BREAKING
Top Ad
Life

ලිංගික අධ්‍යාපන පාසල් පොතේ ආරක්‍ෂාවෙන්න ඕන කොහොමද කියන්නෙ නැහැ !

T

The Leader

March 20, 2024 • 5:01 AM

ලිංගික අධ්‍යාපන පාසල් පොතේ ආරක්‍ෂාවෙන්න ඕන කොහොමද කියන්නෙ නැහැ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් "ප්‍රජනක සෞඛ්‍යය සහ ලිංගිකත්ව අධ්‍යාපනය පිලිබදව පාසල් සිසුන් දැනුවත් කිරීම සදහා සැකසූ අමතර කියවීම්
  • මෙහෙමත් කියනව; "පාසැල් යන වයසේ සිටින ඔබ ගර්භනී වීමට සුදුසු කායික හෝ මානසික වයසක නොසිටින බැවින් කිසි ලෙසකින්වත් ලිංගික ඇසුරකට නොයන්න" කියල.
  • අවුරුදු 20 පහුවුනාම තමාලු ඒව කරන්න ඕන.
  • "නව යොවුන්විය විශේෂයෙන් සැලකිය හැක්කේ ලිංගික සබඳතාවලින් තොරව ගෙවිය යුතු කාලයක් වශයෙනි" කියලත් තියෙනව 16+ පොතේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සංග්‍රහය" කියල 4-5 ශ්‍රේණිවලට "මල් වගේ අපි", 6 ශ්‍රේණිය + අයට "මල් සමය ළඟයි", 7-8 ශ්‍රේණි + අයට නව යොවුන් වියට පා තබමු කියල කුඩා පොත් තුනකුත්, "16+ යෞවනයට ආමන්ත්‍රණයක් " පිටු 128ක පොතකුත් නිකුත් කරල. ඒව වෙබ් අඩවියේ තියෙනව. 

ඉතාම වැදගත් කරුණු තියෙනව. නමුත් පිස්සු අතාර්කික කතාත් තියෙනව. 

 

මේ පොත්වල කියන්නෙ, ඒ කාළෙට "ආරක්‍ෂා වෙන්න" "ආරක්‍ෂා වෙන්න" කියන කතාව තමයි. මෙහෙමත් කියනව; "පාසැල් යන වයසේ සිටින ඔබ ගර්භනී වීමට සුදුසු කායික හෝ මානසික වයසක නොසිටින බැවින් කිසි ලෙසකින්වත් ලිංගික ඇසුරකට නොයන්න" කියල. අවුරුදු 20 පහුවුනාම තමාලු ඒව කරන්න ඕන. විවාහ වෙනතෙක් ලිංගික ක්‍රියා පමා කරන්නලු. "නව යොවුන්විය විශේෂයෙන් සැලකිය හැක්කේ ලිංගික සබඳතාවලින් තොරව ගෙවිය යුතු කාලයක් වශයෙනි" කියලත් තියෙනව 16+ පොතේ.


16plus 1
ආරක්‍ෂාවෙන්න ඕන කොහොමද කියන්නෙ නැහැ. ආරක්‍ෂා වෙනව කියල මේ පොත් ලියපු අය හිතන්නෙ අපයෝජන වලින් ආරක්‍ෂාවීම. ඒකට නම් හොඳ උපදෙස් දීල තියෙනව. 

16+ පොතේ අවශ්‍යම කරුණු අතහැරල. 16+ පොතේ ගැබ් ගැනීම, සමාජ රෝග වගේ ඒව ගැන කියනව. ලිංගාශ්‍රිත රෝග ගැන දීර්ඝව වටිනා කරුණු කියනව. ඒත් ඒවගෙන් වැළකෙන්න කරන්නම ඕන දේවල් ගැන කියල දෙන්නෙ නැහැ. මට හිතුනෙ, ඒව කියල බයකරල ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන එක වලක්වවන්න යන්නෙ කියල. ආරක්‍ෂා වෙන විදිය ගැන කියත්දි වැදගත්ම ඒව ගැන කියන්නෙ නැහැ. උපත් පාලන ක්‍රම, කොන්ඩොම් භාවිතය වගේ ඒව ගැන. මගෙ කොල්ලට නම් ඉස්කෝලෙ 6 පන්තියෙදිම ටීචර් සහ විශේෂඥයො ඇවිත් නිවැරදිව කොන්ඩොම් එකක් දාගන්න හැටිත් කියල දීල තිබ්බ. මමත් ඒක හරියට ඉඟෙන ගත්තෙ එයා ගෙදර ඇවිත් ඒ පාඩම අපි දෙන්නටත් කියල දුන්න වෙලාවෙ. 

 

umanda muthukudaarachi parenting 2018 08 01

ආයෙ පෝන් බලන්න එපාලු. බලපුවාම මනසට වෙන දේවල් ගැන කියනව; අධ්‍යාපනයට බාධා වෙනවලු, අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාවලට පෙළඹෙනවලු (හැබැයි ආරක්‍ෂිත ලිංගික ක්‍රියාව ගැන කියල දෙන්නෙ නැහැ), මේ චිත්‍රපට වල තියෙන්නෙ අතිශෝක්තියලු. ඒ චිත්‍රපට වල තියෙන එව කරන්න යන එකෙන් ලිංගිකව සම්ප්‍රේෂනය වන රෝග හැදෙන්නෙ පුලුවන්ලු, අසභ්‍ය චිත්‍රපට බලන එක නීතියෙන් දඬු ලැබිය හැකි වරදක් ලු. ඉතිං ඒකෙන් වැලකෙන්න; භාවනා කරන්නලු, පොත්පත් කියවන්නලු, ක්‍රීඩා කරන්නලු, සොබාදහමේ අසිරිය විදින්නලු, ගෙවතු වගා කරන්නලු, අන් අයට උදව් කරන්නලු, සෞන්දර්‍ය කටයුතුවල යෙදෙන්නලු. පෝන් ගැන, ඒකෙන් වන බලපෑම ගැන කොච්චර පොහොසත් සාහිත්‍යයක් දැන් තියෙනවද? ඒව ගැන විශ්ලේෂණයක් නැතුව “බලන්න එපා” ලු. ප්‍රායෝගිකද? 

 

3

ලිංගික තෘප්තිය ලැබිය හැකි වෙනත් ක්‍රම ගැන එහෙම මොකුත් නැහැ ඒ පොත්වල. ඔය කාලෙ ස්වයං වින්දනයෙ යෙදෙනව. ඒක කරන අයම ඒ ගැන බය වෙන අවස්ථා ගොඩක් තියෙනව. ඒත් ඒ මානසික අවුල් ගැන මොකුත් නැහැ. ව්‍යංගයෙන් කියනව, ඒකෙන් වැළකෙන්න කියල, ඇබ්බැහි වෙයි කියල. යට පිංතුරෙ බලන්න. 

433622309 10160946073339818 7957755370687883939 n

ගැහැණු හෝ පිරිමි නොවන අනෙකුත් ලිංගික නැමියාවන් තියෙන අය ගැන වචනයක්වත් නැහැ මේ පොත්වල.

 

Uvindu Kurukulasuriya Colombo Telegraph(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

[උවිඳුගේ ෆේස්බුක් පිටුවෙන් ...]


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...