BREAKING
Top Ad
Life

ලෙඩ දුක් වලට අත වනන මොනවද මේ කඩචෝරු? - ( හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ)

T

The Leader

December 14, 2024 • 12:42 AM

 ලෙඩ දුක් වලට අත වනන මොනවද මේ කඩචෝරු? - ( හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඔහොම කඩචෝරු කන්න එපා ළමයෝ; ඕවාටම ඇබ්බැහි වෙනවා” අතීතයේ වැඩිහිටියන් දරුවන් හමුවේ කී එම කතාව හුදු ප්‍රලාපයක්
  • වර්තමානයේ අප බොහෝ දෙනෙක් ගොදුරුවන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි තත්ත්වයන් සඳහා ප්‍රධාන වශයෙන් ‘කඩචෝරු’ ඉවහල් වන බව බැවිනි.
  • අප කට වචනයට කඩචෝරු යැයි පැවසුව ද සැබවින්ම මේවා මොනවාද යන්න පිළිබඳ අප බොහෝ දෙනෙකුට හරිහැටි අදහසක් නැත.
  • ඉහත සඳහන් කළ රෝගී තත්ත්වයන්ට මේවා ඉවහල් වනවා නම් අප මේවා පරිභෝජනයෙන් වැලකී සිටිය යුතුය.    දැනට වසර වසර පනහකට පමණ පෙර කාලය ගතහොත් එම සමයේ දී කඩචෝරු යනු ඉතා පහත් ලෙස සලකන ලද ආහාර වර්ගයක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):
සේ ඔබට හැඟෙන්නට පුළුවන. එහෙත් එහි නූතන සමාජයට පවා නොවැටහෙන ගැඹුරු අරුතක් තිබේ. වර්තමානයේ අප බොහෝ දෙනෙක් ගොදුරුවන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි තත්ත්වයන් සඳහා ප්‍රධාන වශයෙන් ‘කඩචෝරු’ ඉවහල් වන බව බැවිනි.

අප කට වචනයට කඩචෝරු යැයි පැවසුව ද සැබවින්ම මේවා මොනවාද යන්න පිළිබඳ අප බොහෝ දෙනෙකුට හරිහැටි අදහසක් නැත. ඉහත සඳහන් කළ රෝගී තත්ත්වයන්ට මේවා ඉවහල් වනවා නම් අප මේවා පරිභෝජනයෙන් වැලකී සිටිය යුතුය. Screenshot 2024 12 14 at 11.15.25 AM removebg preview

 දැනට වසර වසර පනහකට පමණ පෙර කාලය ගතහොත් එම සමයේ දී කඩචෝරු යනු ඉතා පහත් ලෙස සලකන ලද ආහාර වර්ගයක් විය. කඩචෝරු කෑම ඉතාමත් අයහපත් දෙයක්, නරක පුරුද්දක් ලෙස ඒ කාලයේ දී සලකනු ලැබිණි. කෙසේ නමුත් 1970 දශකයේ අවසානයේ අප රටේ ඇති වූ විවෘත ආර්ථික තත්ත්වයක් සමග කඩචෝරු අළෙවිය ද පරිභෝජනය ද ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. එයට හේතුව වූයේ ආහාර විවිධාංගීකරණය යටතේ කඩචෝරුවලට ද ඉහළම වටිනාකමක් හිමිවීමය. මේ හේතුව නිසා වර්තමාන නාගරික සහ අර්ධ නාගරික සංස්කෘතිය තුළ කඩචෝරු ප්‍රධාන ආහාරයක් බවට පත් විය.
 
මේවා ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Junk Foods වශයෙනි. මේ අනුව කඩචෝරු යනු සීනි, මේදය සහ සෝඩියම් වැනි සාර්ව පෝෂක කොටස්වලින් ඉතා ඉහළ කැලරි තත්ත්වයක් ලබා දෙන ආහාරයන්ය. මේවා තුළ ආහාරවල අඩංගු විය යුතු තන්තුමය ස්වභාවය, ප්‍රෝටීන හෝ විටමින් සහ ඛනිජ වැනි ක්ෂුද්‍ර පෝෂක කොටස් අඩංගු නැත.
360 F 894106292 AR7WYC6CkOb1K08zKlGnmEup1PZ2zUlG removebg preview
එමෙන්ම සංතෘප්ත මේදය අධික වශයෙන් අඩංගු ආහාර වර්ග ද මේ නමින් හඳුන්වනු ලබයි. මේ අනුව ක්ෂණික ආහාර සහ ක්ෂණික ආහාර සපයන භෝජනාගාර සියල්ල කඩචෝරු සමග සම්බන්ධ වී තිබෙන බව සඳහන් කළ යුතුය. මේ අනුව පැහැදිලිව පෙනෙන්නට තිබෙන දෙය නම් මේ ආහාරවල අත්‍යවශ්‍ය දේ අඩු බව සහ අනවශ්‍ය ඒවා වැඩි බවය. අද මෙන් විද්‍යාව දියුණු නොවූ අතීතයේ මේ කඩචෝරු ඇබ්බැහියාව පිළිබඳව වැඩිහිටියන් දැනුවත්ව සිටි අන්දම එක් අතකින් පුදුම සහගත ය.

කඩචෝරු ආහාරයට ගැනීම මේ වන විට ඉතා ඉහළ ප්‍රවණතාවක් බවට පත්ව තිබෙන අතර ජනතාව අතර අප මුලින්ම සඳහන් කළ රෝගී තත්ත්වයන් බහුල වීමට එය ඍජු දායකත්වයක් ලබා දී තිබෙන බව පෙනෙන්නට තිබේ. මේවා වරක් දෙවරක් කෑමට ගත් පමණින් එවැනි තත්ත්වයක් ඇති නොවන මුත් අද බොහෝ දෙනෙකුට මේවා ආහාරයට ගැනීම පුරුද්දක් බවට පත්ව තිබීම මෙහි ඇති බරපතළ ගැටලුව වී තිබේ.
Savor the Flavors Taste Tour Food Festival Returns with a Bang 7                                                                   Food Festivals
 
 වර්තමානයේ නිතර දකින්නට ලැබෙන පාසල් සැණකෙළි (Food Festivals) වල කඩචෝරු ගණයට වැටෙන ආහාරයන් බොහෝ දකින්නට ලැබේ. වැඩිහිටියන් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුත් තත්ත්වයක් මේ නිසා පැන නැගී තිබෙන බව සඳහන් කළ යුතුය.
 

යම් ආහාරයක අධික ලෙස සීනි, අධික ලෙස ලුණු හෝ අධික ලෙස මේදය අඩංගු නම් ඒවා කොතැනකින් මිලදී ගත්ත ද එය අනිවාර්යයෙන්ම කඩචෝරුවක් බව සිහි තබා ගැනීම ගුණදායක වන අතර එවිට ඒවා හැකි තාක් දුරට මග හැර සිටීමේ හැකියාව තිබේ. මේ ආහාර හඳුන්වනු ලබන්නේ කඩචෝරු යන නමින් නිසා කඩයකින් ලබා ගන්නා ඕනෑම ආහාර වර්ගයක් කඩචෝරු යැයි හඳුන්වන්නට යාම සුදුසු දෙයක් නොවේ. යම් කඩයකින් සාමාන්‍ය ආහාර වේලක් ලබා ගතහොත් එය කඩචෝරුවක් වන්නේ නැත.
23 6534f9ce5b36d.webp
 මේ කඩචෝරු යන වචනය මුල් අරුතින් භාවිත වන්නේ ද මෙවැනි ආහාරවලට නොවේ. මෙහි ප්‍රභවය ඇත්තේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේය. කඩචෝරු (கடச்சோறு) යනු දෙමළ වදනකි. එහි මේ නමින් හඳුන්වන්නේ දෙමළ ජාතිකයන් අතර ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාරයකි. මෙහි ‘කඩ’ යනු භාජනය යන අර්ථය ඇති වදනක් වන අතර ‘චෝරු’ යනු සහල් හෝ බත්ය. යම්කිසි භාජනයකට සහල් දමා එයට විවිධ කුළුබඩු වර්ග, එළවලු හෝ මස් දමා එකවර පිස ගන්නා ආහාරය හඳුන්වන්නට තමිල්නාඩුවේ මේ නම භාවිත කරයි. මෙය එකම භාජනයේ පිස ගන්නා බිරියානි හෝ පුලාවෝ වැනි ආහාරයකි. මුල් අර්ථයෙන් ගතහොත් කඩචෝරු යනු ඉතා පෝෂ්‍යදායී ආහාරයකි. නමුත් ඒ වචනය ශ්‍රී ලංකාවට පැමිණි පසු භාවිත වන්නට පටන් ගැනුණේ විකෘති ආහාර වර්ග සඳහා විකෘති අරුතකින් බව පෙනෙන්නට තිබේ.
ඇතැම් තැන්වල අර්ථකතනය කොට ඇති ආකාරයට Junk Foods හෙවත් කඩචෝරු කාණ්ඩයට සීනි අධික ලෙස අඩංගු රස කැවිලි සහ අතුරුපස36710230 avoid junk food poster with fries burger cold drink icons vector eps10 removebg preview වර්ගයන් ද, සෞඛ්‍ය සම්පන්න නොවන මේදය අඩංගු, සකස් කරන ලද ආහාරයන් ද, පිරිපහදු කරන ලද කාබෝහයිඩ්‍රේට් අඩංගු සුදු පාන් සහ පැස්ටා වර්ගයන් ද, ලුණු (සෝඩියම්) අඩංගු පොටෑටෝ චිප්ස් සහ සකස් කරන ලද මස් ද, ආහාර කල් තබා ගැනීම සහ රස වැඩි කිරීම සඳහා විවිධ ද්‍රව්‍ය යොදන ලද ආහාරයන් ද ඇතුළත් වන බව පෙන්වා දී තිබේ.
මෙහි සඳහන් කරන ලද ශාරීරික අසනීප තත්ත්වයන් පමණක් නොව මානසික රෝගාබාධයන් සඳහා ද කඩචෝරු ආහාර රටා ඉවහල් වෙයි. අධික ලෙස කඩචෝරුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් තුළ විෂාදය, කාංසා තත්ත්වයන් ඇති වන බව අධ්‍යයන මගින් හෙළි වී තිබේ. එමෙන්ම අධික සීනි ආහාර නිතර ගැනීම නිසා දන්ත රෝග ඇති වීම, අධික මේදය සහ සීනි අඩංගු ආහාර නිසා මත්පැන් පානයේ දී දක්නට ලැබෙනවා සේ අක්මාවට හානි සිදුවීම, පිළිකා ඇති වීම, සම දුර්වල වීම වැනි තත්ත්වයන් ද අපේක්ෂා කළ හැකිය.
 
image6 copy 800x600
කඩචෝරු කෙරෙහි ලොල් බවක් ඇති ද යන්න තමාටම අවබෝධය ඇත්නම් එයින් හැකි ඉක්මනින් මිදීමට පියවර ගත යුතුය. පෝෂ්‍ය ගුණයෙන් යුක්ත ආහාර ගැනීම සඳහා සැලසුම් සකස් කිරීම, චිප්ස් සහ රසකැවිලි වෙනුවට පලතුරු, ඇට වර්ග, යෝගට් ආදිය ආහාරයට එක් කර ගැනීම, අධික සීනි අඩංගු පාන වර්ග වෙනුවට හැකි තාක් ජලය පානය කිරීමේ පුරුද්ද ඇති කර ගැනීම, ඔබ ගන්නා ආහාර පිළිබඳ මනා සිහියක් ඇති කර ගැනීම, සකස් කරන ලද ආහාර හැකි තාක් සීමා කිරීම ආදී පියවර අනුගමනය කිරීම තුළින් ඔබේ ජීවිතය ද කඩචෝරුවක් බවට පත් වීමෙන් වළක්වා ගත හැකි වේ.

prof namal wijesinghe web 1(වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com


උපුටා ගැනීම -  vinivida.lk
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...