BREAKING
Top Ad
Life

තරුණකම රැකගන්න උදව් කරන සහෝදරියෝ තිදෙනා (වීඩියෝ)

T

The Leader

June 23, 2024 • 3:48 AM

තරුණකම රැකගන්න උදව් කරන සහෝදරියෝ තිදෙනා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යෞවනත්වය හෙවත් තරුණ බව රැක ගැනීමට අපි හැමෝම උනන්දුවක් දක්වන බව (මේ පිළිබද වැඩි උනන්දුවක් දක්වන්නේ කාන්තා පාර්ශ්වය යැයි සිතුව ද එසේ නොවන අවස්ථා ද බහුල ය) නොරහසකි.
  • මන්ද, පුද්ගලයකු තවත් පුද්ගලයකු කෙරෙහි අවධානය යොමු කරන විට පළමුවෙන් ම එම පුද්ගලයාගේ සමේ පැහැය සහ එහි මට සිලිටු බව කෙරෙහි අවධානය යොමු කරන බැවිනි.  නමුදු සම පමණක් රැක ගැනීමෙන් යෞවනත්වය හෙවත් තරුණ බව දීර්ඝ කාලිනව රැක ගත නොහැකි ය.
  • එසේ නම් තරුණ බව හෙවත් යෞවනත්වය වඩා වැඩි කාලයක් පවත්වාගෙන යැම සඳහා කළ යුත්තේ කුමක් ද...?
  • එම සහෝදරියන් තිදෙනා නම්:  01.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ආකාරයට තරුණ බව රැක ගැනීම සඳහා අපගේ සිරුරෙහි හම පමණක් රැකගැනීම ප්‍රමාණවත් යැයි ඇතැම් අය විශ්වාස කරති. එහි සත්‍යතාවක් නැතුවා ම නොවේ. මන්ද, පුද්ගලයකු තවත් පුද්ගලයකු කෙරෙහි අවධානය යොමු කරන විට පළමුවෙන් ම එම පුද්ගලයාගේ සමේ පැහැය සහ එහි මට සිලිටු බව කෙරෙහි අවධානය යොමු කරන බැවිනි. 

නමුදු සම පමණක් රැක ගැනීමෙන් යෞවනත්වය හෙවත් තරුණ බව දීර්ඝ කාලිනව රැක ගත නොහැකි ය.

එසේ නම් තරුණ බව හෙවත් යෞවනත්වය වඩා වැඩි කාලයක් පවත්වාගෙන යැම සඳහා කළ යුත්තේ කුමක් ද...? ඒ සඳහා අපට සහය දක්වන සහෝදරියන් තිදෙනෙක් (Three Sisters) සිටිති. එම සහෝදරියන් තිදෙනා නම්: 

01. ශාරීරික ව්‍යායාම, 
02. ආහාර පාන, 
03. නින්ද යන තිදෙනා ය. 

මීට අමතරව කුඩා සහෝදරයෙක් ද සිටින බව මෙහි දී සිහිපත් කළ යුතු ය.

මේ සහෝදරියන් තිදෙනා සහ සහෝදරයා පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා වෛද්‍ය නදී පීරිස් (MBBS,Msc,Phd) සහ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS,Msc, MD) ඉදිරිපත් කරන පහත විඩියෝව නරඹන්න.

යෞවනත්වය හෙවත් තරුණකම දීර්ඝ කාලයක් පවත්වාගැනිම සඳහා අමතර වියදමක් නොදරා කළ හැකි බොහෝ දෑ මෙම විඩියෝව නැරඹීමෙන් ඔබට අවබෝධ කරගත හැකි ය.

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...