BREAKING
Top Ad
Life

කාන්තාවන් වෙනුවෙන් ම ඇති කොන්ඩම් ගැන ඔබ දන්නවා ද?

T

The Leader

October 21, 2024 • 4:29 AM

කාන්තාවන් වෙනුවෙන් ම ඇති කොන්ඩම් ගැන ඔබ දන්නවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ආරක්ෂා වීමට මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට ‘කොන්ඩම්’ හෙවත් උපත් පාලන කොපු බහුලව භාවිත කරනු ලබයි.
  • එහෙත්, කාන්තාවන් වෙනුවෙන් පවා අද වන විට කොන්ඩම් නිර්මාණය කර ඇති බව ඔබ දන්නවා ද?
  • කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා HIV හා ලිංගාශ්‍රිත රෝගවලින් මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම වෙනුවෙන් වූ ආරක්ෂාකාරී විකල්පයක් ලෙස කාන්තා කොන්ඩම් හැඳින්විය හැකිය.
  • ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින කාන්තා කොන්ඩම් (Internal Condom ‍| Female Condom) මේ වන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරිම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති අතර දැනටමත් ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මකව පවතියි.
අකුරු ප්‍රමාණය (Font Size):


විවිධ වර්ගවලින්, හැඩයෙන් සහ රසයෙන් යුක්තව නිපදවා ඇති කොන්ඩම් වැඩි වශයෙන් නිර්මාණය කර ඇත්තේ පිරිමින්ට පැළඳීම සඳහා ය.

එහෙත්, කාන්තාවන් වෙනුවෙන් පවා අද වන විට කොන්ඩම් නිර්මාණය කර ඇති බව ඔබ දන්නවා ද?

internal condoms 1

කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා HIV හා ලිංගාශ්‍රිත රෝගවලින් මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම වෙනුවෙන් වූ ආරක්ෂාකාරී විකල්පයක් ලෙස කාන්තා කොන්ඩම් හැඳින්විය හැකිය.


ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින කාන්තා කොන්ඩම් (Internal Condom ‍| Female Condom) මේ වන විට ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරිම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති අතර දැනටමත් ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මකව පවතියි.

කාන්තා කොන්ඩම් කියන්නේ මොනවා ද?

කාන්තා කොන්ඩම් කියන්නේ “පිරිමි කෙනා කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කැමති නැති නම්, කාන්තාවන්ට ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා වෙන්න තමන්ට පාලනයක් තියෙන ක්‍රමයක්,” යැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ්‍ය වෛද්‍ය තිලානි රත්නායක කියා සිටියා ය.

“මේකත් පිරිමි කොන්ඩම් වගේමයි. හරියට පාවිච්චි කළොත් HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග වළක්වා ගන්න පුළුවන් වෙනවා. මේක කාන්තා කොන්ඩම් කියලා හඳුන්වා දුන්නාට සමහරක් වෙලාවට ඉන්ටර්නල් කොන්ඩම් කියලා කියනවා.”

කාන්තා කොන්ඩම් යෝනි මාර්ගය තුළට ඇතුළු කර භාවිත කළ හැකි පහසු ක්‍රමයක් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය, “යෝනි මාර්ගයේ ඇතුළට තමයි දාන්නේ. පිරිමි කොන්ඩම් එකක් වගේ ම ඵලදායී,” යැයි කියා සිටියා ය.

ස්ත්‍රී කොන්ඩමය ලිංගික සම්බන්ධයකදී පුරුෂ ශුකාණු රඳවා ගෙන ඩිම්බ සමග සම්බන්ධ වීම අවහිර කර ගැබ් ගැනීම වළක්වයි.

එමෙන් ම, එකිනෙකාගේ ලිංගික ශ්‍රාවයන් ස්පර්ශ නොවන බැවින් ලිංගිකව බෝ වන රෝගවලින් ද ආරක්ෂා කරනු ලබයි.

 
women condomබොහෝ දෙනෙකු කාන්තා කොන්ඩම් පිළිබඳව දැනුවත් නැතැයි විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක සඳහන් කළා ය

'එක ලිංගික සම්බන්ධයකට එකවර යි පාවිච්චි කරන්න පුළුවන්'

බොහෝ දෙනෙකු කාන්තා කොන්ඩම් පිළිබඳව දැනුවත් නැතැයි කී විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක ඒ පිළිබඳ ප්‍රචාරණය අඩු බව සඳහන් කළා ය.

කාන්තා කොන්ඩම් උපත් පාලන ක්‍රමයක් වශයෙන් ම මෙන් ම HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා වීමට තමන්ට ම පාලනයක් තබා හැකි ක්‍රමයක් ලෙස කාන්තාවන් අතර ප්‍රචලිත කරගෙන යන බව ඇය කියා සිටියා ය.

කාන්තා කොන්ඩම් භාවිතයේදී දැනුවත් විය යුතු වැදගත් කරුණු ගැන ද විශේෂඥ්‍ය වෛදවරිය බීබීසි සිංහල වෙත පැහැදිලි කළා ය.

female condom detail 2 1024x683

“පිරිමි කොන්ඩමයක් වගේ කාන්තා කොන්ඩමයක් එක ලිංගික සම්බන්ධයකට එකවර යි පාවිච්චි කරන්න පුළුවන්. සමහරු නොදැනුවත්කමින් කීප දෙනෙකු සමග එක ම කාන්තා කොන්ඩමයක් පාවිච්චි කළොත් ඒ කාන්තාවට ආරක්ෂාව ලැබෙනවා, නමුත් එයා එක්ක සම්බන්ධ වෙන පිරිමි අයට රෝග බෝ විමේ අවදානමක් තියෙනවා.”


“කාන්තා කොන්ඩමයක් පාවිච්චි කරනවා නම් පිරිමි කෙනා කොන්ඩමයක් පැළඳීම අවශ්‍ය වෙන්නේ නැහැ. පිරිමි කෙනත් කොන්ඩමයක් පාවිච්චි කළොත් එතකොට එතනදී කොන්ඩම් දෙක ගැලවී යාමේ හැකියාවක් තියෙනවා. අපි කියන්නේ එහෙම පාවිච්චි කරන්න එපා කියලා.”

පහසුවෙන් පැළඳිය හැකි ලිංගික සම්බන්ධයට අවහිර නොවන ක්‍රමයක්

ලිංගික සම්බන්ධයකට පැයකට පමණ පෙර කාන්තා කොන්ඩමය පැළදීම හරහා එය පහසුවෙන් පළඳා භාවිත කළ හැකි බව මෙන් ම ලිංගික සම්බන්ධයට අවහිරයක් නොවීම ද එමගින් සිදුවන බව වෛද්‍යවරිය පැහැදිලි කළා ය.

“පිරිමි කොන්ඩම් එකක් පාවිච්චි කරනවා නම් ලිංගික සම්බන්ධතාවය පවත්වන වෙලාවෙදි තමයි එයා ඒක දාගන්නේ. නමුත් කාන්තා කොන්ඩම් එහෙම නෙමෙයි සම්බන්ධයට පැය කිහිපයකට කලින් වුණත් එයාට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්ඩමය පැලඳගෙන ඉන්න පුළුවන්.”

 
image 2ලිංගික සම්බන්ධයකට පැයකට පමණ පෙර කාන්තා කොන්ඩමය පැළදීම හරහා එය පහසුවෙන් පළඳා භාවිතා කළ හැකිය

දැනුවත් කිරීම හරහා කාන්තාව බල ගැන්වීම

සායනික කටයුතුවලදී මෙන් ම අධ්‍යාපනික වැඩසටහන්වලදී කාන්තා කොන්ඩම් ප්‍රචලිත කිරිම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව පැවසූ විශේෂඥ්‍ය වෛද්‍යවරිය දැනුවත් කිරීම තුළින් ලිංගාශ්‍රිත රෝග සහ HIVවලින් ආරක්ෂා වීමට කාන්තාවන් බල ගැන්වීමක් වන බව පැවසුවා ය.

“අපි දැනට දැනුවත් කිරිමේ වැඩසටහන්වලදී මේ ගැන කියලා දෙනවා. ඒ වගේ ම ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ අධ්‍යාපන වැඩසටහන්වලදී කාන්තා කොන්ඩම් ගැන කියලා දෙනවා.”

“අපි හිතමු කාන්තාවක් ඉන්නවා කියලා ලිංගික සම්බන්ධතා කිහිපයක් පවත්වන්න සිද්ධ වෙන. ඒ සමහර අවස්ථාවලදී පිරිමි කෙනා කැමති නැති වෙන්න පුළුවන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න. නමුත් අනෙක් කෙනාට බලපෑමක් නැතිව කාන්තාවට පාවිච්චි කරන්න පුළුවන් විදියට කාන්තා කොන්ඩම් ගැන දැනුවත් කරලා තියෙනවා.”

“ඒ වගේ ම මේක පාවිච්චි කරන හැටි කියලා දෙනවා. අපිට ලැබෙන වෙලාවල්වලදී කොන්ඩම් බෙදලා දෙනවා. ඉදිරියේදීත් අපේ වැඩසටහන්වලදී අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන දැනුවත් කරන්න,” යැයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

කාන්තා කොන්ඩම් ලබා ගත හැකි ස්ථාන මොනවාද?

 

pharmacy img 5ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක රෝහල්වලින්, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ මධ්‍යස්ථනවලින් සහ ප්‍රධාන පෙළේ ඔසුසල්වලින් කාන්තා කොන්ඩම් ලබා ගැනීමේ හැකියාව පවතී.


කාන්තා කොන්ඩම් භාවිතා කිරිමට විශේෂ පුහුණුවක් හෝ මිල දී ගැනීමට වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නැත. එය ඉතා පහසුවෙන් කොන්ඩමයේ සඳහන් උපදෙස් අනුගමනය කරමින් තමන්ට ම පැළදිය හැකි ය.

පිරිමි කොන්ඩම් මෙන් කාන්තා කොන්ඩම් සුලභ නැත. එමෙන් ම පිරිමි කොන්ඩම්වලට සාපේක්ෂව මිල තරමක් වැඩි අතර ඉල්ලුම අඩු වීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ සොයා ගැනීමේ අපහසුවක් පවතින බව ද ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඥ්‍ය වෛද්‍ය තිලානි රත්නායක වැඩිදුරටත් සඳහන් කළා ය.

ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක රෝහල්වලින්, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ මධ්‍යස්ථනවලින් සහ ප්‍රධාන පෙළේ ඔසුසල්වලින් කාන්තා කොන්ඩම් ලබා ගැනීමේ හැකියාව පවතී.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...