BREAKING
Top Ad
Life

දරුවකු නිවැරැදිව හදාගන්නේ කෙසේ ද? -(වීඩියෝ)

T

The Leader

July 8, 2024 • 11:55 PM

දරුවකු නිවැරැදිව හදාගන්නේ කෙසේ ද? -(වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘මෙයා නං මොන ජාතියෙ දරුවෙක් ද කියල මට තේරෙන්නෑ.’’
  • ඇතැම් දෙමාපියන් දරුවන් යහමගට ගැනීමේ බලාපොරොත්තුවෙන් කුඩා අවධියේ සිට ම විවිධ නීති රීති පනවයි; ඇතැම් දෙමාපියන් තමන්ගේ ම දරුවන්ට වුව ද විවිධාකාරයේ දඬුවම් පමුණුවන්නට පෙලඹී සිටී.
  • නමුත් එය එසේ විය හැකි ද...?
  • දරුවකු නිවැරැදි ලෙස හදා වඩාගැනීම සඳහා ද විද්‍යාත්මක ක්‍රමවේද පවතී; මේ සම්බන්ධයෙන් නවීන විද්‍යානුකුල පර්යේෂණ පවා පවත්වා ඇති අතර තව දුරටත් එවැනි පරීක්ෂණ සිදු කරමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


‘‘මගේ උපන්තෙකට මෙහෙම දරුවෙක් නං දැකල නෑ.’’

‘‘දරුවොත් දැක්ක මෙහෙම දරුවෙක් නං දැකල නෑ.’’

මේ ආකාරයට පවසන දෙමාපියන් ඔබට අනන්තවත් මුණගැසී ඇතුවාට සැක නැත. එමෙන් ම ඔබ ද කිසියම් දවසක ඔබේ ම දරුවා පිළිබඳව හෝ වෙනත් දරුවකු පිළිබඳව මේ ආකාරයට පවසා තිබෙන්නට පිළිවන. ඒ තමන්ගේ දරුවා තමන්ට රිසි ආකාරයෙන් කීකරු කරවා ගැනීමට (හදා ගැනීමට) නොහැකි වීම හේතුවෙනි.

ඇතැම් දෙමාපියන් දරුවන් යහමගට ගැනීමේ බලාපොරොත්තුවෙන් කුඩා අවධියේ සිට ම විවිධ නීති රීති පනවයි; ඇතැම් දෙමාපියන් තමන්ගේ ම දරුවන්ට වුව ද විවිධාකාරයේ දඬුවම් පමුණුවන්නට පෙලඹී සිටී. ඒ දෙමාපියන් එසේ කරන්නේ තම දරුවන් කෙරෙහි අමනාපයකින් හෝ වෛරයකින් නොවේ. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් ඒ ආකාරයට දඬුවම් පැමිණුවහොත් හෝ නීති රීතිවලට යටත් කරවුහොත් තම දරුවා හොඳින් හදා වඩාගත හැකිය යනුවෙනි. නමුත් එය එසේ විය හැකි ද...?

නැත... කිසි සේත් ම නැත. එසේ නම් ඊට පිළිතුර කුමක් ද...?

දරුවකු නිවැරැදි ලෙස හදා වඩාගැනීම සඳහා ද විද්‍යාත්මක ක්‍රමවේද පවතී; මේ සම්බන්ධයෙන් නවීන විද්‍යානුකුල පර්යේෂණ පවා පවත්වා ඇති අතර තව දුරටත් එවැනි පරීක්ෂණ සිදු කරමින් පවතී. එම පර්යේෂණ මොනවා ද යන්න බොහෝ දෙමාපියන්ට දැනගැනීමට අවස්ථාව නොලැබෙන්නට පිළිවන.

පහත පළවන්නේ එය පහසු කරවීම සඳහා විශේෂඥ වෛද්‍ය නදී පීරිස් (MBBS, Msc, phd) ඉදිරිපත් කරන උපදෙස් මාලාවක් අන්තර්ගත විඩියෝවකි. එය නැරඹීමෙන් ඉක්බිති දෙමාපියන් වන ඔබ කිසිවකු යට පැවසූ ආකාරයේ දුර්මත අනාගතයේ දී ප්‍රකාශ නොකරනු ඇත.

(සටහන : ජයසිරි අලවත්ත)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...