BREAKING
Top Ad
Life

කෙහෙලියට ඇතැයි උසාවියේ දී කියැවුණු නින්දේ දී හුස්ම හිරවෙන රෝගය කුමක් ද ?

T

The Leader

February 18, 2024 • 4:01 AM

කෙහෙලියට ඇතැයි උසාවියේ දී කියැවුණු නින්දේ දී හුස්ම හිරවෙන රෝගය කුමක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධව පවතින චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර රෝහල් ගතව සිටින හිටපු
  • මේ නඩු විභාගයේ දී මතු වූ මේ නින්දෙන් හුස්ම හිරවීමේ රෝගය පිළිබඳ යම් කතාබහකට ලත්වන බවක් පෙනුණ ද බොහෝ දෙනෙක් ඒ පිළිබඳ හරිහැටි තොරතුරු නොදන්නවා බවක් පෙනෙන්නට තිබේ.
  • මෙහිදී සිරුරට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයුමට බාධා ඇතිවීම සිදු වෙයි.
  • මෙය නින්දේ දී ගොරවන පුද්ගලයන් කෙරෙන් දක්නට ලැබෙන්නක් වන අතර නින්දෙන් ගොරවන සෑම පුද්ගලයකුම නිදි ඇප්නියාවෙන් පෙළෙන්නන් බව මෙයින් අදහස් කෙරෙන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍යවරයකු වන කෙහෙලිය රඹුක්වැල්ල සම්බන්ධ නඩුව පසුගිය දිනෙක විභාගයට ගත් අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පවසා සිටියේ හිටපු අමාත්‍යවරයා රෝග රැසකින් පෙළෙන බැවින් ඒ අවස්ථාවේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බවය.

ඔහුට පවතින රෝග අතර එක් සුවිශේෂී රෝගයක් පිළිබඳව ද නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළේය. නින්දේ දී හුස්ම හිරවෙන රෝගය පිළිබඳවය. මෙවැනි රෝගී තත්ත්වයක් පවතිද්දී නිදා ගත යුතු ආකාරය ආදිය දැක්වෙන විවිධ රූප සටහන් පවා ඉදිරිපත් කරමින්, ඇතැම් අවස්ථාවල දී ඔක්සිජන් පවා ලබා දීමට සිදුවන බව පවසමින් හිටපු අමාත්‍යවරයාව බන්ධාගාර රෝහලෙන් වෙනත් වැඩි පහසුකම් සහිත රෝහලට මාරු කරවා ගැනීමට නීතිඥවරයා දැඩි උත්සාහයක නිරත වුව ද මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ මේ සම්බන්ධව විධිමත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකර රූප සටහන් මගින් එවැනි දෙයක් සිදු කර ගත නොහැකි බවය. මේ නඩු විභාගයේ දී මතු වූ මේ නින්දෙන් හුස්ම හිරවීමේ රෝගය පිළිබඳ යම් කතාබහකට ලත්වන බවක් පෙනුණ ද බොහෝ දෙනෙක් ඒ පිළිබඳ හරිහැටි තොරතුරු නොදන්නවා බවක් පෙනෙන්නට තිබේ.

keheli1

නින්දේදී හුස්ම හිරවීමේ රෝගය හඳුන්වනු ලබන්නේ Sleep apnea නමිනි. මෙය අපට සිංහලෙන් ‘නිදි ඇප්නියාව’ වැනි නමකින් හැඳින්විය හැකිය. නිදි ඇප්නියාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ නින්දේ දී කිහිප වතාවක්ම ස්වසනයට බාධා සිදුවීමය. එනම් එකවර ස්වසනය නතර වීම සහ නැවත ස්වසනය ආරම්භ වීම, නැවත නතරවීම ආදී වශයෙන් සිදුවන තත්ත්වය ය. මෙහිදී සිරුරට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයුමට බාධා ඇතිවීම සිදු වෙයි.

24443 obstructive sleep apneaමෙය නින්දේ දී ගොරවන පුද්ගලයන් කෙරෙන් දක්නට ලැබෙන්නක් වන අතර නින්දෙන් ගොරවන සෑම පුද්ගලයකුම නිදි ඇප්නියාවෙන් පෙළෙන්නන් බව මෙයින් අදහස් කෙරෙන්නේ නැත. ඒ වගේම යම් පුද්ගලයෙකු මද නින්දක් ලැබූවෙකුගේ ලක්ෂණ නිතර පෙන්වන්නේ නම්, දිවා කාලයේ දී නිතර නිදිබර ස්වභාවයකින් පසුවන බව පෙනේ නම්, දිවා කාලයේ දී නිතර නිදි කිරා වැටෙන්නේ නම් බොහෝ විට මේ රෝගී තත්ත්වයක් තිබේ යැයි අනුමාන කළ හැකිය.

ඇතැම් අවස්ථාවල දී මේ රෝග තත්ත්වය නිසා කෘත්‍රිම ඔක්සිජන් සැපයීමක් සිදු කළ යුතු අවස්ථා පැන නගින අතර මෙය කිසිවකුගේ අවධානයට යොමු නොවී තිබෙන්නේ නම් නින්දේ දී හුස්ම සිරවී මරණය පවා සිදුවිය හැකිය. එබැවින් මේ ලක්ෂණ පෙන්වන පුද්ගලයකු අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුවේ.

නිදි ඇප්නියාවේ අවස්ථා තුනක් පවතී.

 

keheli2

 

1. අවහිරකාරී නිදි ඇප්නියාව (Obstructive sleep apnea – OSA)

උගුරේ මාංශ පේශීන් ඉහිල් වීම සහ අවහිර වීම නිසා පෙනහලුවලට ඔක්සිජන් සැපයුම අවහිර වීම මේ නමින් හඳුන්වනු ලබයි මෙය මේ රෝගයේ බහුලවම දක්නට ඇති ස්වභාවය වේ.

2. මධ්‍යම නිදි ඇප්නියාව (Central sleep apnea – CSA)

ස්වසනය පාලනය කිරීම සම්බන්ධ විධිමත් සංඥා මොළය මගින් මාංශ පේශීවලට නිකුත් නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වේ.

3. ප්‍රතිකාර වහා අවශ්‍ය මධ්‍යම නිදි ඇප්නියාව (Treatment-emergent central sleep apnea)

‘සංකීර්ණ නිදි ඇප්නියාව’ (complex sleep apnea) වශයෙන් ද හඳුන්වනු ලබන මෙය නින්ද පිළිබඳ කරනු ලබන පරීක්ෂාවකින් පසුව යම් පුද්ගලයකුට ‘අවහිරකාරී නිදි ඇප්නියාව’ ඇතැයි රෝග විනිශ්චය කිරීමෙන් පසුව ඒ සඳහා ප්‍රතිකාර ලබා දී, ටික කලකින් එම තත්ත්වය ‘මධ්‍යම නිදි ඇප්නියාව’ බවට පරිවර්තනය වීමෙන් ඇතිවන තත්ත්වයකි.

 

 

මෙවැනි රෝග ලක්ෂණ ඇති යම් පුද්ගලයකු නිදි ඇප්නියා තත්ත්වයෙන් පසුවනවාදැයි නිවැරදිවම රෝග විනිශ්චය කර ගැනීමට නම් ජාතික රෝහලේ නින්ද සම්බන්ධව ඇති සායනයට පැමිණිය යුතුය. මෙහිදී අදාල පුද්ගලයාට නිදා ගන්නට අවස්ථාව සලසා නින්දේ දී සිරුරේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බලා රෝග විනිශ්චයකට පැමිණීම සිදු වේ. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ද මේ රෝගය පවතීද යන්න සොයා බලන්නට අවශ්‍ය නම් මේ පරීක්ෂාවට ලක් කළ යුතුව තිබේ. එසේ නොමැතිව අන්තර්ජාලයෙන් ලබා ගත් රූප සටහන් පමණක් ඉදිරිපත් කිරීම අධිකරණයට පිළිගත හැකි කාරණයක් වන්නේ නැත.

keheli3

 

යම් පුද්ගලයකු නිදි ඇප්නියාවෙන් පෙළෙන්නේ නම් මූලික වශයෙන් ජීවන ශෛලීන්ගේ වෙනස්කම් කිරීමේ බොහෝ වට මෙය මග හරවා ගත හැකිය. සිරුරේ බර අඩුකරගැනීම, දුම්පානය අතහැරීම, මත්පැන් පානය සීමා කිරීම ආදිය මේ අතර වේ. ඇතැම් පුද්ගලයන්ට නාසයට යම් කුඩා උපකරණයක් පැළඳ නිදා ගැනීමට උපදෙස් ලබා දෙන අතර එමගින් ස්වසන මාර්ගය අවහිර වීම සහ නින්දෙන් ගෙරවීම වැළකෙයි. නමුත් මේ රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට යන්ත්‍රයක් ඔස්සේ ඔක්සිජන් සැපයුමක් ලබා ගත හැකි මුහුණු ආවරණයක් පැළැඳ නිදා ගැනීමට වෛද්‍යවරු නියම කරති. මෙහිදී අවහිරයකින් තොර ඔක්සිජන් සැපයුමක් ලබා දීම, වෙහෙසකින් තොර නින්දක් ලැබීම, නිදි ඇප්නියාව නිසා ඇති විය හැකි අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ඇති වීම වැළැක්වීම ආදිය සිදු වේ. එමෙන්ම වඩාත් සංකීර්ණ අවස්ථාවල දී ස්වසන මාර්ගයේ අවහිරතාවන් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්ම ආදිය ද සිදු කළ යුතු තත්ත්වයන් පැන නැගේ.

 

keheli4

 

යම් පුද්ගලයකු නිදි ඇප්නියාවෙන් පෙළෙන්නේ යැයි වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වූයේ නම් පිළිපැදිය යුතු උපදෙස් වෛද්‍යවරුන් විසින් ලබා දීම සිදුවේ. ඊට අමතරව පහත කාරණාවන් ද මේ තත්ත්වයෙන් මිදීම සඳහා ඉවහල් වේ.

 

ඔබ තරබාරු තත්ත්වයක පවතී නම් සිරුරේ බර අඩුකරගැනීම, නිතර ව්‍යායාම කිරීම, නිදන කාමරය නින්දට සුදුසු පරිසරයක් සහිත තැනක් බවට පත්කර ගැනීම, ඇලයට හැරී නිදා ගැනීම ආදිය මෙහිදී වැදගත් වේ. එමෙන්ම දුම්පානය අතහැරීම, නින්දට මොහොතකට පෙර මත්පැන් පානය කිරීම නතර කිරීම සහ වෛද්‍ය උපදෙස් මත මිස නිදි පෙති භාවිතයෙන් වැළකීම ද මේ තත්ත්වයෙන් මිදීම සඳහා ඉවහල් වේ.

(වෛද්‍ය කාරණා පිළිබඳ තොරතුරු උපුටා ගැනීම – https://www.mayoclinic.org)

[සටහන - නිරංජන් චාමින්ද කරුණාතිලක]

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...