf6687dc257

“කොහොම හරි හොස්පිටල් එකට ගෙනියන්නත් තරමක් පරක්කු වෙලා තියනවනෙ. තව ටිකක් කලින් ගෙනාවා නම් ජීවිතේ බේරා ගන්න තිබුණා කියලා ඩොක්ටර්ස්ලත් කියලා තියනවා. මේක නම් හරිම අපරාධයක්” ඇතැමුන් එසේ පවසන විට එම මියගිය තැනැත්තා ගේ පවුලේ ඥාතීන් තුළ පවතින දැඩි ශෝකය නම් ගින්න තව තවත් දළු ලා වැඩෙනු නිසැක ය.එය “අපරාධය” යන වදන මුල් කොට හුවා දැක්වීම ඔවුන් සම්බන්ධ අතිශය අහිතකර බලපෑමකි.

 

නමුදු හදිසි හෘදයාබාධයක් වැළඳුණු පුද්ගලයකු ගේ ජීවිතය බේරා ගැනීම පිණිස ඔහු කොපමණ වේලාවක් තුළ රෝහල් ගත කළ යුතුද ? තව ටිකක් කලින් ගෙනාවා නම් ජීවිතය බේරා ගන්න තිබුණා යනුවෙන් කිනම් හෝ වෛද්‍යවරයකු පවසන්නේ නම් ඒ කවර විද්‍යාත්මක නිර්නායක මත ද යන්න මට නොවැටහේ. එමෙන්ම ඒ සම්බන්ධ මගේ පෞද්ගලික වැටහීම නම් හදිසි හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කළ යමකු ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු වෛද්‍යවරයකු එවැනි ප්‍රකාශයක් නොකරන බවකි. ඊට හේතුව ඒ තැනැත්තා ගේ මරණය සම්බන්ධ ඒ මොහොතේ එවැනි නිගමනයක් දීමට කිසිදු වෛද්‍යවරයකුට විද්‍යාත්මක අවකාශයක් නොමැති බැවිනි.

shutterstock 407186839 500x250

හදිසි හෘදයාබාධයකට ලක්වන රෝගියකු අසවල් කාල සීමාව තුළ රෝහල් ගත කළ යුතුය යන්න පිළිබඳ කිසිදු නිශ්චයකට එළැඹීමට නොහැක. ඒ ප්‍රධාන රෝහලක හෘද දැඩි සත්කාර ඒකකයක් තුළ රැඳී හිඳින්නකු පවා හදිසි හෘදයාබාධයකට ලක්ව ක්ෂණික මරණයකට පත් වීමේ යම් අවදානමක් ඇති බැවිනි. ඇතැම් විට නිවසේ, සේවා ස්ථානයේ මහ මඟ, ක්‍රීඩා පිටියේ හෝ වෙනයම් තැනක හදිසි හෘදයාබාධයකට ලක් වන්නකු පැය කිහිපයකට පසුව රෝහල් ගත කළ ද රෝගියාගේ ජීවිතය බේරීමේ යම් හැකියාවක් තිබිය හැක. එමෙන්ම එවන් හදිසි හෘදයාබාධයකට ලක් වන රෝගියකු රෝහල් ගත කරන විටම මිය යාමට සේම ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින විට මිය යාමට ද යම් හැකියාවක් තිබේ.

හදිසි හෘදයාබාධ යන පොදු නමකින් හැඳින් වුවද මිනිසුන්ට වැළඳෙන හෘදයාබාධ ගණනාවක් තිබේ. ප්‍රධාන වශයෙන් හෘදය වස්තුවේ ඇති මර්මස්ථාන මුල් කොට ඇති වන කිරීටක ධමනී අවහිරතාව බරපතල ප්‍රතිඵල ගෙන දෙන්නකි. එමෙන්ම ඒ වන විටත් හෘදය වස්තුව සම්බන්ධ යම් යම් රෝග හා සංකූලතා ඇත්තවුන් ද එවන් හදිසි හෘදයාබාධයකට ලක්ව මරණයට පත් වීමට වැඩි අවදානමක් පළ කරන බව පෙනෙයි.

ඒ අනුව හදිසි හෘදයාබාධයකට ලක්වන්නවුන් ගෙන් 20% ක පමණ සංඛ්‍යාවක් රෝහල් ගත කිරීමට පෙර හෝ රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටිය දී මරණයට පත් වීමේ අවදානමක් පෙන්නුම් කරයි. එම හෘදයාබාධය සමඟ ඇති වන සංකූලතා ඒ සඳහා ඉවහල් විය හැක. සෙසු 80% ඒ අවදානමට ලක් නොවන බව ද කිව යුතු ය. මේ අතර සාමාන්‍ය පසුවේ කැක්කුමක්,හුස්ම ගැනීමේ අපහසුවක්, දැඩි විඩාබර බවක්,හිසරදයක් වැනි රෝග ලක්ෂණ කිහිපයකින් පසු යමකු තුළ නිහඬ හෘදයාබාධ( Silent Attack )වැළඳීමේ යම් අවකාශයක් තිබේ. ඉතා කලාතුරකින් ඇතැමුනට මෙම රෝග ලක්ෂණ නොමැතිව ද නිහඬ හෘදයාබාධයක් හට ගැනීමේ ඉතා සුළු සම්භාවිතාවක් තිබේ. මෙම ගණයට අයත් හෘදයාබාධ වල ප්‍රතිශතය 20%ක් පමණ වේ.

ha sfe4

මේ අතර ජීවිතාවදානමක් පැන නොනඟින මෘදු හෘදයාබාධ(Mild Attack) වශයෙන් ගැනෙන කොටසක් ද තිබේ. මේවා බොහෝ විට ප්‍රතිකාර වෙත යොමු නොවන බැවින් ඒ සම්බන්ධ ගණනය කිරීමක් ද සිදුනොවේ. එවන් හෘදයාබාධ මූලික වශයෙන් ජීවිතාවදානමක් එල්ල නොකරන අතර ඖෂධ මගින් පාලනය කිරීමට සහ ඇන්ජියෝ ප්ලාස්ටි සහ හෘද සැත්කම් මගින් එම හෘදයාබාධ සමනය කිරීමේ යම් හැකියාවක් තිබේ. ඇතැමුන්ට ප්‍රවේණිගත සාධක මත වැළඳෙන හෘදයාබාධ වලදී ද ක්ෂණික මරණයක් අත් වන අතර එකම පවුලේ කිහිප දෙනකු ඒ ආකාරයේ ක්ෂණික මරණ වලට ලක් වූ අවස්ථාවන් පිළිබඳව ද අසන්නට ලැබේ.මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ කිහිප දෙනකුම ප්‍රකාශ කොට සිටියේ අප රටට සාපේක්ෂව අතිශය දියුණු සෞඛ්‍ය පහසුකම් ඇති රටවල යමකු හදිසි හෘදයාබාධයකින් මිය යාමට ඇති සම්භාවිතාව බෙහෙවින් අඩු බව ය. එහෙත්,එය ද ප්‍රායෝගික සත්‍යයක් නොවේ.


ha qwude23

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාත්මක අධ්‍යයනයන් මගින් ප්‍රකාශ වී ඇති කරුණු මත පවා එවන් පැහැදිලි දර්ශකයක් ලබා ගැනීමට ද නොපුළුවන. නමුත් හදිසි හෘදයාබාධ මගින් සිදුවන මරණ සෑම රටකම එක සමාන නොවන අතර එම අගය ලොව ඇතැම් ජාතීන් අතර අවම අගයක් ගන්නා බව ද ඒ හා සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත අධ්‍යයනයන් හිදී පෙනී ගොස් තිබේ. නමුත් ඒ අතර ලොව සමාජ ආර්ථික අතින් දියුණු සේම එතරම් දියුණුවක් නොලැබූ රටවල් ද තිබෙනු දැකිය හැක. යම් රටක හෝ සමාජ ඒකකයකට අදාල දේශගුණික භෞමික, සමාජ, ආර්ථික, සංස්කෘතික වැනි බාහිර සාධක මෙන්ම ප්‍රවේණිගත, ජානමය ආදී ජෛවමය වශයෙන් වන බහු විධ සාධක ද ඒ සඳහා ඉවහල් වන බව පෙනෙයි. නමුදු ඒවා ආනුභවික පර්යේෂණ( Empirical Research ) මඟින් සනාථ වී නැත. ආනුභවික පර්යේෂණ යනු සෘජු හා වක්‍ර නිරීක්ෂණ හෝ අත්දැකීම් මගින් දැනුම ලබා ගැනීමේ ක්‍රමයකි. නමුත් ගත වූ කාලය තුළ හෘදයාබාධ වැළඳීම සම්බන්ධයෙන් සිදු කළ යම් යම් විමර්ශනයන් මිස හදිසි හෘදයාබාධයකට ලක්ව මිය යන්නවුන් සම්බන්ධ විධිමත් ආනුභවික පර්යේෂණ සිදු කොට නැත. ඒ ඒ සඳහා වන විධිමත් තොරතුරු සහ දත්ත සංචිතයන් මෙතෙක් ඒකරාශී වී නොමැති බැවිනි. මෙය වඩාත් සරලව කිවහොත් ලොව පුරා වාර්ෂිකව හෘදයාබාධ මඟින් මිය යන්නවුන් ගේ නිවැරදි දත්ත ගොනු කිරීමේ අපහසුවක් අදටත් තිබේ.

ha sd

ඒ කෙසේ හෝ පොදුවේ ගත් කල හෘදයාබාධයක් වැළදීම පිණිස වන අවදානම් සාධක වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාව වැනි ජෛවමය සාධක සේම දුම්පානය,සීනි, ලුණු, පිෂ්ටය ආදී පදාර්ථ සහිත ආහාර බහුලව ගැනීම ව්‍යායාම නොමැති වීම වැනි චර්යාත්මක සාධක මෙවන් හදිසි හෘදයාබාධයක් සඳහා අවදානම් සාධක ලෙස ලොව පුරා පොදු පිළිගැනීමක් තිබේ. ඒ අවදානම් සාධක හැකි තාක් අවම කර ගැනීම හදිසි හෘදයාබාධ අවදානම පිටු දකින්නකි. එමෙන්ම හෘදයාබාධයක් වැළදුණු සැනින් රෝගියා හැකි ඉක්මනින් රෝහල් ගත කරනු විනා හෘදයාබාධය වැළඳුණු සැනින් රෝහල් ගත කිරීමට නොහැකි වීම මත රෝගියා මරණයට පත් වූ බව පැවසීම තුළ කිනම් හෝ සත්‍යයක් තිබිය හැකි මුත් එය සත්‍ය වශයෙන් තහවුරු කළ හැකි නියත ප්‍රකාශයක් නොවන බව ඉඳුරාම කිව යුතු ය.

prof namal wijesinghe web 1(වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ 
(vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...