The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

කාලා හැදෙන සිරෝසිස් - වෛද්‍ය තීමති වික්‍රමසේකර (වීඩියෝ)

T

The Leader Desk

April 16, 2024 • 8:20 AM

කාලා හැදෙන සිරෝසිස් - වෛද්‍ය තීමති වික්‍රමසේකර (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඔවදන ඔබට අතිශයින්ම වැදගත් විය හැකියි.
  • වීඩියෝව පහතින්. අක්මාව මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියක් වන අතර විශාලතම ග්‍රන්ථියද වේ.
  • බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වන අක්මාව පිහිටා ඇත්තේ උදර කුහරයේ දකුණු පැත්තට වනසේ මහා ප්‍රාචීරයට යටිනි.
  • අක්මාව සලකනුයේ ශරීරයේ ඇති රසායනාගාරය ලෙසටයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ඔවදන ඔබට අතිශයින්ම වැදගත් විය හැකියි. වීඩියෝව පහතින්. 



අක්මාව මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියක් වන අතර විශාලතම ග්‍රන්ථියද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වන අක්මාව පිහිටා ඇත්තේ උදර කුහරයේ දකුණු පැත්තට වනසේ මහා ප්‍රාචීරයට යටිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැක්කේ මෘදු රෝස හෝ දුඹුරු පැහැයට හුරු ත්‍රීකෝණාකාර අවයවයක් වශයෙනි. අක්මාව සලකනුයේ ශරීරයේ ඇති රසායනාගාරය ලෙසටයි.

ශරීරයට අවශ්‍ය ඉතාම වැදගත් සේවා රැසක් සිදුකරන අක්මාව ආශ්‍රිතව බොහෝ රෝග තත්ත්ව දැක ගත හැකියි.

ඉන් එක් රෝග තත්ත්වයක් වනුයේ ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්මාවේ මුළු බරෙන් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයක් මේද තැන්පත් වී තිබිම සාමාන්‍ය තත්ත්වයයි. මෙම ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීම නිසා රෝගී තත්ත්වයක් ඇති විය හැක. මෙම තත්ත්වය අක්මාවේ මේද තැනපත් වීම ලෙස හැඳින්වේ. 

මිනිසුන් තුන් දෙනෙක්ගෙන් එක් අයකුට මෙම රෝග තත්ත්වය ඇතැයි විශ්වාස කෙරේ. මෑත කාලයේදී මෙම රෝගය සුලභ වශයෙන් දැකිය හැක.

ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමට ප්‍රධානතම හේතුව වනුයේ මත්පැන් භාවිතයයි. එහෙත් මත්පැන් භාවිතා නොකරන අය අතරත් අක්මාවේ මේද තැන්පත් වීම සුලභ රෝග තත්ත්වයක් බවට පත්වෙමින් පවතී. මෙම රෝග තත්ත්වය නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් ලෙස හැඳින්වේ.

මෙම තත්වය වලක්වා ගැනීම සඳහා අඩුම තරමින් සතියකට දින තුනක් වත් දිනකට පැය භාගයක් නිසි අලෙස ව්‍යායාම කළ යුතුවේ. අක්මාවේ ඇති අනවශ්‍ය මේද ප්‍රමාණය අඩුකර ගැනීමට ව්‍යායාම අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ. සුළු කාලයක් ව්‍යායාම කිරිම ප්‍රමාණවත් නොවන අතර දීර්ඝ කාලීනව ව්‍යායාම අක්මාවට හිතකර බව පැහැදිලිවම පෙන්වා දී ඇත.

 

Dr Thimathi Wickramasekara
MBBS Msc MD 
Consultant Nutrition Physician


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...