BREAKING
Top Ad
Life

සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි

T

The Leader

October 19, 2024 • 2:15 AM

සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය
  • 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් බවයි.
  • එහෙත් එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් සම සුදු පැහැ ගන්වන ආලේපනවල අඩංගු වී ඇතැයිද ආනන්ද ජයලාල් පවසයි.
  • මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙමගින් ස්නායු වලට බලපාන රෝග ඇතිවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පවසයි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් බවයි. එහෙත් එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් සම සුදු පැහැ ගන්වන ආලේපනවල අඩංගු වී ඇතැයිද ආනන්ද ජයලාල් පවසයි.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙමගින් ස්නායු වලට බලපාන රෝග ඇතිවන බවයි. එමෙන්ම සම තුනීවීම, ලේ නහර මතුවීම මෙන්ම සමේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බවයි.

මේ නිසා ක්ෂණිකව සුදුවන ක්‍රීම් වර්ග වලින් ඈත් වී කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි.

( lankadeepa.lk -අමිල චින්තක ගමගේ)


සබැඳි ලිපි :
සුදු වෙන්න මේවා ගෑවා නම් සුදූ ඔබත් දැනටමත් ගොදුරක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...