BREAKING
Top Ad
Life

කොණ්ඩය යනවා ද...? හේතුව සහ විසඳුම මෙන්න (වීඩියෝ)

T

The Leader

July 20, 2024 • 11:19 PM

කොණ්ඩය යනවා ද...? හේතුව සහ විසඳුම මෙන්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙබෑ කර රිදී තිරකැසපට ගසා සරම
  • පසු කලෙක දී කොණ්ඩය එලෙස ගලවා දැමීම හේතුවෙන් හෙතෙම පශ්චාත්තාපව කෘතිමව කොණ්ඩය සිටුවාගත හැකිවන්නේ කෙසේ දැයි අන්තර්ජාලය සිසාරා වෙහෙසෙන්නේ ය.
  • මේ වන විට කොණ්ඩය ගැලවී යැම හෙවත් හිස කෙස් ගැලවී යෑම පිරිමි පාර්ශ්වයට මෙන් ම කාන්තා පාර්ශ්වයට ද ඉමහත් පීඩනයක් ගෙන දෙන කරුණකි.
  • එබදු පුද්ගලයන්ගේ අවධානය සහ අවබෝධය පිණිස පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඉතා අගනා තොරතුරු සම්භාරයක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


දැල් බැනියමෙන් ඉල්පෙන
මස් ගොබ සුසර කර
පැන නැගී අට ඉස්බක්
රුපුන් පැරද වූ
හෙළෙයේ සක්විති මහ නළු
කෙස්ස පෑදුණු නළලැ’ති

මහත් ලොමු දැහැගැනුම් විය
කොස්සන් දුන් එ’දවස
ගැලරියේ මිතුරන් සමගින

ගෙට ආ සැණින
අතට නොගෙන ම
අම්මා බෙදූ බත් පත
බදා වමතින් බරාඳේ මහ කණුව
වැරෙන් මඩිමි ගන කෙස්ස
පාදා ගනු රිසින
දිලිසෙන පළල් නළල’ත

සතුරන් හේබා ගිය පසුව
විජයසින් මත්ව
තුටිනැ’ලැලී
සියක් සොඳුරු ළඳුන් පෙරටුව
විජයොත් පායෙන් බසින
සිහින නුවණකි මා හට

ඉක්මයත් ම
පන් සාළිස් වසක්
දැන් දැන් තැවිල්ලකි සිත
ගැලව කෙස් මඳින් මඳ
ශේෂ වනු දැක
හිස දෙපැත්තේ කුරුලු පාළුව

ගූගලේ පෙරළ පෙරළා සොයමි
ගස් සිටුවනා විස්කම් කෙරුම්
ගම් දනව් ඇවිද සොයමි
සතියෙන් දෙකෙන්
කෙස් දා වඩම්මන
තෙල් සිඳින වෙදුන්

මේ කවිය මා උපුටා ගත්තේ dayaa sudasinha ගේ Facebook පිටුවෙනි. කවියේ කථකයා, ජීවිතයේ එක් කාල සිමාවක දී සිය කොණ්ඩය සියතින් ම ගලවා දමන්නේ එකල ජන ප්‍රසාදයට පත් නළුවකුගේ මෙන් කොණ්ඩය සකසා ගැනීමේ බලාපොරොත්තුවෙනි. පසු කලෙක දී කොණ්ඩය එලෙස ගලවා දැමීම හේතුවෙන් හෙතෙම පශ්චාත්තාපව කෘතිමව කොණ්ඩය සිටුවාගත හැකිවන්නේ කෙසේ දැයි අන්තර්ජාලය සිසාරා වෙහෙසෙන්නේ ය. කවියා මෙම කවිය නම් කර තිබුණේ ‘‘කුරුලු පාළුව’’ යන මැයෙනි.

මෙම කවිය උපුටා දක්වමින් මා බලාපොරොත්තු වන්නේ කවිය පිළිබඳ විචාරයක් ලිවීම නම් නොවේ. එසේ නම් ඒ බලාපොරොත්තුව කුමක් ද...

මේ වන විට කොණ්ඩය ගැලවී යැම හෙවත් හිස කෙස් ගැලවී යෑම පිරිමි පාර්ශ්වයට මෙන් ම කාන්තා පාර්ශ්වයට ද ඉමහත් පීඩනයක් ගෙන දෙන කරුණකි. එමෙන් ම ඊට හේතු මොනවා ද යන්න සොයා බැලීම ඊටත් වඩා පීඩනයකි. එබැවින් එවන් පුද්ගලයෝ (කාන්තා පිරිමි භේදයකින් තොරව) සිය කොණ්ඩය කෘතිමව සිටුවා ගැනීමට අපමණ වෙහෙසක් දරති. එබදු පුද්ගලයන්ගේ අවධානය සහ අවබෝධය පිණිස පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඉතා අගනා තොරතුරු සම්භාරයක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇත.

ඒ සියලු තොරතුරු දැනගැනීමට කැමැත්තෝ මතු පළවන විඩියෝව නරඹන්නේ නම් එය, මෙතෙක් කල් විඳි මානසික පීඩාවෙන් මිදිය හැකි මාර්ගයක් වනු නොඅනුමාන ය.

(සටහන : ජයසිරි අලවත්ත)
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...