එකල ඉඳිආප්ප සෑදීමට ප්‍රථම ‘‘ඇමරිකන් පිටි’’ හෝ ‘‘පාන් පිටි’’ යනුවෙන් හඳුන්වන තිරිඟු පිට රැගෙන විත් රෙදිකඩක ඔතා මුට්ටියක විවරය ආවරණය වනසේ රෙදිකඩක් ගැටගසා, එම මුට්ටියට ඇල් ජලය දමා රෙදිකඩක එතූ පිටි ප්‍රමාණය මුට්ටියේ විවරය ආවරණය වනසේ ගැට ගැසූ රෙදිකඩ මත තබා, ලිප තබා තවත් භාජනයකින් වසා ඇල් ජලය රත්වන විට පිටවන වාෂ්පයෙන් තම්බා ගත්තේ ය. මෙය හැඳින්වූයේ ‘‘වණ්ඩුවෙ තම්බනවා’’ යනුවෙනි. අනතුරුව එම පිටි ගුළිය හොඳින් පොඩි කර පෙනේරයෙන් හළා, එම පිටිවලට ජලය සහ ලුණු මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් ඉදිආප්ප සාදාගත්තේ ය.
පිට්ටු සෑදීමේ දී ද අනුගමනය කළේ මෙම පිළිවෙත ම ය. වෙනසකට වූයේ ඒ සඳහා ඉඳිආප්පවලට මෙන් කලින් පිටි තම්බා නොගැනීම ය. නමුදු අප පිට්ටු තම්බාගන්නේ පෙර ආකාරයට ම වණ්ඩුවේ තබා ය. එසේත් නොමැති නම් පිට්ටු බම්බුව නමැති උපකරණයේ තබා ය; එහි දී ද පිට්ටු තැම්බෙන්නේ වාෂපයෙනි.
කෙසේ වුව ද මෙම ක්‍රම දෙකෙහි දී ම සිදුවන්නේ එම ආහාරය අධික උෂ්ණ්ත්වයකට ලක් වීම ය. එකල පැවතී නූඩ්ල්ස් වුව ද ජලයෙහි දමා හොඳින් තම්බා ගත්තේ ය. ඒ අවස්ථාවේ දී ද එම ආහාරය අධික උෂ්ණත්වයකට ලක්වන්නේ ය.
එසේ නම් මෙම ආහාර වර්ග තුන ක්ෂණිකව සාදාගන්නා විට එසේ නොවන්නේ දැයි ඔබ ප්‍රශ්න කළ හැකි ය. එයට පිළිතුර නම් ‘එම ක්ෂණික ආහාර නිපදවන පිටි වර්ග වුව ද පූර්ව නිෂ්පාදනයේ දී අධික උෂ්ණත්වයකට යටත් කරනවා’ යන්න ය.
මෙලෙස අධික උෂ්ණත්වයකට යටත් කර තම්බා ගන්නා ආහාර වර්ග (ඉඳිආප්ප, පිට්ටු සහ නූඩ්ල්ස් යනාදිය) මිනිස් සිරුරට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අගනා පැහැදිලි කිරීමක් පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඔබ වෙත ඉදිරිපත් කරයි. මතු පළ වන විඩියෝව නැරඹීමෙන් ඔබට එම කරුණු ඉතා පැහැදිලිව අවබෝධ කරගත හැකිවනු ඇත.
(ජයසිරි අලවත්ත)
ඉඳිආප්ප, පිට්ටු සහ නූඩ්ල්ස් මිනිස් සිරුරට ගුණ ද අගුණ ද? - (වීඩියෝ)
T
The Leader
July 11, 2024 • 4:11 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අප කුඩා කාලයේ දී වර්තමානයේ මෙන්: ක්ෂණික ඉඳිආප්ප පිටි, ක්ෂණික පිට්ටු පිටි හෝ ක්ෂණික නූඩ්ල්ස් ද නොතිබිණ.
- කෙසේ වුව ද මෙම ක්‍රම දෙකෙහි දී ම සිදුවන්නේ එම ආහාරය අධික උෂ්ණ්ත්වයකට ලක් වීම ය.
- මෙලෙස අධික උෂ්ණත්වයකට යටත් කර තම්බා ගන්නා ආහාර වර්ග (ඉඳිආප්ප, පිට්ටු සහ නූඩ්ල්ස් යනාදිය) මිනිස් සිරුරට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අගනා පැහැදිලි කිරීමක් පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඔබ වෙත ඉදිරිපත් කරයි.
- මතු පළ වන විඩියෝව නැරඹීමෙන් ඔබට එම කරුණු ඉතා පැහැදිලිව අවබෝධ කරගත හැකිවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


