BREAKING
Top Ad
Life

සම සුදු කරන ක්‍රීම් නිසා වකුගඩු රෝගී අවදානමක්

T

The Leader

July 3, 2024 • 11:49 PM

සම සුදු කරන ක්‍රීම් නිසා වකුගඩු රෝගී අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
  • එතකොට එහෙම වුණාම ඇත්තටම රසදියවලින් පිලිකාවලට වඩා වෙන්න පුළුවන් දේ තමයි වකුගඩු අකර්මන්‍ය වීම.
  • ඒකට මේවයින් බලපෑමක් වෙනවාද කියන එක අපි කොහොමද පෙන්වන්නේ ?" "පැය 24ක් තුළ මම පරික්ෂා කරන රෝගීන් දළ වශයෙන් 60ක් විතර සායන 40කින්.
  • ඒ මුළු ගණනින් 06 දෙනෙක් ඒ කියන්නේ 10%ක් සුදුවෙන ක්‍රීම් නිසා ඇතිවුණ ගැටලු සහිත ආවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම ක්‍රීම් භාවිතය හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වැඩි වේගයෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික රෝහලේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසුවාය.

 

ඊයේ (3) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට,

 

"ලෝක සෞඛ්‍ය සංවිධානය සහා ශ්‍රී ලංක සෞඛ්‍ය අමාත්‍යාංශය අතර වැඩපිළිවෙළක් යනවා රසදිය පාවිච්චිය සම්පූර්ණයෙන් නැති කරන්න. ඒ කියන්නේ රසදිය ප්‍රමාණය බිංදුව වෙන්නේ ඕනේ.

දැන් මේවා පාවිච්චි කරන්නේ එක තැනකට නෙමෙයිනේ මුළු ඇඟේම. මුළු සිරුරෙම විශාල රසදිය ප්‍රමාණයක් අලේප කළාම ඒක සම හරහා රුධිරයට අවශෝෂණය වෙන්නේ නැහැ කියලා කිසිම වගකීමක් නැහැ. එතකොට එහෙම වුණාම ඇත්තටම රසදියවලින් පිලිකාවලට වඩා වෙන්න පුළුවන් දේ තමයි වකුගඩු අකර්මන්‍ය වීම. ශ්‍රී ලංකාව කියන්නේ හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝග ඉතාම බහුලව තියෙන රටක්. ඒකට මේවයින් බලපෑමක් වෙනවාද කියන එක අපි කොහොමද පෙන්වන්නේ ?"

"පැය 24ක් තුළ මම පරික්ෂා කරන රෝගීන් දළ වශයෙන් 60ක් විතර සායන 40කින්. ඒ මුළු ගණනින් 06 දෙනෙක් ඒ කියන්නේ 10%ක් සුදුවෙන ක්‍රීම් නිසා ඇතිවුණ ගැටලු සහිත ආවේ. මේවා දිර්ඝ කාලීන නෙමෙයි කෙටිකාලීන... වැඩි හරියක් තියෙන්නේ Stretch marks."

"දැන් සමහර දේවල් දකිනවා... උදාහරණයක් විදිහට අත්ල පතුල් කලු වෙනවා. ඒ හැම කේනාගෙම පොදු සාධකය සුදුවෙන ක්‍රීම් භාවිතය. ඒ වාගේම නියපොතු දුඹුරුපාට... තැඹිලි පාට වෙනවා. මේවා පසුගිය මාස කිහිපය තුළ ඉස්සර දැක්කට වඩා අධික වශයෙන් දකිනවා. එන්න එන්නම මේ කෙටිකාලීන් අතුරු අබාධ වැඩියි. දීර්ඝ කාලීන වෙන්න කලින් මේ කෙටිකාලීන ඒවා ටික වෙනවා. පිළිකා එන්න කලින් වකුගඩු නරක් වෙලා ජීවිතය හානි වෙන්න පුළුවන්."


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...