The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ඔසප් සමයේ වියදම අවම කරගන්න අලුත් විසඳුමක් (වීඩියෝ)

T

The Leader Desk

June 7, 2024 • 5:02 AM

ඔසප් සමයේ වියදම අවම කරගන්න අලුත් විසඳුමක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාර්තා වුව ද ඔසප් චක්‍රය හෙවත් ආර්ථව චක්‍රය ක්‍රියාත්මක නොවන (වෙනත් අබාධයක් හේතුවෙන් හැර) කාන්තාවන් පිළිබඳ ලෝකයේ කිසිදු රටකින් වාර්තා වී නොමැත.
  • එයින් ප්‍රකට කෙරෙන්නේ ලොව වෙසන කාන්තාවන් 100%ට ම ආර්තව ක්‍රියාවලිය සිදු වන බවයි.
  • ඒ අනුව ගත් විට අවුරදු දහයේ දී මල්වර වූ දැරියක් කාන්තාවක් බවට පත්ව, පසුව මවු පදවිය ලැබ අවම වසර හතළිහක් පුරා මෙම ශාරීරික ක්‍රියාවලියට මුහුණ දිය යුතු ය. එනම් යට සඳහන් කළ පරිදි ලොව උපදින සෑම කාන්තාවක ම මෙම ක්‍රියාවලියට මුහුණ දිය යුතු ම ය.
  • විවිධාකාරයේ රැකියාවල නිරත වන හෝ ගෘහණියක ලෙස කටයුතු කරන කාන්තාවකට එම දින කිහිපය යනු ඉතා අසීරු දින කිහිපයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
වාර්තා වුව ද ඔසප් චක්‍රය හෙවත් ආර්ථව චක්‍රය ක්‍රියාත්මක නොවන (වෙනත් අබාධයක් හේතුවෙන් හැර) කාන්තාවන් පිළිබඳ ලෝකයේ කිසිදු රටකින් වාර්තා වී නොමැත. එයින් ප්‍රකට කෙරෙන්නේ ලොව වෙසන කාන්තාවන් 100%ට ම ආර්තව ක්‍රියාවලිය සිදු වන බවයි.

කාන්තාවකගේ ආර්තව ක්‍රියාවලිය ඇරඹෙන්නේ ඇය මල්වර වූ දිනයේ සිට දින විසි අටකට වරකි. සාමාන්‍ය තත්ත්වය යටතේ එම ක්‍රියාවලිය නතරවන්නේ ඇගේ වයස අවුරුදු පනහ ඉක්මවීමෙන් අනතුරුව ය.

දැරියක මල්වර වන වයස අවුරුදු අටේ සිට දොළහ දක්වා දීර්ඝ විය හැකිය. ඒ අනුව ගත් විට අවුරදු දහයේ දී මල්වර වූ දැරියක් කාන්තාවක් බවට පත්ව, පසුව මවු පදවිය ලැබ අවම වසර හතළිහක් පුරා මෙම ශාරීරික ක්‍රියාවලියට මුහුණ දිය යුතු ය. 

එනම් යට සඳහන් කළ පරිදි ලොව උපදින සෑම කාන්තාවක ම මෙම ක්‍රියාවලියට මුහුණ දිය යුතු ම ය. විවිධාකාරයේ රැකියාවල නිරත වන හෝ ගෘහණියක ලෙස කටයුතු කරන කාන්තාවකට එම දින කිහිපය යනු ඉතා අසීරු දින කිහිපයකි. විශේෂයෙන් ම පාසල් දැරියන් මෙම දින කිහිපය තුළ දැඩි අසීරුතාවට පත්වන්නේ ය. එමෙන් ම කිසිදු අවහිරයකින්, බාධාවකින් තොරව මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා කාන්තාවන් හට ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සිදුවේ. ඒ, සනීපාරක්ෂක තුවා භාවිතය යි.

තත්ත්වය එසේ වුව ද ලංකාවේ පවත්නා මූල්‍ය අර්බුදය සහ සමාජ ආකල්ප හේතුවෙන් සනීපාරක්ෂක තුවා භාවිතය කෙතරම් දුරට පවතිනවාද, එසේ නොපවතී නම් ඊට හේතු පාදක වන කරුණු මොනවා ද, සනීපාරක්ෂක තුවා නිසි පිළිවෙළට භාවිත නොකරන්නේ නම් අත් විඳින්නට සිදුවන විපාක මොනවා ද සහ ලාබදායී මෙන් ම ආරක්ෂිත සනීපාරක්ෂක තුවා යනු කුමක් ද යන්න පිළිබඳ ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යවසායිකාවක වන, සෙලින් හැන්ඩ් ලුම්ස් ආයතනයේ අධ්‍යක්ෂ සෙලීනා පීරිස් සහ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙමූන් මාලීන් දෙපළ කළ කරුණු පැහැදිලි කිරීමක් පහත වීඩියෝවෙහි අන්තර්ගත ය.

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...