BREAKING
Top Ad
Life

හෘද රෝගීන්ට සහය වීමේ සේවාවන් සපයන බලු සුරතලුන් - (වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)

T

The Leader

August 24, 2024 • 1:12 AM

හෘද රෝගීන්ට සහය වීමේ සේවාවන් සපයන බලු සුරතලුන් - (වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල හෘද රෝගීන්ට සහය වීමට, හදිසි තත්වයක දී ඉක්මණින් රෝගියා වෙත අවධානය ලබා ගැනීමට පුහුණු කළ
  • මේ ප්‍රභේදවල බලු සුරතලුන්ට යමක් තේරුම් ගැනීමේ සහ මතක තබා ගැනීමේ හැකියාව වැඩි බවට පිළිගැනීමක් තිබෙන නිසා මේ පුහුණු කිරීමට ඔවුන් වැඩි වශයෙන් තෝරා ගැනේ.
  • හෘද් අකරණිය සෑදුන, හෘද ස්පන්දනයේ අක්‍රමිකතා ඇති, හෘදයාබාධ වැළඳුණු රෝගීන්ට සහය වීමට මෙම බලු සුරතලුන් හොඳින් පුහුණු කරනු ලැබේ.
  • එම රෝගීන්ගේ හෘදයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ වෙනසක් ඇතිවන විගසම හඳුනා ගැනීමට මෙම බලු සුරතලුන් දක්ෂ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බලු සුරතලුන් සිටින බව ඔබ දන්නවාද?

ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්නේ තම සේවය ලබා ගන්නා රෝගියාගේ හෘද ස්පන්දන වේගයේ හෝ රුධිර පීඩනයේ අසාමාන්‍ය වෙනසක් වන්නේ නම් එය ඉක්මණින්ම හඳුනාගෙන හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කිරීමටයි.

  21214938054 19cd446f2f k 1එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල හෘද රෝගීන්ට සහය වීමට, හදිසි තත්වයක දී ඉක්මණින් රෝගියා වෙත අවධානය ලබා ගැනීමට පුහුණු කළ බලු සුරතලුන් සිටින බව

ලැබ්‍රඩෝර් (Labrador), ගෝල්ඩන් රිට්‍රීවර් (Golden Retriever), පූඩ්ල් (Poodle), කොලී (Collie)වැනි සුනඛ ප්‍රභේද මෙසේ පුහුණු කිරීමට වඩා සුදුසු බලු සුරතලුන් වර්ග වේ. මේ ප්‍රභේදවල බලු සුරතලුන්ට යමක් තේරුම් ගැනීමේ සහ මතක තබා ගැනීමේ හැකියාව වැඩි බවට පිළිගැනීමක් තිබෙන නිසා මේ පුහුණු කිරීමට ඔවුන් වැඩි වශයෙන් තෝරා ගැනේ.

හෘද් අකරණිය සෑදුන, හෘද ස්පන්දනයේ අක්‍රමිකතා ඇති, හෘදයාබාධ වැළඳුණු රෝගීන්ට සහය වීමට මෙම බලු සුරතලුන් හොඳින් පුහුණු කරනු ලැබේ. එම රෝගීන්ගේ හෘදයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ වෙනසක් ඇතිවන විගසම හඳුනා ගැනීමට මෙම බලු සුරතලුන් දක්ෂ වේ. එමෙන්ම ඉන්පසු ගත යුතු ක්‍රියාමාර්ගයන් ගැනීමටද මොවුන් පුහුණු කරනු ලැබේ.

 

ev blog hardtotrain 1024x683රෝගීන්ගේ හෘදයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයේ වෙනසක් ඇතිවන විගසම හඳුනා ගැනීමට මෙම බලු සුරතලුන් දක්ෂ වේ

එසේ ගතයුතු පියවර වන්නේ:


• හෘද ස්පන්දන වේගයේ වෙනස්කම් හඳුනාගෙන රෝගියා ඖෂධ ගැනීම සඳහා යොමු කිරීම නැතිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම

• ඖෂධ ගෙන ඒම හෝ හදිසි ප්‍රතිකාර ලබා ගැනීම

• සිටගෙන සිටී නම් වැටෙන්නට යනවා නම් එය වළක්වා රෝගියාට ඉඳ ගැනීමට හෝ හාන්සි වීමට සහය වීම

• නිවසේ සිටින වෙනත් කෙනෙකු හෝ අසල්වැසියකු කැඳවාගෙන ඒම

• රෝගියාට මානසික සහනය සහ සතුට ලබා දී ආතතිය, අසරණ වී ඇතැයි යන හැඟීමෙන් ඉවත් වීමට සහය දීම

සමහර බලු සුරතලුන්ට දුරකථනයෙන් හදිසි ප්‍රතිකාර සේවාවන් ඇමතීමට පවා පුහුණු කර තිබේ.
 
39552809350 5feed8fb77 k පුහුණුව ලැබූ සුනඛ සුරතලුන්ට හෘදයේ ඇතිවන වෙනස් කම් කල් ඇතිවම දැන ගැනීමට ඇති දක්ෂතාවයයි.

මෙම සේවාවේ වැදගත්ම සහ විශේෂිතම කරුණ වන්නේ මෙසේ පුහුණුව ලැබූ සුනඛ සුරතලුන්ට හෘදයේ ඇතිවන වෙනස් කම් කල් ඇතිවම දැන ගැනීමට ඇති දක්ෂතාවයයි. මෙවැනි සුරතලුකු ළඟ සිටින විට හෘද රෝගියාට වෙනදාට වඩා විශ්වසනීය බවකින් යුතුව තම එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට හැකි වීමයි.

එමෙන්ම ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් සහ ආදරය නිසා රෝගියාගේ මනසට දැනෙන ප්‍රීතිමත් බවත් සහනයත් නිසා රෝගීන්ගේ ශාරීරික හා මානසික සුවතාවය මනාව පවත්වා ගැනීමට හැකිවේ.

මෙම සුනඛ සුරතලුන් පුහුණු කිරීම ක්‍රම දෙකකට සිදු කරයි
 
Screen Shot 2018 03 21 at 8.13.18 PM 1024x574 රෝගියාගේ බාහිර ක්‍රියාකාරිත්වයේ වෙනස් කම් දැක අවදානම් තත්වය හඳුනා ගැනීම.

1. සිරුරෙන් වහනය වන ගඳ සුවඳ අනුව ක්‍රියා කිරීම. තම රෝගියාගේ හෘද ස්පන්දන වේගය, රුධිර පීඩන අගයන්, සීනි සාන්ද්‍රණය වෙනස් වීම මත සිරුරෙන් දැනෙන එවැනි වෙනස් කම් ඉව කර අවදානම් තත්වයක් හඳුනා ගැනීම.

2. රෝගියාගේ බාහිර ක්‍රියාකාරිත්වයේ වෙනස් කම් දැක අවදානම් තත්වය හඳුනා ගැනීම. උදා: පපුව අල්ලාගෙන වැටෙන්නට යනවා හෝ කකුල් පැටලෙමින් ඇවිදනවා දැකීමෙන්.

බලු සුරතලුන් මෙවැනි කටයුත්තකට පුහුණු කරගැනීම වියදම් අධික කාර්යයක් වුවත් තමාගේ වැඩ තනියම කර ගත හැකි රෝගියෙකු බලා ගැනීම පිණිස වඩා සුදුසු විසඳුමක් ලෙස බටහිර රටවල මෙය සැලකේ. බලු සුරතලුකු හොඳින් පුහුණු කිරීමට වසර දෙකක් පමණ කල් ගත වනු ඇත.


Namal Wijesinghe Prof
(වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

(සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන)

උපුටා ගැනීම -  vinivida.lk


සබැඳි ලිපි :
සැප ජීවිත ගෙවන ජෝර්ජියාවේ වීදි සුනඛයෝ - (වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...