The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

පිරිමින්ට පියයුරු පිළිකා වැලඳීමේ අවදානමක්

T

The Leader Desk

September 26, 2024 • 8:32 AM

පිරිමින්ට පියයුරු පිළිකා වැලඳීමේ අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට පියයුරු පිළිකා ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව 155 වැනි ස්ථානයේ පසුවන බව ද හෙතෙම කීවේය.
  • ඔහු එබව පැවසුවේ ඊයේ (25 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවේදිය.
  • විශේෂයෙන් වයස අවරුදු විස්සට වැඩි කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම ස්වයං පියයුරු පරික්ෂාවක් සිදුකර ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.
  • පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇති අතර රත්නපුර, යාපනය සහ මාතර රෝහල්වලද පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන පැවැත්වෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වන විට පියයුරු පිළිකා ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව 155 වැනි ස්ථානයේ පසුවන බව ද හෙතෙම කීවේය.

ඔහු එබව පැවසුවේ ඊයේ (25 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවේදිය.

විශේෂයෙන් වයස අවරුදු විස්සට වැඩි කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම ස්වයං පියයුරු පරික්ෂාවක් සිදුකර ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇති අතර රත්නපුර, යාපනය සහ මාතර රෝහල්වලද පිළිකා කලින් හඳුනා ගැනීමේ සායන පැවැත්වෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

වසරකට නව පිළිකා රෝගීන් මිලියන දහනවයක් ලොව පුරා රටවලින් වාර්තා වන අතර පුද්ගලයන් මිලියන දහයකට පිළිකා හේතුවෙන් දිවි අහිමි වෙයි.

 

මෙරටින් ද වසරකට පිළිකා රෝගීන් තිස් අටදහස් දෙසිය විසිනවදෙනකු වාර්තා වුණු අතර ඉන් විසිදහස් තුන්සිය අනුපහක්ම කාන්තාවන් ය. වසරකට වාර්තා වන පිරිමි පිළිකා රෝගීන් සංඛ්‍යාව දාහත්දහස් අටසිය තිස් හතරකි. එමෙන්ම වසරකට පිළිකා රෝගීන් දාසයදහස් හයසිය අනුඑක්දෙනකු මිය යන බවද මෙරට පුද්ගලයන්ට වැලඳෙන පිළිකා වලින් තුනෙන් එකක් කලින් හඳුනාගැනීම මගින් සුව කිරීමේ හැකියව පවතින බවද පිළිකා රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

 

ඔක්තෝබර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලයේදී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය යෙදි තිබේ.

මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වනුයේ ‘කිසිවෙක් පියයුරු පිළිකාවට තනිව මුහුණ දිය යුතු නැත’ යන්නයි.

(aruna.lk - වරුණි පෙරමුණ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...