නමුදු එදින ලංකා ඉතිහාසයේ නව පිටුවක් ලියවෙන්නේ මෙම සූර්යග්‍රහණය හේතුවෙන් නොවේ. ‘එසේ නම් ඒ කුමන කරුණක් අරබයා ද...?’ යන පැනය දැන් ඔබේ සිතේ පැන නැගෙන බව සක් සුදක් සේ පැහැදිලි ය.
ඔවු... සැබැවින් ම එදින පිළිබඳ ලංකාවේ නව පිටුවක් ලියවෙන්නේ විවිධ හොර වෙදුන්ගේ සහ මිථ්‍යා මත වපුරන්නන්ගේ බසට රැවටී මෙරට ඇතැම් පිරිස් (කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශ්වය ම) වද කහ යුෂ පානය කිරීම හේතුවෙනි. මිථ්‍යා මත වපුරන්නන්ට සහ හොර වෙදුන්ට රැටුණු මෙරට ජනතාව අතුරෙන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එදින මෙම වද කහ යුෂ පානය කර තිබිණ. මේ අතුරෙන් වැඩි පිරිසක් කාන්තාවන් වීම ද විශේෂ ය.
ඔවුන් එසේ වස පානය කළේ සූර්යග්‍රණය ඇරඹි කාල සීමාව තුළ මේ ආකාරයට වද කහ යුෂ පානය කිරීමෙන්: වඩ වඩාත් ලක්ෂණ වන බවත්, විවිධ රෝගාබාධ සුව වන බවත්, මැදි වියේ හෝ මැදිවිය පසු කළ අය තරුණ වන බවත් මේ වෙදුන් සහ මිථ්‍යා මත වපුරන්නන් ප්‍රචාරය කර තිබූ බැවිනි. එකල මෙසේ වද කහ යුෂ පානය කළ අය හැදින් වූයේ ‘වදකහ සුදිය‘‘ පානය කළ අය ලෙසිනි.
එක් අතකට එම පිරිසට අප අනුකම්පා කළ යුතු ය. ඒ, ලක්ෂණ වීමේ, තරුණ වීමේ සහ වඩාත් නිරෝගී ලෙස ජීවත්විමේ විද්‍යාත්මක ක්‍රම එකල එතරම් නොපැවති බැවිනි. නමුදු මේ වන විට මේ සියලු කාරණා ඉතා පහසුවෙන් සහ කඩිනමින් ඉටු කරගැනීමට හැකි නවීන වෛද්‍ය ක්‍රම සහ ඖෂධ වර්ග පවතී.
පහත විඩියෝවෙන් දැක්වෙන්නේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර විසින් ඉදිරිපත් කරනු ලබන එබඳු වෛද්‍ය ක්‍රම සහ ඖෂධ පිළිබඳ හැඳින්වීමකි. ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රමවේද පහක් හඳුන්වා දෙන අතර මෙහි විශේෂත්වය වන්නේ මෙම ඖෂධ වර්ග ඔබට නිවසේ දිම නිෂ්පාදනය කරගැනීමට හැකි වන අතර අදාළ වෛද්‍ය ක්‍රමවේද ද නිවසේ දී ම ක්‍රියාත්මක කළ හැකි වීම ය.
(සටහන : ජයසිරි අලවත්ත)
තිරිහන් වෙන්න හොඳම ඔසුවක් නිවසේ දී ම හදාගමු ද...?
T
The Leader
June 12, 2024 • 11:40 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 1955 ජුනි මස 05වන දින ලංකාවට සූර්යග්‍රහණයක් ඇති විය; එය පූර්ණ සූර්යග්‍රහණයකි.
- ‘එසේ නම් ඒ කුමන කරුණක් අරබයා ද...?’ යන පැනය දැන් ඔබේ සිතේ පැන නැගෙන බව සක් සුදක් සේ පැහැදිලි ය.
- සැබැවින් ම එදින පිළිබඳ ලංකාවේ නව පිටුවක් ලියවෙන්නේ විවිධ හොර වෙදුන්ගේ සහ මිථ්‍යා මත වපුරන්නන්ගේ බසට රැවටී මෙරට ඇතැම් පිරිස් (කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශ්වය ම) වද කහ යුෂ පානය කිරීම හේතුවෙනි.
- ඔවුන් එසේ වස පානය කළේ සූර්යග්‍රණය ඇරඹි කාල සීමාව තුළ මේ ආකාරයට වද කහ යුෂ පානය කිරීමෙන්: වඩ වඩාත් ලක්ෂණ වන බවත්, විවිධ රෝගාබාධ සුව වන බවත්, මැදි වියේ හෝ මැදිවිය පසු කළ අය තරුණ වන බවත් මේ වෙදුන් සහ මිථ්‍යා මත වපුරන්නන් ප්‍රචාරය කර තිබූ බැවිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


