BREAKING
Top Ad
Life

දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න

T

The Leader

February 21, 2024 • 12:27 AM

දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරයට ඉතා අහිතකර වීමට ඉඩ ඇති බැවින් දිවා කාලයේ හැකි තරම් අව් රශ්මියෙන් ආවරණය
  •   විශේෂයෙන් අව් රශ්මියේ ගමන් කරන්නේ නම් හිස්වැසුමක් හෝ කුඩයක් භාවිත කරන ලෙසටද අත්‍යවශ්‍ය කාර්යයක් නම් අව් රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream) භාවිත කරන ලෙසට ද ඇය දන්වා සිටින්නීය.
  •     පිපිඤ්ඤා කොමඩු වැනි දෑ නිරන්තර ආහාරයට ගැනීම තුළින්ද ශරීරයට යහපත් බව පෙන්වා දෙන වෛද්‍ය හේමා  වීරකෝන්, ජලය ටික ටික හෝ දිනයේ වැඩි අවස්ථා ගණනක් අනිවාර්යෙන් පානය කිරීම අත්‍යවශ්‍ය බවද කියයි.
  • එමෙන්ම මේ දිනවල පාසල්වල සිදු කරන ක්‍රීඩා කටයුතුවලදී දරුවන් තද අව්වේ තැබීම ඉතාමත් අහිතකර බැවින් තද අව්වේ දරුවන් ක්‍රීඩාවන්ගේ යෙදවීමෙන් වලක්වන ලෙසටද ඇය ඉල්ලා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

වන පරිදි සෙවනේ සිටින ලෙසත් හැකි තරම් ජලය පානය කරන ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය හේමා වීරකෝන් පැවසුවාය.

 

විශේෂයෙන් අව් රශ්මියේ ගමන් කරන්නේ නම් හිස්වැසුමක් හෝ කුඩයක් භාවිත කරන ලෙසටද අත්‍යවශ්‍ය කාර්යයක් නම් අව් රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream) භාවිත කරන ලෙසට ද ඇය දන්වා සිටින්නීය.

 

SWA PR 09 womanly

 

පිපිඤ්ඤා කොමඩු වැනි දෑ නිරන්තර ආහාරයට ගැනීම තුළින්ද ශරීරයට යහපත් බව පෙන්වා දෙන වෛද්‍ය හේමා  වීරකෝන්, ජලය ටික ටික හෝ දිනයේ වැඩි අවස්ථා ගණනක් අනිවාර්යෙන් පානය කිරීම අත්‍යවශ්‍ය බවද කියයි.


එමෙන්ම මේ දිනවල පාසල්වල සිදු කරන ක්‍රීඩා කටයුතුවලදී දරුවන් තද අව්වේ තැබීම ඉතාමත් අහිතකර බැවින් තද අව්වේ දරුවන් ක්‍රීඩාවන්ගේ යෙදවීමෙන් වලක්වන ලෙසටද ඇය ඉල්ලා සිටියාය.

 

Select Warm Weather Clothing

පවතින කාලගුණ තත්ත්වය හමුවේ චර්ම රෝගයන්ද පැතිර යන බැවින් අව්ව වැසෙන සේ ඇඳුමක් හෝ අව්රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream ) භාවිත කරන ලෙසට ද ඇය දන්වා සිටියාය.

එමෙන්ම බහුලව මුත්‍රා ආශ්‍රිත රෝග වැඩි වශයෙන් මේ තත්ත්වය හමුවේ සිදුවන බවද වෛද්‍යවරිය පැවසුවාය.

මිනිසා විසින් පරිසර දූෂණ අධික ලෙස සිදුකිරීම හේතුවෙන් ඕසෝන් ස්ථර විනාශ වී ඇති බැවින් ශරීරයට සෘජුවම කිරණ වර්ග පතිත වීම මේ තත්ත්වයට හේතුව බවද ඇය කීවාය.

 

Heat Illness Prevention Image


දිවා කාලයේ අව්රශ්මියට නිරාවරණය වී අධික ලෙස වෙහෙස වන කාර්යයන්ගේ නියැළීම තුළින් මෙමඟින් මරණය පවා සිදුවිය හැකි බැවින් අත්‍යවශ්‍යම කාරණා වලදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපයෝගී කරගෙන තම කාර්යයන්ගේ නියැලෙන ලෙසටද වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


(ada.lk - අනුරාධපුර චතුරංග) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...