BREAKING
Top Ad
Life

නව වසරට උපදෙස්: ව්‍යායාම ඇරඹීමට ඔබ ජනවාරි වන තෙක් ම බලා ඉන්නේ ඇයි?

T

The Leader

January 1, 2025 • 10:12 AM

නව වසරට උපදෙස්: ව්‍යායාම ඇරඹීමට ඔබ ජනවාරි වන තෙක් ම බලා ඉන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනවාරියේ ආරම්භය ජීවන රටාවේ වෙනස්කමකට සමාන පදයක් වී ඇති අතර බොහෝ නව අවුරුදු ප්‍රතිඥා අතර ශරීර යෝග්‍යතාව ඇති
  • මේ සියල්ල නැවුම් අරම්භයක බලපෑම මත පවතින අතර, බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ නව වසර වැනි නිශ්චිත ලක්ෂ්‍යක් තෝරාගැනීම යම් විශේෂිත ඉලක්කයක් ළඟා කර ගැනීමට ඔවුන්ව පෙළඹවීමට උපකාරී වන බව ය.
  • නමුත් අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ, මෙය සෑමවිට ම, විශේෂයෙන් ම ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව සිදු නොවන බව ය.
  • ව්‍යායාම කිරීමට සිතමින් සිටින අය ඔවුන්ගේ 2025 ප්‍රතිඥා සති කිහිපයක් ඉදිරියට ගෙන ඒමට හේතු කිහිපයක් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කර ගැනීම, බර අඩු කර ගැනීම සහ ආහාර පුරුදු වෙනස් කර ගැනීම ඇතුළත් වේ.

මේ සියල්ල නැවුම් අරම්භයක බලපෑම මත පවතින අතර, බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ නව වසර වැනි නිශ්චිත ලක්ෂ්‍යක් තෝරාගැනීම යම් විශේෂිත ඉලක්කයක් ළඟා කර ගැනීමට ඔවුන්ව පෙළඹවීමට උපකාරී වන බව ය.

නමුත් අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ, මෙය සෑමවිට ම, විශේෂයෙන් ම ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව සිදු නොවන බව ය.

ව්‍යායාම කිරීමට සිතමින් සිටින අය ඔවුන්ගේ 2025 ප්‍රතිඥා සති කිහිපයක් ඉදිරියට ගෙන ඒමට හේතු කිහිපයක් තිබේ.

මිනිසුන් ජනවාරි වනතෙක් බලා සිටින්නේ ඇයි?

නව වසරක පළමු මාසය සංක්‍රාන්තික ලක්ෂ්‍යක් ලෙස සලකන අතර, නව ආරම්භයක් සලකුණු කරන කාලයක් ලෙස පිළිගැනේ.

මනෝවිද්‍යා මහාචාර්ය වෛද්‍ය ජෝන් නොර්ක්‍රෝස් නව අවුරුදු ප්‍රතිඥා ගැන වසර 40කටටත් වැඩ පර්යේෂණ සිදු කර තිබේ. තව ද ඔහුගේ සොයාගැනීම් පෙන්වා දෙන්නේ, ඔහු පරීක්ෂා කළ දහස් ගණනකින් තුනෙන් එකක් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය ලෙස පවසන කායික සෞඛ්‍ය වර්ධනය කර ගැනීම වඩාත් ජනප්‍රිය ම ඉලක්කයක් බව ය.

දෙවන ජනප්‍රිය ම කණ්ඩායම බර අඩු කර ගන්නා කාණ්ඩය වන අතර, සහභාගී වූවන්ගෙන් 20%කට කෙට්ටු වීමටත්, 13%කට ඔවුන්ගේ ආහාර පුරුදු වෙනස් කර ගැනීමටත් අවශ්‍ය බව පවසති.

නමුත් වෛද්‍ය නොර්ක්‍රෝස් මෙම ප්‍රතිඥා ලබා දෙන්නන් හඹා ගිය විට, ඔහු සොයා ගත්තේ තුනෙන් එකක් මසකට පසු [ප්‍රතිඥා] අතහැර දමා ඇති බවත් බොහෝ දෙනෙකු මාස හයකට පසු අතහැර දමා ඇති බවත් ය.

ghry6| ශීත කාලගුණය පවතිද්දී ඇතැමුන් පිටතට ගොස් ව්‍යායාම කිරීමට මැළිකමක් දක්වයි
සෞඛ්‍ය සහ ආහාර පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩුවේන් මෙලර් බීබීසී වෙත මෙසේ පවසයි: "ශීත කාලේදී ව්‍යායාම කරන්න පටගන්න හිතන එක අමාරු වෙන්න පුළුවන්. අපි මීට වඩා වැඩියෙන් හොඳ දෙයක් කරන්න ඕනේ කියලා හිතනකොට ඒ වසරේ ඒ අවස්ථාවේදී අපි හොඳ ම චේතනාවෙන් පිහිටවපු අලුත් අවුරුදු යෝජනා කෘත්‍රිමව ඇතුළත් කරනවා."

සිතල දිනයන්හිදී අඩු ක්‍රියාකාරිත්වය සහ අලස හැඟීමක් සහ වෙනසක් අවශ්‍ය වීම සම්බන්ධ වූ නත්තල් කාලවකවානුවේ පරිභෝජනයට ගන්නා "වැඩිපුර ආහාර සහ මත්පැන්වලින්" ප්‍රකෘති තත්ත්වයට පත්වීමට උත්සහ කිරීමෙන් බොහෝමයක් මෙවැනි දේ සිදු වේ.


එය දෙසැම්බරයේ ආරම්භ කළහොත් වඩාත් හොඳ විය හැක්කේ ඇයි?

"චර්යාත්මක දෘෂ්ටි කෝණයකින් බලනවිට අපේ ස්වභාවික වාසස්ථාන, අපේ පරිසරය හා අපේ ජීවන රටාව අවුරුද්දේ මේ කාලයේදී මන්දගාමී කරන්න නැඹුරුවක් තියෙන නිසා සරත් සෘතුවේ අග හෝ ශීත සෘතුවේ මුල ව්‍යායාම කිරීම ආරම්භ කිරීම වඩාත් සංවේදී දෙයක්," වෛද්‍ය මෙලර් පවසයි.

අඳුරු රැයවල් [ක්‍රියාශීලිව ගත කිරීමට සිතන එකෙන්] අපේ මනස් ඉවතට තල්ලු කරලා දමන නිසා එයට එරෙහිව යාම සැබෑජම ශක්තිමත් සහ ධනාත්මක දෙයක්."

වෛද්‍ය මෙලර් උපදෙස් දෙන්නේ, "ආහාර ගැනීමේ සෞඛ්‍යාරක්ෂිත ආකාරයක් පවත්වාගෙන යාමට උත්සහ කරමින්," ද සරත් කාලයේ අග සහ ශීත කාල පරිච්ඡේදයේ මුල දී කළ හැකි දිනචර්යාවක් සොයා ගන්නා ලෙස වන අතර, ඒ අනුව නව වසර උදාවන විටත් සෞඛ්‍ය පුරුදු දැනටමත් ක්‍රියාත්මක වේ.

බොහෝ දෙනෙකු, දිවීම, කායවර්ධන මධ්‍යස්ථාන හෝ කණ්ඩායම් ව්‍යායාම පන්ති සෞඛ්‍යවත් ගමනක ආරම්භයන් ලෙස තෝරාගන්නා තැන් වන අතර, Sport England වාර්තාවලට අනුව මිනිසුන් මිලියන 12.5ක් 2023 වසරේ මෙවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී තිබේ.

නමුත් සාමාන්‍යයෙන් ප්‍රතිඥාවන්ට ස්තුතිවන්ත වන්නට, ව්‍යායාම කරන ස්ථාන දෙසැම්බරයට වඩා ජනවාරියේ වඩාත් කාර්යබහුල වේ.

yh5y6754| දෙසැම්බර් මාසයට වඩා ජනවාරි මාසයේ ව්‍යායාම මධ්‍යස්ථාන කාර්ය බහුල වන බව එම මධ්‍යස්ථාන හිමියෝ පවසති.
එක්සත් රාජධානියේ ශාඛා 327ක් සහ මිලියනයකට වඩා සාමාජිකයින් සිටින Pure Gym බීබීසී පුවත් වෙත පැවසුවේ, නොවැම්බර් සහ දෙසැම්බර් කාර්ය බහුලත්වය අඩු ම මාස වන අතර ඔවුන්ගේ කාර්යබහුල ම මාසය වන්නේ ජනවාරි බව ය. තව ද 2023 ජනවාරියේදී 2022 නොවැම්බර් සහ දෙසම්බර්වලට වඩා 40%කින් පමණ කාර්ය බහුල වූ බව ඔවුහු පවසති.

නිදහස් එළිමහන් දිවීමේ වැඩසටහන් පවත්වන Parkrun සමාගම පවසන්නේ, "සාමාන්‍යයෙන් ජනවාරියේ ප්‍රබල වර්ධනයක් දකින්න පුළුවන්, විශේෂයෙන් ම පළවෙනි සෙනසුරාදා," යනුවෙනි. එක්සත් රාජධානිය තුළ ඔවුන්ට 2022 දෙසැම්බර් මාසයේ ලියාපදිංචි වීම් 26,000කට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේදී නව ලියාපදිංචි වීම් 50,000කට වැඩියෙන් ලැබී තිබේ.

පෞද්ගලික පුහුණුකරුවෙකු සහ ශරීර යෝග්‍යතා පුහුණුකරුවෙකු වන මෝර්ගන් බ්‍රාසියර් බීබීසී පුවත් වෙත පැවසුවේ, ජනවාරි ශරීර යෝග්‍යතා ඉලක්ක සපුරා ගැනීමට මිනිසුන්ට විශාල පීඩනයක් ඇති කරන බව ය.

"කවුරු හරි කියනවා නම් ජනවාරියේ පටන් අරන් මේ විශාල වෙනස කරනවා කියල, මොකක් හරි හේතුවක් නිසා ඒක වැඩ නොකළොත් ඔවුන්ට වරදකාරී හැඟීමක් ඇති වෙනවා වගේ ම අවුරුද්ද දැනටමත් නරක විදිහට පටන් අරන් තියෙන්නේ කියලා හිතෙන්න ගන්නවා," ඇය පවසයි.

fye5y6f | Sport England පවසන්නේ ශරීර යෝග්‍යතා පන්ති යනු ව්‍යායාම කරන්නන්ගේ ප්‍රියතම ක්‍රමය බව ය
නව ආරම්භකයන්ව සාමාන්‍ය හෝ අත්දැකීම් සහිත පුද්ගලයින් විසින් මග හරිනු ලැබිය හැකි නමුත් නත්තල පුරාවට කායවර්ධන මධ්‍යස්ථාන බෙහෙවින් නිහඬ නිසා, යන්ත්‍ර භාවිත කරන ආකාරය හෝ ශිල්පීය ක්‍රම දියුණු කරන ආකාරය ඉගෙන ගැනීමෙන් විශ්වාසය ගොඩනඟා ගැනීමට ඔවුන්ට "වඩාත් පහසු බවක් අත්විඳීමට," හැකි ය.


බ්‍රාසියර්ගේ අනෙකුත් උපදෙස්වලට මේවා අයත් වේ:

* කායවර්ධන මධ්‍යස්ථානයකට සම්බන්ධ වන විට ඊට අදාළව දැනුවත් වන්න - බොහෝ මධ්‍යස්ථානවල එම දැනුවත් කිරීම් සිදු කෙරෙන අතර ව්‍යායාම කිරීමට එය උපකාරී වේ.

* සැලසුමක් සමග ව්‍යායාම ආරම්භ කරන්න - ව්‍යායාම සැලසුම් කර ගැනීම සඳහා නොමිලේ පරිශීලනය කළ හැකි මූලාශ්‍ර බොහොමයක් ඉන්ටර්නෙට්හි තිබේ.

* ව්‍යායාම කිරීම‍ට මිතුරෙක් සමග යන්න - විශේෂයෙන් ම මිතුරා ව්‍යායාම සම්බන්ධයෙන් පළපුරුද්දක් සහිත අයෙකු නම් ඔබගේ විශ්වාසය ඉහළ නංවනු ඇත.

* ව්‍යායාම පන්තියකට යාමේදී පුහුණුකරු සමග කතා කිරීමට වේලාසනින් පැමිණෙන්න.

 

(සටහන | ඇනබෙල් රැකම්)

BBC සෞඛ්‍ය වාර්තාකරු
BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...