BREAKING
Top Ad
Life

කොලස්ට්‍රොල් පිළිබඳ ඇත්ත කතාව - (වීඩියෝ)

T

The Leader

July 5, 2024 • 11:50 PM

කොලස්ට්‍රොල් පිළිබඳ ඇත්ත කතාව - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘මම නම් මෙයා කෑම බීමවලින් හරියට ප්‍රවේසම් වෙනවා’’
  • දැන් ඔය කොලස්ට්‍රෝල් එහෙම වැඩි වුනාම පුදුම කරදරයක් නෙ තියෙන්නෙ.’’ ‘‘ඒක ඇත්ත...
  • පාටියකට ගියා කියල මමත් ඔය හැමෝ ම වගේ ඕන එකයි එපා එකයි හැම එකක් ම කන්න බොන්න යන්නෙ නෑ අනේ...’’ මේ සාදයක දී හමු වූ මිතුරියන් දෙදෙනකු අතර ඇති වූ සංවාදයක දී ඇසුණු වදන් කිහිපයකි.
  • මෙම වදන් කිහිපය සවන වැටුණ විට හැඟී යන්නේ මේ දෙදෙනාට ම: කොලස්ට්‍රෝල් යනු මොනවා ද, ඒවා නිෂ්පාදනය වන්නේ කෙසේ ද, කොලස්ට්‍රෝල් මිනිස් සිරුරට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


‘‘ඇයි ඒ...?’’

‘‘දන්නැද්ද මෙයා... දැන් ඔය කොලස්ට්‍රෝල් එහෙම වැඩි වුනාම පුදුම කරදරයක් නෙ තියෙන්නෙ.’’

‘‘ඒක ඇත්ත... මමත් ඒ ගැන අහල තියෙනවා. ඔයාට කියන්නෙ මමත් එහෙම තමයි. පාටියකට ගියා කියල මමත් ඔය හැමෝ ම වගේ ඕන එකයි එපා එකයි හැම එකක් ම කන්න බොන්න යන්නෙ නෑ අනේ...’’

මේ සාදයක දී හමු වූ මිතුරියන් දෙදෙනකු අතර ඇති වූ සංවාදයක දී ඇසුණු වදන් කිහිපයකි. මෙම වදන් කිහිපය සවන වැටුණ විට හැඟී යන්නේ මේ දෙදෙනාට ම: කොලස්ට්‍රෝල් යනු මොනවා ද, ඒවා නිෂ්පාදනය වන්නේ කෙසේ ද, කොලස්ට්‍රෝල් මිනිස් සිරුරට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවයි.

කොලස්ට්‍රෝල් යනු අපේ සිරුරෙහි පවත්නා මේදවලින් නිපදවන සංඝටකයකි. මෙම සංඝටකය නිෂ්පාදනය කරනුයේ සතුන් පමණි. ශාකවල පවතින්නේ අර්ගස්ට්‍රෝල් යනුවෙන් වෙන ම සංඝටකයකි. අපි ද ‘සතුන්’ බැවින් අපි කොලස්ට්‍රෝල් නිෂ්පාදනය කරන්නෙමු.


එමෙන් ම කොලස්ට්‍රෝල් වර්ග ද කිහිපයකි. ඒ අතුරින් හොඳ කොලස්ට්‍රෝල් සහ නරක කොලස්ට්‍රෝල් යනුවෙන් දෙවර්ගයක් පවතී. HDL යනු හදවතට හොඳ කොලස්ට්‍රෝල් වර්ගයකි. නමුත් LDL නමැති වර්ගය වැඩි වුව හොත් ප්‍රශ්න ඇති විය හැකි ය.

කෙසේ වුව ද කොලස්ට්‍රෝල් යනු අපේ සිරුරට අවශ්‍ය ම සංඝටකයකි. එනම්, අපේ ශෛල වර්ධනයට සහ මොළයේ වර්ධනයට කොලස්ට්‍රෝල් අත්‍යවශ්‍ය ය. එබැවින් කොලස්ට්‍රෝල් නොමැතිව අපට ජීවත් විය නොහැකි ය. නමුදු කොලස්ට්‍රෝල් සංඝටකය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුවහොත් සිදුවන්නේ කුමක් ද?


පහත පළවන විඩියෝවෙන් විස්තර කෙරෙන්නේ මේ සම්බන්ධයෙන් පෝෂණ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) විසින් කරනු ලබන ඉතා පැහැදිලි සහ සවිස්තරාත්මක කරුණු පැහැදිලි කිරීමකි.

මෙම වීඩියෝව නැරඹීමෙන් අනතුරුව කොලස්ට්‍රෝල් පිළිබඳව ඔබට නිවැරැදි අවබෝධයක් ලැබෙනු ඇති බවට කිසිදු සැකයක් නැත.


 (සටහන - ජයසිරි අලවත්ත)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...