BREAKING
Top Ad
Life

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ

T

The Leader

April 17, 2024 • 11:43 PM

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසයි.
  • සෞඛ්‍යයට අහිතකර ආහාර, ශාරීරික ක්‍රියාශීලිභාවය අඩුවීම, දුම්කොළ, මත්පැන් භාවිතය සහ මානසික ආතතිය හෘදයාබාධ වැළදීමට ප්‍රධාන හේතුව බව සඳහන් වේ.
  • "හෘදයට ලේ සපයන රුධිර නාලවල ඇති වන හානියක් නිසා මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා.
  • ඔයාලා අහලා ඇති හාට් ඇටෑක් එහෙම නැත්නම් හෘදයාබාධය කියලා අපි කියන්නේ මෙවැනි රෝගී තත්ත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම මරණ, හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

සෞඛ්‍යයට අහිතකර ආහාර, ශාරීරික ක්‍රියාශීලිභාවය අඩුවීම, දුම්කොළ, මත්පැන් භාවිතය සහ මානසික ආතතිය හෘදයාබාධ වැළදීමට ප්‍රධාන හේතුව බව සඳහන් වේ.


සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ, විශේෂඥ වෛද්‍ය ශෙරීල් බාලසිංහම් ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කළාය.

"හෘදයට ලේ සපයන රුධිර නාලවල ඇති වන හානියක් නිසා මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. ඔයාලා අහලා ඇති හාට් ඇටෑක් එහෙම නැත්නම් හෘදයාබාධය කියලා අපි කියන්නේ මෙවැනි රෝගී තත්ත්වයක්. බෝ නොවන රෝග වැළදීමට විශේෂ අවධානම් සාධක කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමා සෞඛ්‍යයට අහිතකර අධික වශයෙන් සීනි, ලුණු හා තෙල් භාවිතය. ඊළඟ එක දෙවනුවට ශාරීරික ක්‍රියාශීලිත්වය අඩුවීම. ඒ වගේම දුම්කොළ හා මත්පැන් භාවිතය සහ මානසික ආතතිය මෙම සාධක අතර වෙනවා."

ජංගම දුරකථනය හා පරිගණක භාවිතයට වැඩි වශයෙන් යොමුවීම හේතුවෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන් ද ක්‍රියාශීලි දිවිපෙවතෙන් ඈත් වී ඇති බව විශේෂඥ වෛද්‍ය ශෙරීල් බාලසිංහම් වැඩිදුරටත් සඳහන් කළාය.

 අන්තර්ජාල ළමා හිංසන මඩින්න අලුත් ක්‍රමයක්

"ළමයි එක තැනක ඉන්න කාලය වැඩිවෙනවා. ඒ වගේම ඔන්ලයින් කොම්පියුටර් ගේම්ස්වලට ඇබ්බැහිවෙලා ඉන්නවා. ගෙවල්වල ඉන්න වැඩිහිටි ගෘහණියන් වුණත් රූපවාහිනිය හැමතිස්සේම බල බල ඉන්නවා පැය ගාණක් එක දිගට වාඩිවෙලා. ඒ වගේම වයස් සීමාවක් නැතුව ජංගම දුරකථනයට ඇබ්බැහිවෙලා ඉන්න එක ලොකු ඛේදවාචකයක්. අපි හැකි සෑම වේලාවකම ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ගෙවත්තේ වැඩ වගේම සෙල්ලම් කිරීමත් වැදගත් වෙනවා."

 

 

හෘදයාබාධ පූර්ව රෝග ලක්ෂණ මොනවාද?

 

heart 1
හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකු මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

පුර්ව හෘදයාබාධ ලක්ෂණ:

* පපුවේ වේදනාව - දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම

* ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම - පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.

* ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම

* දහදිය දැමීම

* හුස්ම ගැනීමේ අපහසුතාව

* වමනය දැමීමේ අවශ්‍යතාව - අසනීප ගතියක් දැනීම

* අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).

* කැස්සක් හෝ ඇදුම ස්වභාවය.

heart 2
 
ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.

සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන පරිදි හෘදයාබාධයකින් මිය යාමට මාසයකට පෙරදී ම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන් වෙතින් දිස්වේ.

මිය යන රෝගියෙකුගෙන් මාසයකට පමණ පෙර සිට පපුවේ වේදනාව, කෙටි ආශ්වාස ප්‍රාශ්වාසය සහ ක්ලාන්ත ගතිය වැනි රෝග ලක්ෂණ දිස්වන අතර එය කලින් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව පවතින බව ද එම කණ්ඩායම පෙන්වා දෙයි.

මෙම රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කොට හෘදයාබාධ කලින් හඳුනා ගැනීමට රෝගීන් පමණක් නොව වෛද්‍යවරුන් ද දැඩි අවධානය යොමු කළ යුතුව පවතින බව ද සමීක්ෂණ වාර්තාවේ කතුවරියක වන මහාචාර්ය මජීත් ඉසාති පැවසුවාය.

බ්‍රිතාන්‍ය භෞතික චිකිත්සකයන්ගේ රාජකීය විදුහලේ ප්‍රකාශකයා මෙම සමීක්ෂණ වාර්තාව හඳුන්වා දුන්නේ නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව හේතුවෙන් හෘදයාබාධවලට ප්‍රතිකාර කළ හැකි බොහෝ දියුණු ක්‍රමවේද සොයාගෙන තිබෙන නමුත් රෝග විනිශ්චය සම්බන්ධයෙන් තවමත් වෛද්‍යවරුන් දියුණු කරගත යුතු අංශ තිබෙන බව පෙන්වාදෙන අවස්ථාවක් ලෙසිනි.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...